එප්පාවල වීදී නාට්‍යයක තොරතුරු වාර්තා කිරීමට ගිය අද පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට එප්පාව රෝහලට අද (06) උදෑසන පැමිණි මැර පිරිසක් තර්ජනය කළහ.
රෝහලෙන් පිටවී නොගියගහොත් තමා හා තම දෙමව්පියන් මරාදමන බවට මැරයෝ තර්ජනය කළ බව ඔහු පැවසීය.
රජරට මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති අතුල බණ්ඩාර මහතා පැවසුයේ මාධ්‍යවේදීයාට ආරක්ෂාව සපයන ලෙස අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක්ද කැර ඇති බවයි.
ප්‍රහාරය හෙළා දකිමින් රජරට මාධ්‍යවේදීන්ගේ සංගමය ,සමස්ත ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව ඉරිදා (07) අනුරාධපුර බස් නැවතුම්පොළ අසලදී උද්ඝෝෂණයක් කිරීමට ද යයි.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ රජරට ප්‍රබල දේශපාලනඥයකුගේ ගෝල බාලයින්ගෙන් යැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදි නාට්‍යය කරන්න දුන්නනම් වැඩිම උනොත් 200 විතර එ්ක දකීවි , දැන් මේක ගැන දෙස් විදෙස් වල ජිවත් වෙන මිලියන 10 විතර දැනගෙන , අඩුම තරමේ ඡන්ද 5000 -10000 අතර ප්‍රමාණයක් මේ නිසා රජයට අඩු වෙන්න පුළුවන් , මේක අර ධම්ම මහත්මය රජුරුවන්ට කඩුවෙන් කෙටුව වඳුරාගේ කතාවට සමාන කරලා තිබුන , මෙවැනි වඳුරන්ට විරුධව නිතිය ක්‍රියාත්මක කරන්න බැරි රජය කොහොමද ඉදිරියට අපව ප්‍රාදේශීය දේශපලකයන්ගෙන් ආරක්ෂා කරන්නේ. (ස)
රජතුමාගේ ඇඟේ වැසූ මැස්සා එලවන්න කඩුවෙන් කෙටු වඳුරාගේ ජාතියේ මිතුරන්ගෙන් නම් සිදුවෙන්නේ අවැඩක්මයි ජනපතිතුමනි.(නදී)
තියෙන්නේ පිළිතුරු දෙකයි මේවා අනුමත කරනවාද නැද්ද (දී)
මාධ්‍ය නිදහස දැන් නැහැ (දී)
මේවා කටු කන අයගේ වැඩ. (දී)
අපේ පඬිතුමාට නම් දැන් කියන්න සැහෙන්න දේවල් ඇති නේද? (දිල්)
මහින්ද මහත්තයානම් හොදයි වටේ ඉන්න අය තමයි හොද නැත්තේ (දිල්)
අට වැනිදා වෙනකල් ඉතින් ඉවසලා බලමු (දිල්)
දේශපාලනය නම් දැන් හැම කෙනකුටම එපා වෙලා (දිල්)
මේක තමයි පොදු පෙරමුණු. අනුගාමිකයන් ගේ ඡන්ද ක්‍රමය. පවතින ක්‍රමය මොන ජාතියෙන් හරි රැක ගන්න ගණන්කාර තක්කඩි පාට් දමන්නේ මොකද කියලා තේරුම් ගන්න අමාරු නැහැ. පැරදුනොත් ඉවරයි කියා මේ අය දන්නවා! (නදී)
මේ රටේ මිනිසුන්ට මැර බලයේ තරම තවමත් තේරුම් ගන්න බැරි එක හරිම පුදුමයක්. අහෝ අපේ රටට ගිය කලක්. (දිල්)
ඇසිලින් අක්කට කඩේ යන්න තියෙන නිදහස වගේද ? (නදී)
මේක යකාට ගිය රටක්නේ . එච්චර හයියක් කොහෙන්ද මේ දේශලාලකයන්ට අවේ. මාධ්‍ය වේදීන් කියන්නේ අපේ සැබෑ සන්නිවේදනය. සැමදා අපි ඔබ සමගයි. (ම)
සජිත් ඔය ඔබතුමා කියන මාධ්‍ය නිදහස තියෙන්නේ අන්තර්ජාලයේ විතරයි. අපි මේ ලියන ඒවා ලංකාවේ පත්තර වලට ලිව්වා නම් අපිටත්, අපේ පවුල් වල උදවියටත් අබසරණයි. (නදී)
නිදහස් මාධ්‍ය (නදී)
හරිම අසාධාරණයි මාධ්‍යවේදීයාට ගහපු එක (දිල්)
කියන මාධ්‍ය නිදහස කෝ ?(හේ)
ලංකාවේ ඉන්නේ නුගත් ජන කොටසක් (නදී)
මාධ්‍යෙව්දියෙකුගේ අගය දන්නැති ලෝකේ මේ කතාවත් හෙට වෙනකොට අමතක වේවි (නදී)
ඕකට කියන්නේ, මාධ්‍ය නිදහස කියල පුතේ. (නදී)
