|
|
|
‘අයියන්ඩි පැල් රකින දාට මං බලන් ඉන්නෙ එළිය වැටෙන කල් ’’ සිරිමල් එතනා එහෙම කියන්නේ අප්පුවාටය. හැබැයි එහෙම කීවේ මේ අප්පුවා කෙදිනක හෝ රජවෙන බව නොදැනය. හේ කවරකුවත් නොව පරාක‍්‍රමබාහු රජතුමාය. ඔහුගේ තාරුණ්‍යයේදී ඔහුට පෙම්බැඳි මේ සිරිමල් එතනා කවුද? ඇය අපට හමුවන්නේ මේ දිනවල තිරගත කෙරෙන සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනයෙන් නිමැවූ නවතම සිනමා සිත්තම වන ‘‘සිරි පැරකුම්’’ චිත‍්‍රපටයේය. එහි සිරිමල් එතනාගේ චරිතයට එක්ව සිටින තාරුණ්‍යයේ මේ සුන්දර යුවතිය සෙනාලී ෆොන්සේකාය. |
සෙනාලි ඔබ කවුද?
මගේ තාත්තා උපාලි ෆොන්සේකා අම්මා සේනානි ෆොන්සේකා. මගේ ලොකු නැන්දා මාලනී ෆොන්සේකා. අනෙක් නැන්දලා ගැනත් ඉතින් කියන්න ඕන නැහැනෙ. මම ඔවුන්ගේ පරපුරේ කෙනෙක්.

ඇයි පදිංචියට එංගලන්තයට ගියේ?
තාත්තාට ඉංජිනේරුවරයකු ලෙස වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යන්න සිදුවුණා. අපේ පවුලේ තාත්තයි, අම්මයි, මායි විතරයි. ඉතින් අපිත් තාත්තා එක්ක එහේ පදිංචියට ගියා. ඒ වුණාට මගේ ආසාව ලංකාවේ පදිංචියටයි.
රඟපෑමේ අංශයට ආව අතීතය මතකද ?
අවුරුදු දහයකට විතර පෙරදී, පුංචි පැංචි, සතුටු උයන වැනි ළමා වැඩ සටහන්වලට එක්වුණා. පසුව කේ.බී. හේරත් මහතා ලෝක ළමාදිනය වෙනුවෙන් කළ ඒකාංගික ටෙලිනාට්‍යයක රඟපෑවා. ඊටත් පස්සෙ රූපවාහිනිය කළ ‘‘හංස දඩයම’’ නාට්‍යයේ රඟපෑවා.
දැන් සෙනාලී ගැන කතා වන්නෙ ‘‘සිරි පැරකුම්’’ නිසයි’ එංගලන්තයේ හිටපු ඔබට කොහොමද මේ අවස්ථාව ලැබුණේ ?
නොහිතපු විදියට නොහිතපු වෙලාවක කිව්වොත් හරි. උසස් පෙළ ඉවර වෙලා ඉන්න කොට පත්තරේ දැන්වීමක් දාලා තිබුණා. රේණු නැන්දා ඒ දැන්වීම දාලා තිබුණෙ. මම ඡායාරූපය එක්ක ඊට අයදුම් කළා. මම හිතුවෙ නෑ එය ලැබේවි කියලවත්. හැබැයි මේ විදියට යොමු කළ බව මගේ මාමා අශෝක සෙනරත් මුදලිගේ දැනගෙන හිටියා. චිත‍්‍රපටයක රඟපාන්න ලොකු ආසාවක් තිබුණා. ලොකු නැන්දා සහ නැන්දලා රඟපාන හැටි දැකලා ඒ විදියට අපටත් කරන්න ඇත්නම් කියන ආසාව තිබුණා. ඇත්තටම රඟපෑමට
හිතගියේ නැන්දලා නිසයි. ඒත් නැන්දලාගෙ නම් ඉදිරියට දාලා අවස්ථාවක් ගන්න ඕනෑ වුණේ නැහැ. රේණු නැන්දත් මා ගැන දැනගෙන හිටියා.
|
|
|
එංගලන්තයේ කාලයක් හිටපු ඔබ මේ චරිතයට ගලපා ගත්තෙ කොහොමද?
