(අංජුල මහික වීරරත්න)
ගෝඨා ගෝ ගම ඉදිරියටත් ආරක්ෂා කරන අතර එම ආරක්ෂා කිරීමෙි වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ගෝඨා ගෝ ගම ආරක්ෂා කිරීම වෙනුවෙන් නගර සභාවේ උදව් උපකාර ලබා ගැනීම සඳහා නගරාධිපතිනියත් එම භූමිය අයත් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයෙකුත් එහි වැඩ කටයුතු වලට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජිතයකුත් සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයකුත් ඇතුළත් කොට කමිටුවක් ද පත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ගෝඨා ගෝ ගම පාලනය කළ යුත්තේ එතැන සිටින කණ්ඩායම මිස ආණ්ඩුව නොවේ යැයි කී අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවට තිබෙන්නේ ඊට සහයෝගය ලබා දීම බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝටාගෝගමේ අය මේකට කැමතිවෙයිද.?
ගෝඨාගෝගමට ඔබතුමා සමච්චල් කරනවා ද?
මාර වැඩක්නෙ.... ආණ්ඩුවට විරෝධය දක්වන අයට අවශ්‍ය පහසුකම් ආණ්ඩුවෙන්ම සලසන ක්‍රමේ උද්ඝෝෂණ කරන අයගෙ තරහා අඩුකරන්න ,පුලුවන් උඩින් ෂපෝට් කරල යටි උගුල් ඇදලා ,අරගලය අලකරන්න සිස්ටම් චේන්ජ්.
මොන කතාවක් ද මේ? එතැනට ආව ජනතාව කියනදේ තේරුම් ගන්නේ නැතිව ගම රකිනවලු.
ශ්‍රී ලංකාවටම වෙනසක් බලාපොරොත්තුවක් සහිතව පොදු ජනතාව, තරුණ පිරිස් ඇතුළු සියලු ජාතින් ගෝඨා ගෝ ගම ඉදිරියට පැමිණියේ වසර ගණනාවක සිට වෙනත් රටවල ක්‍රමානුකුලව සිදුවූ නමුත් ලංකාවේ සිදු වියයුතු උවත් එසේ නොවූ පුර්ණ දේශපාලන වෙනසක් "SYASTEM CHANGE" වෙනු වෙනි. සියලු දේශපාලන කණ්ඩායම් නියෝජනය කරනාවූ එකම මතයක්, එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් මානුෂිය අරගලයක යෙදෙන්නාවූ LIKE - MINDED පිරිසකි. "ගොටාගෝගමට " මේ වනවිට ජාත්‍යන්තර මධ්‍ය මගින් ප්‍රචාරයක් පවා ලැබී තිබේ. "ගොටාගෝගම" ආරක්ෂා කිරීම යනු තරුණ බලාපොරොත්තු වෙනුවෙන් පෙනිසිටිමවේ.
එහෙනම් පළමුව එතෙන්ට ප්‍රහාරයක් එල්ලකරපු මැරයන් අල්ලන්න. බොරු ආහල අහල එපා වෙලා දැන්.
අපට අවශ්‍ය වන්නේ කඩිනම් අපක්ෂපාතී පරීක්ෂණයක් සහ ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට සාධාරණය ඉටු කිරීමයි. සංවිධායකයින් සහ නායකයින් ඇතුළු සියලුම ප්‍රහාරකයින් අත්අඩංගුවට ගන්න. එවිට ජනතාව ඔබ සහ ඔබේ රජය කෙරෙහි යම් විශ්වාසයක් ගොඩනඟා ගනු ඇත. එහෙම නැතුව ඇමතිලාගේ ගෙවල් වලට ගහන සැකකරුවන් අහම්බෙන් අත්අඩංගුවට ගන්නවා පෙන්නන්න එපා.