දැන් චන්දය කරවන්න පාතාලය කැදවල තියෙන්නේ. ඉදිරියේදී මීට වඩා දරුණු දේවල් බලාපොරොත්තු වෙන්න සිද්ද වෙනවා.(නදී)
“මට උඹේ ඇස් ඉදිරිපිටදීම උඹේ අම්මයි තාත්තයි මරන්න ආසයි“ - මැරයෝ ඊයේ පහර දුන් ප්‍රාදේශීය මාධ්‍යවේදියාට අද යලිත් තර්ජනය කරති (නදී)
කුඩු ගෙන්වන අය තමා වැඩි පුරාම බය වෙලා තියෙන්නේ.දැන් නම් ඉතිරි වෙලා ඉන්න ඇමතියන්ටත් රට ගැන හිතන්න කාලය ඇවිත්.(නදී)
මෙවැනි දේවල් වෙනස් කරන්න මාද්‍ය වේදීන්ට බොහෝ දේ කල හැකි බව මාගේ හැගීමයි.(නදී)
මාධ්‍යවේදියා බොරුවට ගුටි කාල රෝහල් ගත වුනහම තමා හා තම දෙමව්පියන් මරාදමන බවට තර්ජනය කිරීම වරදක් කියල මමනම් දකින්නේ නැහැ. (නදී)
ඔය රටේ පොලිසියක් කියල දෙයක් නැද්ද?(නදී)
ඔය කියන ප්‍රබල දේශපාලනඥයාට නමක් නැද්ද?(හේ)
දැන් රටේ මාධ්‍ය නිදහසක් නෑ.(හේ)
ආසියාවේ ආශ්චර්ය! (නදී)
මොකද අපට ගහන්නවත් නිදහස නැතිද? ඒකත් නැති කරන්නද හදන්නේ. අපි යනවා ජිනිවා. (නදී)
මේ වෙලාවේ ඉතින් මව්පියන් නෙවෙයි සමහරුන්ගේ මුතුන් මිත්තන් තමයි අපිට මතක් වෙන්නේ. (නදී)
මාධ්‍ය නිදහස පමණක් නෙවෙයි සියලු ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහමුලින්ම නැති කරලයි දැන් තියෙන්නේ, (හේ)
කෝ ඔය බෙරිහන් දෙන මානව නිදහස. සේරම හරබර වචන පිට කරනවා විතරයි. සමහර වෙලාවට ඔය කතා කරන්නේ කටින්ද නැතිනම් වෙන තැනකිවත්ද කියල ..(නදී)
ශ්රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය ද..? ශ්‍රී ලංකා ඒකාධිපති ජනරජයද? (නදී)
පොලිසිය නිදිද? රෙකොර්ඩ් වෙලත් ඇයි අල්ලන්නේ නැත්තේ ? (දී)
මොන ප්‍රබල කමක්ද 9 දායින් පස්සේ බොහෝ වේලාවට දුබල අැම්බට්ටයෝ වෙනවා (නදී)
දැන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරල නම් කට්ටිය කොහොමද මෙහෙම නිදහසේ විවේචනය කරල කමෙන්ට් දාන්නේ? එෆ් බී එකේ ආණ්ඩුව පතුරැ ගහන්නේ. හැමදේම සාපේක්ෂයි. අතීතයේ තිබුණට වඩා දැන් මාධ්‍යට නිදහස තියෙනවා. ඒක තව වර්ධනය වෙන්න ඕන කියන එක මමත් පිලිගන්නවා. ඒත් “දැන් මාධ්‍ය නිදහස නෑ“ කියල කියනකොට ඕන කෙනෙකුට හිතෙන්නෙ ඉස්සර ඒක තිබුණා දැන් නෑ කියලයි. මතක තියෙන අය මතක් කරල බලන්න තිබුණ නිදහස. (දී)
යුද අදිකරණයට යන්නම පාර කපා ගන්නවා .(හේ)
ඔයා හරි සජිත් .. මේ රටේ එක කාලයක් තිබුණා කතා කරන්නත් බය, මාද්‍ය නිදහස කෙසේ වෙතත්. හොඳ වෙලාවට ඒ කාලේ ෆේස් බුක් තිබුනේ නැහැ. (දී)
මාධ්‍ය නිදහසක් නැති නිසානේ මයිත්‍රී මහත්තය කියන්නේ සම්පුර්න මාධ්‍ය නිදහස දෙන්නම් කියල.(නදී)
ඉස්සරටත් වඩා මාධ්‍ය නිදහස තියෙනවා කියන ඇමතිලට මොකද්ද දැන් කියන්න තියෙන්නේ (දී)
දෙසපාලනඥයාගේ නම සඳහන් කරන්න මාධ්‍ය බයයි. එකයි මාධ්‍ය නිදහස කියන්නේ. (දී)
මේක තමයි මාධ්‍ය නිදහස (දී)
ජනවාරි 8 වෙනිදා පෙන්නන්න එප්පාවල ජනතාවගේ බලේ (නදී)
මේවා ජාත්‍යන්තරයට ආරංචි වෙනකොට ඊළඟට බනිවි කවුරු හරි කුමන්ත්‍රණ කළා කියලා. (හේ)
මාධ්‍ය නිදහස , ඇහුන්කන් දීමේ නිදහස , අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දැන් මේ රටින් පිටරට පටවලා ද කොහෙද !(හේ)
මේක ජවනිකාවේම කොටසක්.ඕනෙම දෙයකට නිදහස ඇත.(හේ)
ඔක්කොම සෙල්ලම් 8 න් පස්සේ අවසාන වෙනවා..(නදී)