කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති කාර්යාලයේදී සිසුන් පිරිසකගෙන් පහරකෑමට ලක්වූ බව කියන ගුරුවරයා අද (13) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් ඉදිරිපත් කළේය.
ඊ එන් සුසන්ත හේරත් නම් එම ගුරුවරයාට පහරදුන් සිසුන් සහ ඊට අනුබලදුන් පිරිස මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු නොකිරීමෙන් සිය අයිතිවාසිකම් කඩවූ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ගුරුවරයා පොලිස් මූලස්ථානයට පැමිනිලි කරමින් ඉල්ලා ඇත්තේ තමාට පහදුරන් සහ ඊට අනුබල දුන් පිරිස වහා අත්අඩංගුවට ගන්නා ලෙසයි.
මෙම පාසලේ සිදුවී යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සුසන්ත හේරත් ගුරුවරයා ඇතුලු පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා අල්ලස් කොමිසමට ගියහ.
ඊට පසුදින එනම් සිකුරාදා ඔහු සේවයට වාර්තා කිරීමට යද්දි විදුහල්පති කාර්යාලයේදී විදුහල්පති සහ තවත් ගුරුවරියක් ඉදිරිපිට පහරදීම සිදුවූ බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
සුසන්ත හේරත් ගුරුවරයාට විදුහල්පති ඉදිරිපිටදී සිසුන් පිරිසක් පහරදෙනු තමා දුටු බවත් තමාටද එම පිරිස තර්ජනය කළ බවත් පාසලේ ගුරුවරියක පොලිසියට කටඋත්තරයක් දෙමින් කියා තිබේ.
කොළඹ නාලන්දා විද්‍යාලයේ දිගින් දිගටම ඇතිවන ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් කිසිවක් කර නැතැයිද, කඩිනමින් පාසල් පරිපාලනයට එරෙහිව ක්‍රියාත්මක වන ලෙසද, ලංකා ගුරු සංගමය ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලිඛිතව ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අධ්‍යාපන ඇමතිලා ඉන්න රටක මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ (බ)
පාසලේ නම කැතවෙනවා මේ දෙගොල්ලන්ගේම වැඩ වලින් (නි)
පොලිසිවල ඉන්න අයගෙන් කීයෙන් කීදෙනාටද කොන්දක් තියෙන්නේ? (ම)
මාත් ආදී නාලන්දියෙක්. දැන් විදුහල තුළ තිබෙන තත්වය ගැන ගොඩාක් දුකයි. විනය අන්තෙටම පිරිහිලා. මැර කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා පාසල තුළදීම. අදාළ බලධාරීන් නම් නිහඬ බව පැහැදිලියි. මොකක්හරි රහසක් තියෙනවා. (නි)
විනය අතින් ඉහළින්ම බැබලුනු මගේ නාලන්ද විද්‍යාලයේ නම තවදුරත් කැත නොකර නීතිය හරිහැටි ක්‍රියාත්මක කර විද්‍යාලය දූෂිතයන්ගෙන් බේරා දෙන්න (නි)
මේකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි.(හේ)
දේශපාලුවන්ගේ හෙන්චයියලා දාලා ලංකාවේ හැමදේම මුල සිට අගටම අවුල්වෙලා. (නි)