නුවරඑළිය හා හපුතලේ මිනීමැරුම් තුනක් වාර්තාවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. නුවරඑළිය මාගස්තොටදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී හතර දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වයස අවුරුදු 50ක පිරිමියෙකු හා අවුරුදු 25ක ස්ත්‍රියක මිය ගොස් සිටිති. හපුතලේ කීනපොතදී දෙදෙනෙකු අතර බහින්බස් වීමක් දුරදිග ගොස් කැත්තකින් කපා කොටා තිස් අට හැවිරිදි පිරිමියකු ඝාතනය කැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව වෙන්න හේතුව මුල ඉදලම හැදියාවක් නැති කම....
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පුදුම දැනුමක් තියෙන මහත්තයෙක් . ලංකාවේ කොහේ මරණයක් උනත් දන්නවනේ . මන් දන්නවා රහස .... එයා නීතිඥ වරයෙක්
මිනිස්සුනේ අපේ රටට මොකක්ද මේ උනේ...
පෝදා පුවත්
පොසොන් පෝය කියල දන්නේ නැති මිනිස්සු...
ගැටුමි දෙකයි: ඝාතන තුනයි නොබෝල්.
ලංකාවේ පුවත්පතක් දිග හැර බැලූ කල මෙවන් පුවත් දෙක තුනක් දැකගත හැක................ මා ජීවත් වන රටේ මෙවන් පුවතක් ඇසීමට ලැබෙන්නේ නැති තරම්ය......... වරද කාගේද ???
අනේ අපොයි කියල හිතෙනවා.. ආශ්චර්යයක් කරා යන ලංකාවෙ අහන්න දකින්න තියෙන දේවල්...
අද රටේ හැම තැනම මිනී මැරුම් ඉතින් මරපු මිනිස්සුන්ට නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ.ඒකයි මේ විදිහට අපේ රටේ අපාරාධ වැඩි වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ.කරුණාකර මිනීමරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන්න