සෝමරත්න මාමාටත් ඒක තමයි ලොකුම ප‍්‍රශ්නය වුණේ. හැබැයි ඔහු මට පෙර පුහුණුවීම් ලබා දුන්නා. සමහර අවස්ථාවල අශ්වයින් පදින්නත් පුරුදු වෙන්න සිදුවුණා. රෙද්දයි හැට්ටෙයි ඇඳලා මගේ හඬ පෙරහුරු කළාම සෝමෙ මාමා ගොඩාක් සතුටු වුණා.

ඔබට තිබුණෙත් නිළියක වීමේ ආසාවද ?
කොහෙත්ම නැහැ. පුංචි කාලයේදී නැන්දලා රඟපාන හැටි දැකලා තිබුණට රඟපෑමේ සිහිනයක් තිබුණෙ නැහැ. ඇත්තටම රේණු නැන්දා සමඟ සෝමෙ මාමා මේ චිත‍්‍රපටයට මාව තෝරා ගත්තා කිව්වාම මට අදහාගන්න බැරි වුණා. ඒ තරමටම මම එයාලගෙ චිත‍්‍රපටවලට ආසයි.
අද කොහොමද ප‍්‍රතිචාර?
ඇත්තටම පුදුමෙ කියන්නෙ මේ චිත‍්‍රපටය තිරගත වෙන්නත් කලින් ප‍්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ඒක ලොකු වාසනාවක්. දැන් එය දෙගුණ තෙගුණ වෙලා. ගොඩාක් සතුටුයි.
දැන් ඉතින් දිගටම රඟපාන්නද කල්පනාව ?
ආරාධනා ලැබුණා. නමුත් මම මගේ අධ්‍යාපනය නිිම කරන්න ඕනෑ. ආයේ ඒ වෙනුවෙන් එංගලන්තයට යන්නත් ඕනෑ. ඒත් ලැබෙන නිවාඩු වේදී හොඳ නිර්මාණයකට දායක වේවි.
‘‘සෙනාලි’’ ඒ නමේ තේරුම ?
කාන්තාවන්ට අධිපති.
ලියන්ට නැතිනම් කාන්තාවන්ට අධිපති ඔබට ඔබ ගැන හිතෙන්නෙ කොහොමද ?
මම කොහොමටත් මගේම ජීවිතේ විනිශ්චය කරන කෙනෙක්. මට මාවම හදාගන්න ඕනෑ. තරගය තියෙන්නෙ මාත් එක්කමයි. සිරිමල් එතනා කරන කාලයේදී මට පුළුවන් දේ කළා කියලා හිතුණා. ඒත් මම හොඳයි නියමයි කියලා හිතන්නෙ නැහැ. අද හිතෙන්නෙ තවත් දේ කරන්න තිබුණානෙ කියලයි.
මම චිත‍්‍රපටයේ රඟපෑමේදී ශේෂ වූ මතකයන් මොනවද ?
චිත‍්‍රපටය අද නරඹන විට අතිශය සුන්දර වුනාට, රඟපෑමේදී අපට ගල් උඩ නගින්න, කඳු තරණය කරන්න, වැටෙන්න, සීරෙන්න, තැලෙන්න, පොඩිවෙන්න සිද්ධ වුණා. ඒත් එකම පවුලක අය වගේ හිටිය නිසා කාටවත් දුෂ්කරතා දැනුණාට ඒවා ගණන් ගත්තෙ නැහැ. එක්තරා අවස්ථාවක ගඟක ගසාගෙන යන දර්ශනයකට පෙනී සිටින්න සිදුවුණා. මට අනතුරක් වේවි කියලා ඒ වෙනුවෙන් ඩමියක් යොදා ගන්න තීරණය කළත්, සෝමෙ මාමාට මම කිව්වෙ මමම කරන්නම් කියලයි. හැබැයි ඉතින් චන්ඩියා වගේ වැඬේ බාරගත්තට වතුර පහරේ සැර දැනුණාම බඩ පපුව දන්න පටන් ගත්තා. මම හොඳටෝම බය වුණා. අප්පුවා ඇවිත් මාව බේරා ගත්තා.
