භාරතීය ජනතා පක්ෂ සන්ධානය, පාලක කොංග‍්‍රස් පක්ෂය අභිබවා අතිවිශිෂ්ට ජයක් හිමි කර ගන්නා ලකුණු පෙන්නුම් කිරීමත් සමඟ ඉන්දියාවේ මීළඟ අගමැති ධුරයට පත් වනු ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධුර අපේක්ෂය නරේන්ද්‍ර මොඩිය.
63 හැවිරිදි මෝඩි, ගුජරාට ප‍්‍රාන්තයේ මහ ඇමැති ලෙස 13 වසරක් පුරා ගුජරාටය ප‍්‍රාන්තය දියුණු කිරීමෙහිලා කැපී පෙනෙන සේවයක් ඉටු කළේ මෝඩිය.
මෝඩි ජාතික නායකත්වයකට සුදුසු යැයි භාරතීය ජනතා පක්ෂය තීරණය කළේ ද එහෙයිනි.
මෙවර මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂයට ශක්තියක් වූයේ මෝඩි බව කාටත් රහසක් නොවේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෝඩිගේ මාපියෝ බටහිර ගුජරාටයේ අඩු කුලයකට අයත් වූවෝය. මෝඩි දැඩි හින්දු ජාතික වාදියෙකි. මෝඩි ලාබාල වියේ දී යෝජිත විවාහයකට අනුව විවාහ වූ බව පැවැසුණි. මෝඩිගේ පෞද්ගලික ජීවිතය කාටත් රහසක් විය. කෙසේ නමුත් ඔහු පසුගියදා කියා සිටියේ 62 හැවිරිදි පාසල් ගුරුවරියක සමඟ තමන් විවාහ වුණු බවය.
ගුජරාටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිළීම සම්බන්ධයෙන් මෝඩිට චෝදනා එල්ල වී ඇත. ඒ, 2002 වසරේදීය. රටේ යහ පාලනනය ඇති කිරීම සහ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට මෝඩිගේ මැතිවරණ ඉලක්ක විය. මෝඩි අගමැති ධුරයේ දිවුරුම් දීම සහ නව රජයක් පිහිටුවීම ලබන 31 වැනිදා සිදුවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරේන්ද්‍ර ලංකාව ඇතුළු ලෝකයේම ඉන්න හින්දු ජාතිකයන් ගැන තමිල්නාඩුවේ දී කියලා තියෙනවා. බලමුකෝ මොකද්ද පුළුවන් කියලා. (ස)
බලාපොරොත්තු තියාගෙන පමණක් සිටියොත් කවදාවත් අපට අවශ්‍ය දේ ඔහුගෙන් ඉටු නොවනු ඇත. එබැවින් අපිට ඔහුගෙන් අවශ්‍ය වන දේ අප විසින්ම තැනට අවැසි වේලාවට ඉටුකරගැනීමට කටයුතු කලයුතු වෙමු. (මුදී)
සුරත් ,ඔයා අපේ රටට මොන වගේ වාසියක්ද මේ නව පාලකයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ?.පැහැදිලි මදි .(මුදී)
මනෝජ් අපි බලාපොරොත්තුවෙන වාසිය තමයි ඉන්දියාව අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට ඇඟිලි නොගහන එක. නැතුව මැච් පැරදුනාට හිලව්වට බස් දෙන්නයි, ලොකු කොමිස්වලට කෝච්චි දෙන්නයි වගේ සිල්ලර වැඩ නෙවෙයි.(මුදී)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හොඳයි. නව වෙනසක් තිබෙනවා (නි)
අමිල ,මම නම් දන්නා ඉතිහාසේ ඉදන් ඉන්දියාව අපේ රටට කෙනහිලි කම් තමා කරලා තියෙන්නේ ,ඔය මොන පක්ෂෙයක් බලයට ආවත් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැ. දැන් අායෙත් කොටි සංවිදානය [14 වෙනිදා සිට ]අවුරුදු 5 ට තහනම් කරලා තියනවා .අලුත් රජය මේ තහනම ඉවත් කරයි කියල ඔබ සිතනවද ?.ලංකාවේ තමා ආණ්ඩු වෙනස් වෙනකොට ප්‍රතිපත්තිත් වෙනස් වෙන්නේ .ඔය බස් ,කොච්චි ගැනනම් මම දන්නැ . (ස)
අල්ලස, දුෂණය, වංචාව, නාස්තිය සිදුකරන වෙනත් රටවල ආණ්ඩු වලට මේවා හොඳ පාඩම් (නි)
ගුජරාටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිළීම සම්බන්ධයෙන් මෝඩිට චෝදනා එල්ල වී ඇත. මේ පාලකයාගෙන් අපේ රටට වාසියක් වේවි කියා බලාපොරොත්තු තියා ගත හැකිද? (ස)
මොහු ලංකාවේ යුද්ධය පවා දකින්නේහින්දුබ්න්ට එරෙහිව කල යුද්ධයක් විදිහට. මෑතකදී ඔහු තමිල් නාදුවේදී කියා සිටියේ මොහේ බලයට පැමිණීමෙන් පසු ලංකාව ගැන බලා ගන්නම් කියා (දී)