අත දරුවෙකු වඩාගෙන යමින් සංවිධානාත්මකව බස් මගීන්ගේ මුදල් පසුම්බි සොරකම් කිරිමේ ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට ඉදිරිපත් කළ කාන්තාවන් තිදෙනෙකු මේ මස 17 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.
කැකිරාව සෙක්කුපිටිය පදිංකාරියන් වන ගෝපාල් ජෙයා, බාලසිංහම් බාලම්මා සහ පුත්තලම වෙත්තමඩුව පදිංචිකාරියක වන අන්තෝනි මරිය සාලමා යන අය වේ. සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කරමින් තලාව පොලිසිය සඳහන් කළේ අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් බස් රථයක මගී කාන්තාවකගෙන් මෙම සැකකාරියන් රුපියල් විසි දෙදහසක් සහිත මුදල් පසුමිබියක් සොරකම් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තුන්දෙනෙක් 138 මත්තේගොඩ බස් එකකත් මේ වැඩේ කළා. මේත් එයාලාම නම් හොඳයි.දෙන්න ඕනෑ උපරිම දඬුවම්. (නි)