කොහොමද අප්පුවා ගැන හිතෙන්නෙ ?
අඛිල අයියා සහ මම කලා පවුල් දෙකක වුනාට අපි දෙන්නගෙම පළමු චිත‍්‍රපට රංගනය මෙයයි. ඒ නිසා අපි දෙන්නා පිටපත ගැන දෙබස් ගැන බොහෝ දේ අපට ඉඩ ලැබෙන අවස්ථාවල කතා බහ වුණා.
|
|
අප්පුවාට සිරිමල් එතනා පෙම් කරනවා සැබෑ ජීවිතයේ සෙනාලිට පෙම්කරන්නෙ?
කවුරුවත්ම නැහැ. අම්මා තාත්තාගෙ ආදරය අතරේ තවම මං පුංචි දරුවෙක්. කවදාහරි මාත් පෙම්වතියක් වේවි. නමුත් තවම ඒකට කාලය නෙවෙයි. තවම මට ඒ ගැන දැනිලා නැහැ. ඒ වගේම හිතලත් නැහැ.
‘‘කේම්බි‍්‍රජ්’’ යාම ගැන මොකද හිතෙන්නෙ?
ලොකු සතුටක්. ඉගෙනීමෙන් විශේෂිත යමක් කිරීමේ සිහිනය තිබුණා. මේ සියල්ල හොඳින් කරන්න ලැබුණෙ දෙමාපියන් නිසයි. විශේෂයෙන්ම අම්මි නිසයි. පවුලේ ලොකු නැන්දලා අපට හරි ආදර්ශවත් චරිත වුණා. එයාලගෙන් ජීවිතේ ඉගෙන ගත්තා. ගුරුවරු යහළු යෙහෙළියන් ජීවිතයට මග කීවා. ජීවිතේ විශේෂිත සළකුණු තැබීමට අවස්ථාව ලබා දුන් සෝමරත්න දිසානායක රේණුකා බාලසූරිය යුවළ සහ ‘‘සිරිපැරකුම්’’ සියල්ලන්ටම මගේ ප‍්‍රණාමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳරුවන් මොකද උනේ? නැන්දා කෙනෙක්ගේ දුවක්ව ත් කරකාරෙට ගන්න උනාද?(නදී)
කලා පවුල් කලාවෙමයි දක්ෂතා තිබුනත් නැතත් (අ)
කලා පවුල් කලාවෙමයි දක්ෂතා තිබුනත් නැතත්.(නදී)
ඇත්තටම හරිම ලස්සන ගැමි පෙනුමක් මේ පින්තුරයෙන් නම් පෙනෙන්නේ.මොනවා කළත් දුව ඉගෙනීමේ කටයුතු මගහරින්න එපා. මේ රටෙන් ගන්න තියන ලොකුම දෙය උගත්කම.ඉගනීමේ හිනි පෙත්තටම යන්න.මගේ එකම දුවත් මෙහෙ ඉගනගන්නේ උසස් රැකියාවක් කරන ගමන්.අවුරුදු විසි දෙකකටම අපි හම්බ කළේ දුව වෙනුවෙන්. අදටත් අම්මා තාත්තාගේ ආදරේ මැද ඉන්නේ.මට හරිම ආස හිතෙනවා ඔයාගේ අදහස් වලට.දෙමාපිය සෙවනේ හැදෙන්න දුව."මව්පියෝ දෙදෙනා ඇස්දෙක වාගේ රැකගත යුතුයි දුවේ" ....., ලොවේ කොතැනක හිටියත් සියලුම දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ලැබේවා! (නි)
