නිමන්ති රණසිංහ
තංගල්ල වීරකැටිය මැදමුලූන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කළ නොතීසිය අවලංගු කළ කොළඹ ප්‍රධාන මහේත්‍රාත් රංග දිසානායක මහතා එය ආපසු කැදවීමට නියෝග කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම සිද්ධියේ පළමු සැකකරු වෙත ඉකුත් ජුලි මස 20 වැනිදා එලෙස නොතීසියක් නිකුත් කිරීම තුළ නෛතික වශයෙන් විශාල වරදක් සිදුව ඇති බවත්, එම නොතීසිය අභියාචනාධිකරණ නියෝගයකට පටහැනි බව පෙනී යන බවත් සදහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා තමාට හිමි බලතල අනුව එම නොතිසිය නිත්‍යානුකූලව අවලංගු කරනු ලබන බව සිය නියෝගය ඉදිරිපත් කරමින් පැවසීය.
ඒ අනුව, පළමු සැකකරුගේ නොතීසිය ආපසු කැදවූ මහෙස්ත්‍රාත්වරයා ලබන සැපැම්බර් මස 07 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට අවශ්‍ය නොවන බවද සඳහන් කරමින් එම අවංලගු කළ නොතීසිය සැකකරුවන් වෙත භාරදෙන ලෙසටද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යනකොට දෙපෝය ගෙවිල යයි දන්නෙම නැතුව.
අනාගත ජනාදිපතිව ඔහොම උසාවි කැදවන්න පුලුවනිද?
අනේ මෙහෙම රටක් කියන්න වචන නැහැ
ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා උසාවි කැඳවනවා නම් මහා බැංකුව කොල්ලකාපු අය මේ වෙකොට උල තියන්න එපාය.
මේ පවතින පාලනයතුල හොරුන්ට දඬුවම් දෙන බව, මේ රජය බලයට ගෙන්න චන්දය දුන් 62 ලක්ෂ ජනයා බලාපොරුත්තු වෙනවා නං, එක ලොකුම ලොකු විහිළුවක්. අමතක් කරලා දාන්නෙක තමා හොඳයි.
නඩු කාරයින්ට ත් නීතිය මතක නැහැ
"මේ පවතින පාලනය තුළ හොරුන්ට දඬුවම් දෙන බව, මේ රජය බලයට ගේන්න ඡන්දය දුන් 62 ලක්ෂ ජනයා බලාපොරොත්තු වෙනවා නම්, එ්ක ලොකුම ලොකු විහිළුවක්." මේ 62 ට වුවමනා හොරු අල්ලන්න මිස රට දියුණු කරන්න නොවෙයි. මේ අවුරුදු 3ටම කරපු සංවර්ධනයක් නැහැ... හොරු අල්ලන්න දුවනවා. හැබැයි ලොකු හොරකම් කරකර. මහබැංකුව මංකොල්ල කොල්ලකාපු හොරුත් සමග මේ ගොල්ලෝ ඉන්න ගමන් රටේ දසදහසක් සිංහල සොහොන් ඇතිවීම වළක්වපු මිනිහගේ තාත්තාගේ සොහොන ගැන කතා කරනවා. ගෝඨාභය මහතාණෙනි, මෙවන් සිංහලයින්වද ඔබ දෙමල ත්රස්තයින්ගෙන් බේරා ගත්තේ...?