1985 පමණ සිට මෙරට පරිසර ඇමැතිවරුන් කොතෙකුත් සිටියද මෙවන් නායයෑම් ගංවතුරුවලින් සිදුවන විනාශ නැවැත්විමට හෝ අවම කිරිමට ඔවුන්ගෙන් කිසිම අනුබලයක් ලැබී නැති බවත් ඉදිරියේදි මුහුදු ජලය රට තුළට පැමිණීමේ අවදානමක් ඇති බවත් ඊට ඔවුන් වගකිව යුතු බවත් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පැවැසිය.
වසර 2050 දි සාගර ජල මට්ටම මීටර් 3 සිට 5 දක්වා ඉහළ යන බවට දේශගුණ,සාගර විද්‍යාඥයන් පවසා ඇති බවත් එහි බලපැම් මගින් වෙරළ පරිසරයට විශාල විනාශයක් සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ අනුව මුහුදු ජලය රට තුළට පැමිණීමේ, ජල ගැලිම් ඇතිවිමේ හා නායයැම් බහුල වීම ආදියේ අඩු විමක් ඇති නොවන බව ද මහචාර්යවරයා කීය.
ශ්‍රි ලංකාවේ මධ්‍ය කඳුකරයේ සිට ගලා යන ගංගා පද්ධතියෙන් අනවශ්‍ය ලෙස වැලි ඉවත් කිරිම පසුගිය දශක දෙකේ අධිකව සිදු කෙරුන අතර එයට කුමන ආකාරයේ නිති රිති දමා තිබුනද එම ක්‍රියාවන් නතර කිරිමට කිසිම රජයකට හැකිවුයේ නැති බවත් මේ නිසා අනාගතයේදි වෙරළ ඉම ප්‍රදේශවල සිට රට තුළට කිලෝමීටර් ගණනාවක් මුහුදු ජලය පැමිණීම වැළැක්විය නොහැකි බවද අනාගතයේදි වෙරළබඩ ජනතාව බීමට ගන්නා ජලය පිළිබද ගැටලු වලට වැඩිවශයෙන් මුහුණ දිමට සිදුවන කටුපොත මහතා සඳහන් කළේය.
සුර්යයා හා චන්ද්‍රයාගේ බලපෑමෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණය සහ පෘතුවියේ බ්‍රමණය හේතුකොට ගෙන ඇතිවන උදම් නිසා මුහුදු ජල මට්ටම ඉහළ නැගිම් හා පහළ බැසිම් සිදුවන බවත් මෙය දෛනිකව සිදුවන ක්‍රියාවලියක් වන අතර සෘතුමය වශයෙන්ද වෙනස්කම් ඇතිවන අතර සමක ආසන්න ප්‍රදේශ වල හා සෞම්‍ය කලාපික ප්‍රදේශ වල සිට ද්‍රව ප්‍රදේශ වලට ආසන්න වන විට එහි අන්තරයන් විශාල වන අතර සමහර ස්ථාන වල මීටර් 18 ක් 22 ක් පමණ වන බවත් නමුත් ශ්‍රි ලංකාව වටා මුහුදේ මෙම සාගර ජලය ඉහළ පහළ යෑම අවමය සෙන්ටි මීටර් 2 ක් පමණ සිට උපරිමය සෙන්ටිමීටර් 90 ක් පමණ වෙන බවද පැවසූ මහාචාර්යවරයා 2016 මැයි මාසයේ මුල් සතියේ එම ප්‍රමාණය සෙන්ටිමීටර් 110 ක් දක්වා ඉහළ ගිය බවද අධික වර්ශාව පැවැති 17 - 21 දින දක්වා එය සෙන්ටිමීටර් 81 දක්වා පහළ බැස තිබු බවද කීවේය.
ස්වභාවික වෘක්ෂලතා විනාශය, අනවසර මැණික් ගැරිම, වැලි ගොඩ දැමිම, රක්ෂිත වනාන්තර ආක්‍රමණය කර ඒවා විනාශ කිරිම පසුගිය දශක දෙකේ පැහැදිලිවම වැඩි වී ඇති අතර ගල් වෙඩි සිය දහස් ගණනින් මධ්‍ය කඳුකර ආශ්‍රයේ පිපිරවීම සිදු කෙරුණු අතර උදාහරණ වශයෙන් බණ්ඩාරවෙල,කොස්ලන්ද, අරණායක වැනි ප්‍රදේශද නාය යෑමට ඒවා හේතු වූ බවද ඔහු කීවේය.