පළවෙනි රගපෑම නිසා විශිෂ්ඨ රංගනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් ඉන්න දක්ෂ චරිතාංග නිලියන් සමහරකගේ පළමු රංගනය දුර්වලයි. පළපුරුද්ද එක්කයි දියුණුවෙන්නේ. කවුරු කොහොම කීවත් මේ චරිතය ලැබෙන්න පවුල් පසුබිමත් බලපාන්න ඇති. මෙයාගේ අවසන් රංගනය සිරිපැරකුම් වෙන්නත් පුළුවන්. දමයන්ති මාලිනි හැර මෙයාගේ අනිත් නැන්දලාට විවාහයෙන් පස්සේ සිනමාව තහනම් වුණා.(නදී)
දක්ෂතාවය පේනවා චිත්‍රපටිය බැලුවහම. ඒක තමුන්ම පම්පෝරි ගහගන්නේ නැතුව ප්‍රේක්ෂකයාට බාරදෙන්න ඕනේ තීරණය කරන්න. පින්තූරවලට හිනාවෙලා ඉන්න දරන ආයාසය දැක්කහම දුක හිතෙනවා. පවුලේ පුරාජේරුව නැතුව දක්ෂතාවය දියුනුකරගන්න උත්සාහ කරන්න. නැත්නම් පුළුවන් දෙයක් කරන්න. කළා පවුලක් වුණාය කියලා හැමෝටම මාලනී වෙන්නත් බැහැනේ.(අ)
මොනවා උනත් මාලනී අදටත් මීට වැඩිය ලස්සනයි. මමත් බැලුවා දරුවොත් එක්ක ගිහින්. මට පෙනුනේ පවුලේ උජාරුව මිසක් ලොකු දක්ෂතාවයක් නෙමෙයි (නි)
ඇත්තටම ලස්සනයි ඔයා. නමුත් පවුලේ පුරාජේරු වැඩී වගේ නේද? (ස)
මේ ලක්නාවේ ඉන්න නළු නිලියෝ ඔක්කොම රට අතහැරලා ගිහින්ද ? තව ටික කාලෙකින් අපේම නිලියෝ අපිට පිට රටින් ගෙන්න වේවි ද ? මෙයට වඩා ලංකවේ ධක්ෂ එක්කෙනෙක් ලැබුනේ නැද්ද..? පැරකුම් රජු දැන් හිටියනම් එංගලන්තයට පදිංචියට යයි නේද .(අ)
මම නම් නැන්දලා හින්දා තමයි නැත්තට නැතිවුනේ.දැන් කැඳත් නැහැ. (නි)
තිරයත් බලපුවහම දේශපාලනය වගේම තමයි නේද? (නි)
ඇත්තටම විශිෂ්ට රගපෑමක්. ඉදිරියට හොද නිර්මාණ ඉදිරිපත් කරන්න ශක්තිය දිරිය ලැබේවා! (නි)
සදරුවන් ඔබ හරි,අපිවත් නැති වුණා ඔය මාමලා නැන්දලා නිසා. දැන්නම් ඕනෑම නැහැ.දැන් අපි දියුනුයි (නි)
අහෝ දුකකි මොහොමඩ් එයා ඉන්නේ එංගලන්තේ එහෙ යන්න (අ)
ජීවා, ප්‍රදීපා මේ ළමයාගේ ලස්සනට ඊර්ෂ්‍යයි වගේ. මාලීනි එක්ක සසඳන්න අවශ්‍ය නැහැනේ. ඒක දකින කෙනාගෙ හැටියට වෙනස් වන දෙයක්. මෙයා හුඟක් ලස්සන ගැහැණු ළමයෙක්. රඟපෑම් ගැන නම් මම දන්නෑ. (නදී)
දක්ෂතාවය තිබුනම ඇති. පවුලේ අයගේ විස්තර අවශ්‍ය නැහැනේ. (නි)
