පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පස් දෙනෙක් හා සිසුවියක් මහවැලි ගගේ කලුගමුව ගග ආශ්‍රිතව දිය නෑමට පැමිණ අසභ්‍ය ලෙස හැසිරුණු බව කියමින් ගම්වැසියෝ සිදු කළ පැමිණිල්ලක් මත ඔවුන් අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.
ගම්මානයේ පිරිස් පැමිණ එම සිසුන් පැමිණි යතුරුපැදි තුනක රෝද වල හුලං ඇර කපා දමා ඇති බවත් ඉන් පසු ඔවුන් 119 දුරකතන අංකයට පැමිණිලි කිරීමෙන් පසු පේරාදෙණිය පොලිසිය එහි පැමිණ ඇති බවත් කියති.
සිසුන් බිමත්ව සිට ඇති බවට පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයකු ලවා අධිකරණ වෛද්‍ය වාර්තාවක්ද ලැබී ඇති බවත් අධ්‍යාපනය ලබන සිසුන් බැවින් පොලිසිය ඔවුන්ට අවවාද කර ශිෂ්‍යාව ඇයගේ සහෝදරයාට ද බාරදි මුදා හැරි බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් වැඩේ හුලං ඇරලා ඒ මදිවට ටයර් කපලා මුන්ට කෙල්ලෙක් කොල්ලොත් එක්ක නානවා බලන් ඉන්න බැරුව ඉරිසියාවේ කරපු වැඩක්. (ම)
අහිංසක ළමයි පිරිසක් විනෝද වෙනවා උහුලන්න බැරි අයගේ ක්‍රියාවක් බවයි පෙනෙන්නේ. ගැහැණු ළමය දැක්කම කට්ටියට ඉවසුම් නැති වෙන්න ඇති. විශ්ව විද්‍යාලේ ළමයි එහෙම තමන්ගේ මිතුරියන්ට කරදර කළ අවස්ථාවක් අහලම නෑ. (බ)
ජෙප්පන්ගේ වැඩ (බ)
කොහොම වුණත් නාන තැන්වල බොන්න හොඳ නෑ. එකක් තමයි ඔතන හිස් බෝතල් කුඩු කරලා, ජරාව විසි කරලා, පරිසරය විනාස කරලා යකා නටනවා. අනෙක තමයි බීල පිස්සු කෙලලා දියේ ගිලිලා මැරෙනවා. (ම)
විශ්ව විද්‍යාල නොවේ මොන විද්‍යාල වල ගියත් ගමකට ගියාම දැනගන්න ඕන හැසිරෙන විදිහ , නගරේ වගේ නොවේ ගම , දැන් පරම්පරාව කිසිම චාරයක් නැහැනේ , මෙයාලට හොද ගුණ ධර්ම කියා දෙන්න ඕන (ම)
නිදහස් අධ්‍යාපනයට අත නොතබනු (බ)
අනුන් නාන තැන බලන් හිටියේ ඇයි? ඒකනේ වරද. (බ)
නානවා විතරක් නම් මිනිස්සුන්ට බාධා කරන්න ඕනෑ නැ එතන මධු සමය ගත කරන්න ගිහින් නේ . මෙතන නාන්න පොඩි ළමයින් නාන්න හැදෙන ලාබාල දරු දැරියන් එහෙම එන තැනක් නම් මේ හැසිරීම හොඳයි ද ? (ම)
ශාරික අවශ්‍යතා ඉටු කර ගැනීමට සදාචාර සම්පන්න අනෙකුත් අයට බාධාවක් නැති පරිසරයක් උචිත බව නුගතුන් පවා දන්නා නමුත් මේ උගතුන් යයි කියා ගන්න කොට්ටාශය එය නොදැනීම කනගාටුවකි. මෙය හුදෙක්ම නෑමක් පමණක් නම් අහල පහල මිනිස්සු බාධා නොවන බව මගේ විශ්වාසයයි. කිව්වත් වගේ ඔතනට නෑමට පොඩි ළමයින් එක්ක ගෙන එන වැඩිහිටියන්ට වහාම ඒ ළමයින්ගේ ඇස් වහන්න දේවල් සිදු වෙමින් තියෙන්න ඇති. (ස)
මේ ටයර් කපලා හුලං ඇරල ගොබ්බ ආතල් ගන්න අය නිසාම තමා ශ්‍රී ලංකාව තුන්වන වතාවටත් Blue බලලා ලෝක වාර්තා තිබ්බේ. (ස)
මෙතන සමහර අයට ජල ක්‍රීඩාව සහ අනිත් ක්‍රීඩාව පැටලිලා. නාන්න ගියා කියලා මේ තැනට නොහොබිනා හැසිරීම්. සුද්ධ කරන්නේ ඒකනේ. (ස)
මෙහෙම නාඩගමක් නටලා අහු වුන නංගිව ගෙදරට භාර ගත්තු සහෝදරයාට මල් තියලා වඳින්න ඕන. (ර)
