භාරතීය ජනතා පක්ෂ සන්ධානය, පාලක කොංග‍්‍රස් පක්ෂය අභිබවා අතිවිශිෂ්ට ජයක් හිමි කර ගන්නා ලකුණු පෙන්නුම් කිරීමත් සමඟ ඉන්දියාවේ මීළඟ අගමැති ධුරයට පත් වනු ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධුර අපේක්ෂය නරේන්ද්‍ර මොඩිය.
63 හැවිරිදි මෝඩි, ගුජරාට ප‍්‍රාන්තයේ මහ ඇමැති ලෙස 13 වසරක් පුරා ගුජරාටය ප‍්‍රාන්තය දියුණු කිරීමෙහිලා කැපී පෙනෙන සේවයක් ඉටු කළේ මෝඩිය.
මෝඩි ජාතික නායකත්වයකට සුදුසු යැයි භාරතීය ජනතා පක්ෂය තීරණය කළේ ද එහෙයිනි.
මෙවර මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂයට ශක්තියක් වූයේ මෝඩි බව කාටත් රහසක් නොවේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෝඩිගේ මාපියෝ බටහිර ගුජරාටයේ අඩු කුලයකට අයත් වූවෝය. මෝඩි දැඩි හින්දු ජාතික වාදියෙකි. මෝඩි ලාබාල වියේ දී යෝජිත විවාහයකට අනුව විවාහ වූ බව පැවැසුණි. මෝඩිගේ පෞද්ගලික ජීවිතය කාටත් රහසක් විය. කෙසේ නමුත් ඔහු පසුගියදා කියා සිටියේ 62 හැවිරිදි පාසල් ගුරුවරියක සමඟ තමන් විවාහ වුණු බවය.
ගුජරාටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිළීම සම්බන්ධයෙන් මෝඩිට චෝදනා එල්ල වී ඇත. ඒ, 2002 වසරේදීය. රටේ යහ පාලනනය ඇති කිරීම සහ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට මෝඩිගේ මැතිවරණ ඉලක්ක විය. මෝඩි අගමැති ධුරයේ දිවුරුම් දීම සහ නව රජයක් පිහිටුවීම ලබන 31 වැනිදා සිදුවනු ඇත.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුජරාටයෙන් නවදිල්ලියට
නිසාර් Friday, 16 May 2014 01:44 PM
නරේන්ද්‍ර ලංකාව ඇතුළු ලෝකයේම ඉන්න හින්දු ජාතිකයන් ගැන තමිල්නාඩුවේ දී කියලා තියෙනවා. බලමුකෝ මොකද්ද පුළුවන් කියලා. (ස)
නිරාජ් Friday, 16 May 2014 02:01 PM
බලාපොරොත්තු තියාගෙන පමණක් සිටියොත් කවදාවත් අපට අවශ්‍ය දේ ඔහුගෙන් ඉටු නොවනු ඇත. එබැවින් අපිට ඔහුගෙන් අවශ්‍ය වන දේ අප විසින්ම තැනට අවැසි වේලාවට ඉටුකරගැනීමට කටයුතු කලයුතු වෙමු. (මුදී)
මනෝජ්-සාජා Friday, 16 May 2014 02:06 PM
සුරත් ,ඔයා අපේ රටට මොන වගේ වාසියක්ද මේ නව පාලකයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ?.පැහැදිලි මදි .(මුදී)
අමිල Friday, 16 May 2014 02:45 PM
මනෝජ් අපි බලාපොරොත්තුවෙන වාසිය තමයි ඉන්දියාව අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට ඇඟිලි නොගහන එක. නැතුව මැච් පැරදුනාට හිලව්වට බස් දෙන්නයි, ලොකු කොමිස්වලට කෝච්චි දෙන්නයි වගේ සිල්ලර වැඩ නෙවෙයි.(මුදී)
ෆර්ඩීන් Friday, 16 May 2014 03:46 PM
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
සාරුක් Friday, 16 May 2014 03:46 PM
හොඳයි. නව වෙනසක් තිබෙනවා (නි)
මනෝජ්-සාජා Friday, 16 May 2014 03:52 PM
අමිල ,මම නම් දන්නා ඉතිහාසේ ඉදන් ඉන්දියාව අපේ රටට කෙනහිලි කම් තමා කරලා තියෙන්නේ ,ඔය මොන පක්ෂෙයක් බලයට ආවත් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැ. දැන් අායෙත් කොටි සංවිදානය [14 වෙනිදා සිට ]අවුරුදු 5 ට තහනම් කරලා තියනවා .අලුත් රජය මේ තහනම ඉවත් කරයි කියල ඔබ සිතනවද ?.ලංකාවේ තමා ආණ්ඩු වෙනස් වෙනකොට ප්‍රතිපත්තිත් වෙනස් වෙන්නේ .ඔය බස් ,කොච්චි ගැනනම් මම දන්නැ . (ස)
ආසිරි Saturday, 17 May 2014 09:18 AM
අල්ලස, දුෂණය, වංචාව, නාස්තිය සිදුකරන වෙනත් රටවල ආණ්ඩු වලට මේවා හොඳ පාඩම් (නි)
සුරත් Friday, 16 May 2014 12:47 PM
ගුජරාටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිළීම සම්බන්ධයෙන් මෝඩිට චෝදනා එල්ල වී ඇත. මේ පාලකයාගෙන් අපේ රටට වාසියක් වේවි කියා බලාපොරොත්තු තියා ගත හැකිද? (ස)
නිරෝෂන් නිරෝශාත් Friday, 16 May 2014 01:18 PM
මොහු ලංකාවේ යුද්ධය පවා දකින්නේහින්දුබ්න්ට එරෙහිව කල යුද්ධයක් විදිහට. මෑතකදී ඔහු තමිල් නාදුවේදී කියා සිටියේ මොහේ බලයට පැමිණීමෙන් පසු ලංකාව ගැන බලා ගන්නම් කියා (දී)