කමනි, මෙයා රූප රාජිනි තරඟයකට ගිහින් නෙවෙයි, රඟපෑමට ඇවිත් තියෙන්නේ. මෙතනදී වුවමනා වෙන්නේ රඟපෑම මිසක් රූපයම නෙවෙයි. ඔයා සිරි පැරකුම් බැලුවා නම් තේරෙයි. මට ඉරිසියා හිතෙන්න මම නිලියෙක් නෙවෙයි, ප්‍රේක්ෂිකාවක්. චිත්‍රපටියේ මවාගෙන රඟපානවා මිසක් කිසිම තැනක තාත්වික රංගනයක් දකින්න නැහැ. (නි)
හරිම ලස්සන දුවෙක්. එංගලන්තේ හිටියට ගමේ සුන්දරත්වය මුළු ඇගේම තියෙනවා.(නදී)
කරුණාකර සෙනාලි බොරු කියන්න එපා. ඔයාගේ ගෙවල් තියෙන්නේ කේම්බ්‍රිජ්වල (අ)
ගොඩක් ලස්සනට රගපාලා තියෙනවා. ඔයාට සුභ අනාගතයක්.(නදී)
ලංකාවේ දේශපාලනයයි රගපාන එකයි දෙකම නිවුන් සහෝදරයෝ වගෙයි. දැනුමක් දක්ෂතාවයක් ඕනෑ නැහැ (නි)
මාලනී වගේ ලස්සන කෙනක් ඒ පවුලේ තවම ඉපදිලා නැහැ. පව්ලේ ඉන්න ඔක්කොමලා තරුණ අය වුනාට මාලනී ෆොන්සේකාගේ අහලකවත් තියන බැහැ (නි)
සෙනාලි ඔයා ඇත්ත කියල තියනවා ලොකු නැන්දගෙන් ආදර්ශයක් ගන්න පුළුවන් කියලා. නමුත් එයාගෙන් ඔයාගේ ජීවිතේට ආදර්ශ ගන්න එපා හොදේ නංගි.(නදී)
මොහෙමඩ් ලැහැස්ති වෙන්නේ මේ ලස්සන මුහුණ කලු රෙද්දකින් වසන්නද?(නදී)
සිරිමල් එතනගේ කොටහළු මගුල් ජවනිකාව හරිම අතාත්විකයි. නාවන්නේ ඔලුවේ ඉදිරිපැත්තට පමණයි. ඔලුවේ පසු පැත්තට ඉස්මුදුනට දිය වත්කරන්නේ නැහැ. නෑව්වට පස්සේ අප්පුවට වඳිද්දී කොණ්ඩේ තෙමුණ පාටක්වත් නැහැ. (නි)
ඔබ ලස්සනයි. එහෙත් දක්ෂතාවය තුලින් තමාටම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න ලංකාවේ ටෙලි නළු නිලියෝ බොහොමයක් වල් වැදිලා.අපේ නළුවෝ ඔබට හඳ ගලවලා දෙන බව කියාවි. හිස් මිනිසුන්ට නොරැවටී අධ්‍යාපනය නිමකර දැනුම් සම්භාරයක් රැගෙන මවුබිමට සේවයක් කරන්න දුවණිය. ඔබට ජය (නි)
මාලනී ෆොන්සේකා වගේ ලස්සන නිලියක් ලංකාවේ තවම නැහැ. එහෙත් මේ දුවත් ලස්සනයි. ගැමි ගතියක් පෙනෙනවා. ඔබට සුබ අනාගතයක්.(නදි)
නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ එහෙම නැද්ද?(නදී)
මේ ලස්සන මුහුණු දැක්කම මට ලංකාවට යන්න හිතෙන්නේ.(නදී)