(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස් රථවල ගැට කපන්නකුට එරෙහි වූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට එල්ල කළ උල් පීහි පහරක් වැදී බස් රථයේ ගමන් ගත් තරුණයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි .
පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට මගින් විසින් පහරදී පිහියත් සමග පොලිසියට බාර දී ඇත.
පිළියන්දල සිට කහපොල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ ගමන්ගත් ගැට කපන්නන් දෙදෙනකු කොටගෙදර මාළු බෝක්කුව ආසන්නයේදී මගීයකුගේ ගේ මුදල් පසුම්බිය සොරා ගැනීමට උත්සාහ කිරීමේදී එය දුටු කොන්දොස්තරවරයා ඊට විරෝධය දක්වා ඇති අතර ඒ සමගම කොන්දොස්තරවරයා ගේ සහායට තවත් තරුණයන් දෙදෙනකු ඉදිරිපත් වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙහිදී බස් රථයේ කොන්දොස්තර , රියදුරු සහ තරුණයන් දෙදෙනා ගැට කපන්නන් දෙදෙනා සමග බහින් බස් වීමක් සිදුවී ඇති අතර එහිදී එක් ගැට කපන්නකු සඟවාගෙන සිටි උල් පිහියකින් කොන්දොස්තරවරයාට පහර දීමත් සමගම ඒ ආසන්නයේ සිටි තරුණයාගේ උදර ප්‍රදේශයට වැදී ඇතැයි පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගැට කපන්නාගේ පිහි පහරින් තරුණයා රෝහලට
ලීවානගේ Thursday, 09 March 2023 05:33 PM
කුඩා කාලයේ මට සිදුවූ සිද්ධියක් නිසා මට නම් ගැටකපන්නෝ කියන්නේ කෑලිකෑලි වලට කපා මරන්න හිතෙන එවුන් ටිකක් තමයි මට තියෙන්නේ... එතරම් කේන්තියක් කිව්වොත් නිවැරදියි. එහෙම එවුන්ට රැකවරණය දෙන එවුන් හා ඔවුන්ට විරුද්ධ මානව හිමිකම් කාරයෝත් ඒ ගොඩටම එකතු වෙනවා...