එසේම ගම්පහ සහ කුරුණැගල දිස්ත්‍රික්ක වල තවමත් කරගෙනු යනු ලබන ලබන පස් කැපිමේ කටයුතු තවමත් නතර කරගත කිරිමට නොහැකි වි ඇති අතර එමගින්ද පාංශු ඛාදනය හා ගංවතුර උවදුරු පැහැදිලිව දැකිය හැකි බවත් ඔහු සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතක වුණාද කෑලෑ කපන එකත්, අර උඩහට වෙන්න? (නි)
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. (අ)
ඕවා මේ කණෙන් අහලා අනිත් කණෙන් පිටකරන අයනේ මේ රටේ ඉන්නේ (නි)
ගඟ ජඹුර වූ නිසා කැළණි මිටියාවතේ ගංවතුර 60 දශකයේ සිට අඩුවුණා. ඒ නිසා තද වැස්සට ගඟ පිට දැම්මේ නැහැ. මෙවර ගඟ හරහා ළඟදී ඉදිකළ බැම්ම නිසා කැළණි මිටියාවත විනාශ වුණා (නි)
මෙය ඇමතිවරුන් පිට පමණක් පටවන්න බැහැ. අපි සියල්ලම වගකිවයුතුයි නේද? (නි)
කුමන දේශපාලනයකට හෝ ගැති නොවන උගත් බුද්ධිමතුන්ගේ අදහස් වලට වඩා, දේශපාලන බලපෙරේතයන්ගේ අණට නැවෙන පරිපාලන නිලධාරීන් පිරිසක් සහ දේශපාලන ගැත්තන් ඉන්න රටකට මෙවැනි බුද්ධිමතුන්ගේ ප්‍රකාශ සහ උපදෙස් වලින් වැඩක් වේද? (නි)
ඇයි චතුරි දියවන්නාව ගොඩකරලා පාර්ලිමේන්තුවක් හැදුව එක ගැන ලියන්න අමතක වුණාද? (නි)
මේවා මේ කාලයට කියන කතා. බලන්න මාස දෙකක් යනකොට මේවා කතා කරයිද කියලා. සුනාමි දවස් වල මීටර් 100 කට එළියේ ඉදිකිරීම් කළයුතුයි කියලා නීතියක් අාවා. දැන් රත්මලාන හරියේ දුම්රියෙන් යනකොට පේනවා ගෙවල් අලුතින් හදනවා. සුනාමි අා දවසක් අායෙත් කියයි කලින් නීතිය. (නි)
සේනානායක මැතිතුමා කලින් දැනගත්තා නම් මේ වගේ දේශපාලුවො ලංකාවේ ඉන්නවා කියලා, නිදහස ගන්න හිතන්නෙවත් නැතිවෙයි (නි)
පරිසරය බාර අපේ ජනාධිපති තුමානෙ එතුමා ලංකාදීප බලන වෙලාවක ඕක දැන ගනීවි මහත්තයෝ (බ)
ඉස්සර කාලේ රජ ගොල්ලෝ වැව් ගංගා ,පාලම් මේ හැමදෙයක්ම හැදුවා ඒ පිහිටෙන් කල්ප කාලයක් මිනිසුන් ඒවායින් ප්‍රයෝජන ගත්තා , හිටපු ගමන් දැන් රජවරු බිහිවෙලා ඒවා. කඩලා නිදාන හෙව්වා දිගට ම රජවෙලා ඉන්න ,ඒවගේම ජලය බහින තැන ගොඩකර හිතවත් කට්ටිය. සමග බෙදා ගන්නවා මේවගේ රජවරුනම් නැවත පහළ නොවේවා (බ)
ඇයි දෙවියනේ 1985 පසුවද ගැන වතුරයි නාය යාම් අාවේ ඊට කලින් තිබුනේ නැද්ද? ඊට කලින් තිබුන නමුත් මිනිසුන් එම සථානවල පදිංචි වුනේ නැහැ. දැන් රජයෙන් අවසර නොදුන්නත් මිනිසුන් වගුරුබිම් ගොඩකරගෙන පදිංචි වෙනවා. 1970 ගණන් වල වැල්ලම්පිටිය තිබුණු වගුරු බිම් එකක්වත් දැන් නැහැ ඒවා ගොඩ කරගෙන ගෙවල් හදාගෙන. පොළොවේ පිහිටීම අනුව ගලන වැහිවතුරට යන්න තැනක් නැති නිසා පළාතම යට කර ගන්නවා. (බ)
ලංකව තුළ ඉදිකර ඇති ගොඩනැගිලි වල ප්‍රමිතිය ඉතාම පහත්. භූ ගර්භයේ සිදුවන වෙනස් සිදුවීම් අනුව භූමිකම්පාවක් ඇතිවුණහොත් ඉතාම අඩුම කාලයකින් හයිටි රාජ්‍යයේ ඇතිවුණ ඛේදවාචකයට වැඩි දරුණු විනාශයක් ලංකාව තුළ සිදුවීම වැළැක්විය නොහැකි බව මගේ අත්දැකීම සහ විශ්වාසයයි (නි)
සම්පුර්ණ ඇත්ත (බ)
පාලකයින්ට මේවා කොච්චර කිව්වත් වැඩක් නැහැ .බීරි අලින්ට වීනා වාදනය කලා වගේ තමයි .(හේ)
අපේ අහවල් මහත්තයා තවම මේ ගැන පත්තරයෙන් කියවලා දැනගෙන නැතුව ඇති. නැත්නම් ඕක මෙලහකට නවත්තලා. (නි)