(අංජුල මහික වීරරත්න)
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 84 වියේ පසුවිය.
කැමිලස්ගේ ගජ මෑන් මෙරට අතිශය ජනාදරයට පත් වූ කාටූන් චිත්‍ර කතාවක් වූ අතර එම චිත්‍රකතාව ඇසුරින් මෑත කාලයේදී නිෂ්පාදනය කෙරුණු ගජ මෑන් චිත්‍රපටයද ජනාදරයට පත්විය. කැමිලස් පෙරේරා 1939 දෙසැම්බර් 1 වැනිදා මීගමුවේ උපත ලැබූ අතර පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.
1964 වසරේදී ලේක්හවුස් ආයතනයේ “සරසවිය” පුවත්පතින් කැමිලස් පෙරේරා මහතා කාටූන් චිත්‍රකතා නිර්මාණයට පිවිසිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දේශපාලනය රටේ මිනිස්සුන්ගේ විවිධාකාර ආකල්ප, මතිමතාන්තර පිළිබඳව මෙතුමාට තිබුනේ මහා පුදුමාකාර අවබෝධයක්, දැනුමක්. ඒ බොහෝ දේ සරල කාටුන් චිත්‍රයට ගෙනැවිත් අපට ඉදිරිපත් කරපු ආකාරය ආයෙත් වසර සිය ගාණකටවත් වෙන කෙනෙකුට කළ නොහැකියි. මම මෙතුමාගේ කාටුන් වල අගය දැන සිටියේ 1970 දශකයේ යන්තම් අකුරු ගලපාගෙන පත්තරයක් කියවා ගන්න පුළුවන් වයසේ සිට සිළුමිණේ සිරිබිරිස් මිහිර පත්තරයේ ටික්කා කියන කාටුන් චරිත වලිනුයි. ඒ සමහර කාටුන්වල තිබුණු දේවල් අදටත් මතකයේ තියෙනවා...
සිරිබිරිස්, දොන්සිමන්ගේ ඉඳලා, කුඩාකාලේ ඉඳලා අපිව රසවත් කළ ජ්‍යෙෂ්ඨ කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා..!
දොන් සිමන් නොවේ. දොන් සේතං. ජනතා පත්තරේ තිබුනේ. පව්ලේ අනිත් අය සිමෝනා, මෙරායා සහ ලපයා. අපි පාසල් යනකාලෙ තිබුණේ.1969/70 කාලේදී... ඔබට ස්තූතියි. මතකය අවදි කළාට...!
ඇත්තටම කණගාටුයි. රටේ ඇත්ත තත්වය වචනයෙන් කියාගන්න බැරිව හිටපු මිනිස්සුන්ට ඒ අමතක රටට කාටුන් වලින් පෙන්නපු ඔබ කළේ ජාතික මෙහෙවරක්... නිවන් දකිත්වා...
සුභ ගමන්
මා කුඩාම කලේ බලපු ගජමෑන් බොමහොම රසබර හාස්සය නන් වන කථා එවා.නමුත් දැන් එවනි කාටූන් ඇදන්න මුනිසුන් සිටිද කියලත් හිතේනවා.මහත්මයාණනි ඔබට නිවන්සුව ලැබේවා....!මිට යු .සර් .කේ .පතිරගේ.
ඔබේ රටේ ජනතාව වෙනුවෙන් අපමණ මෙහෙයක් කල අයෙක් .නිවන් සුව ලැබේවා
ඔබතුමාට නිවන් සුව ලැබේවා..!!!
මුවට සිනහාවක් නිතරම අපට ලබා දුන් ඔබට නිවන් සුව ලැබේවා