පිටිගල මිලානෝ, ඔබත් පේරාදෙණියේ ආදී ශිෂයෙක් වීම අහන්නත් සතුටුයි. නමුත් මම හිතන්නේ නෑ මෙතන මහා අසභ්‍ය හැසිරීමක් උනා කියලා. තරුණ ළමයි විනෝද වීම උහුලන්නේ නැති අය ඒක ලොකුවට අරගෙන කියලයි මට පෙනෙන්නේ. අපි නම් ඒ කාලේ ගැහැණු ළමයි එක්ක නාන්න ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ කාටවත් කරදරයක් උනේ නැහැ. රුවන් සහ කසුන්ගේ කතා ගැන කියන්න දෙයක් ඇත්තෙම නැහැ. (ර)
මේ සිසුවියගේ තරම අපිට හිතා ගන්න පුළුවන්, පිරිමි පහක් එක්ක ගඟකට බැහැලා තමන්ගේ විලි බිය වතුරේ ගසා ගෙන යන්න ඉඩ දීලා තිබෙන විදියට. (ම)
මෙයාලට ඉරිසියාව හිතිල වෙන්නෙති එහෙම කලේ. (ස)
මේක සුළු සිදුවීමක් ඕනවට වඩා ලොකු කරගෙන කරන දැගලීමක්. ටයර් වලට හානි කරන්නේ මොකටද? (ර)
දැනට අවුරුදු 20 කට කලින් සරසවියට ගිය උදවිය දැකපු සිසුවියන් නෙවෙයි දැන් ඉන්නේ. (ම)
අවුලක් නැහැ අන්තරේ ළමයි ටිකක් වෙන්න ඇති.ගැණු ළමයට නිදහස් අධ්‍යාපනේ වටිනාකම ගැන දේශනයක් දෙන්න ඇති. (ස)
තරුණ කාලේ මෙලෝ රහක් නැතුව කාලේ ගෙව්ව අයට කොල්ලෝ කෙල්ලෝ විනෝද වෙන එක ඇහැට කටු අනිනවා වගේ ඇති. (ස)
අපේ විශ්ව විද්‍යාල වල ගිය උන්දලා ඇත්ටම බයයි ඒවගේ ඇතුලේ උන දේවල එලියට එනවට... ඒක නිසා ලොකුදෙයක් නෙමේ කියල කොමෙන්ට් කරලා තියනවා දෙමව්පියෝ දුවව හරියට හදල තිබ්බනම් කොල්ලෝ එක්ක බිල නාන්න ගඟට යන්නේ නෑ. අපේ ලංකාවේ විශ්ව විද්‍යාල වලට යන කෙල්ලොන්ගෙන් 90% ම සවුත්තුයි. මේක බොරු නෙමේ කියන්න හැමෝම වගේ දන්නවා. ඒත් නොදන්නවා වගේ රගපානවා. (ස)
" සිසුන් පස් දෙනෙක් හා සිසුවියක් "රටට ගිය කලක්. අතීතයේ ගැහැනු ළමයෙකු පිරිමියෙකු සමඟ කතා කිරීමටත් බියක් දැක්වුවා.(බහුතරයක් ) ඒත් අද ...? සිතා බලන්න. බොහෝ දෙනාට සාමාන්‍ය සිදුවීමක්ලු. පොලීසියට දැනුම් දුන්නේ , වාහන වලට හානි කලේ සාමාන්‍ය හැසිරීම නිසාද ? මිනිසුන් එවැනි දේ ඊර්ෂ්‍යාවට කරන්නේ නෑ. (ස)
නීතිය කඩවීමක් වුණා නම් පොලිසියට පැමිණිලි කරලා පොලිසිය නිසි අයුරින් ක්‍රියාත්මක වන තුරු ඉන්න තිබුණා ගම්වැසියන්ට. වාහනවල ටයර් කපන්න, හුලං යවන්න ඔවුන්ට අයිතියක් නෑ. (ස)
දැන් දෙන්නකෝ මේගොල්ලන්ගේ ඉල්ලීම් ඉෂ්ඨ කරලා. අපේ බදු සල්ලි වලින් නෙවෙයි තමන්ගේ මව්පියන්ගේ සල්ලි වලින් ඕන පිස්සුවක් නැටුවත් කමක් නැහැ. තව ටික කලක් යනකොට මේගොල්ලන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ හනිමුන් යන්න හෝටල් වහාම සෙට් කරලා දෙන්න කියලා. (ස)
පේරාදෙණි විශ්ව විද්‍යාල සිසුවියක් හා තවත් සිසුන් හතර දෙනෙක් සම්බන්ධ වූ මෙම සිද්ධිය එහි ආදී සිසුවකු වන මට අදහගන්නත් බැරිය. (ස)
කැම්පස් ලමයි කියන්නේ වැඩිහිටියොනේ. ඉතින් පොඩ්ඩක් විනෝද වුණාම මොකද? (ස)
මේ උදවිය බිමත්ව හැසිරිලා තියෙන්නේ ඇඟේ නුල් පොටක් නැතිව. සුළු දේවල් කියාවිද තමන්ගේ දුවෙක් ඔහොම නාන්න ගියා නම්. (ම)
දිමුත්,ලංකා,මනෝරි,තිලාන්,නිමලරාජ්, අශෝක,ලුම්බිණි මෙනකවිජෙසූරිය ඔයාලගේ පව්ලේ අම්ම හරි ,සහෝදරිය හරි ,දුව හරි ,කියන කවුරුහරි කොල්ලෝ 5 ක් එක්ක මෙවැනි සිද්ධියකට මුහුණ දුන්නොත්, අපෝ ඕක සුලුදෙයක්, ගමේ මිනිස්සු බොරුවට කලබල වෙලා ඉන්නේ, කියන්න පුළුවන් නම් මේ රටට දෙයියන්ගේම පිහිටයි ! (ස)
මේගොල්ලන්ට අපේ බදු සල්ලි වලින් සැප පහසුකම්. කිසිම චාරයක් නැහැ විභාග පාස් කලාට. (ම)