භූගත ටැංකියකින් නිල්වලා ගඟට ඩීසල් විශාල වශයෙන් කාන්දුවී යැයි කියන සිද්ධියකින් පසු අකුරැස්සේ තෙල් හල යළි දන්වන තුරු වසාදමන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය තෙල් හල් හිමියාට අද නියෝග කළේය.
නිල්වලා ගඟට හා පරිසරයට සෑහෙන හානියක් සිදුවී ඇතැයි අධිකාරියේ මූලික වාර්තාවේ දැක්වේ. මේ අතර එම සිද්ධිය වාර්තා කළැයි අකුරැස්සේ ලංකාදීප මාධ්‍යවේදී ප්‍රියන්ත දසානායකට මරණීය තර්ජන එල්ල කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තෙල්හල් හිමියා පරිසර දුෂණය කළ නිසා පරිසරය පිරිසිදු කිරීමට වැයවෙන සම්පුර්ණ වියදම ඔහුගෙන් අය කරගත යුතුවෙනවා. එය රටවැසියා ගෙවියයුතු වන්නේ නැහැ. වෙන රටවල නම් වෙන්නේ එහෙමයි. ඒ වගේම තෙල් සමාගම් මෙවැනි භූගත ටැංකි නිරතුරුවම පරික්ෂාවට ලක්කිරීම සඳහා නීති සම්පාදනය කළයුතු වෙනවා. එය හදිසි කාලීන අවශ්‍යතාවක්. ලංකාදීප මාධ්‍යවේදියාට අපේ ආචාරය !!!! (නි)
මේ මාධ්‍යවේදියාට කරපු තර්ජන නම් ආයෙත් දෙකක් නැහැ, ඇත්තම ඇත්ත වෙන්න ඇති. මොකද අපි දන්නවා ඔය පැත්තේ අයගේ හැටි (නි)
මම නම් එදාම කිවුවා මේ තෙල්හල වසාදැමිය යුතුයි කියලා (නි)
ඔය මාතර ප්‍රදේශය කියන්නේ කොහොම පැත්තක්ද කියලා අපි දන්නවා. හරිම දරුණුයි. කණගාටුවෙන් වුණත් කියන්නේ මේ වාර්තාකරුට තර්ජනය කළා කියනකොට අපි නම් පුදුම වෙන්නේ නැහැ. (නි)
ඕක නම් එකත් එකටම දේශපාලකයෙකුගේ තෙලහලක් වෙන්න ඇති. ඒකනේ බයක් නැතුව පරිසරයත් විනාශ කරලා , මාධ්‍යකරුවන්ටත් තර්ජන ගර්ජන දාන්නේ. (නි)
කලින් පාර කැළණි ගඟ අපවිත්‍ර වුණ වෙලාවේ නම් ඒ ආයතනය වැහුවේ නැහැ නේද? පොඩි මිනිහට තමයි හැම පැත්තෙන්ම ගහන්නේ. (නි)
ඔය මාතර පැත්තේ නෑදෑයන් ඉන්න, යන්තම් හරි තමන්ගේ ගෙයක් දොරක් තිබෙන මිනිසුන්ගෙන් අහන්න ඒ පළාතේ හැටි. වාර්තාකරුට පොලිස් ආරක්ෂාව දුන්නත් කමක් නැහැ. (නි)
මේ පළාතේ මිනිස්සු කරන දරුණු වැඩ ගැන හිතනකොට තර්ජනයෙන් පමණක් නැවතීම ගැන අපි සතුටු වෙන්න ඕනෑ. (නි)
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (නි)
රංග, මේනක, ඔයාලා හිතා ඉන්නේ මේ පළාතේ ඉන්න මිනිසුන්ගේ හැටි නිසා මේවා සිද්ධ වෙනවා කියලද? එතකොට අනෙකුත් පළාත් වල සිද්ධවෙන්නේ ඔක්කොම දහමට සහ පිනට අනුව වෙන්න ඇති (නි)
ඒ කියන්නේ මැරයන්ට ගිය රටද (බ)
මාතර පළාත ගැන මිනිස්සු දන්නේ නැහැ කියලා හිතන්නේ. ඔය පළාත ගැන අපේ පුද්ගලික අත්දැකීම් මෙතන කියන්න ගියොත් මාතෘකාවෙන් බැහැර වෙනවා. මිනිස්සු නිකන් ලියන්නේ නැහැ සිල්වා. (බ)
මාතර අයට බනින්න එපා. මොකද මේක මාතර අය කරපු දෙයක් නෙවෙයි. අනිත් එක ඒ ෂෙඩ් එකේ අය මේක හිතලා කරලා නෑ. අපිත් පීඩාවට පත්වුණා. (බ)
ඉඩ කඩම් දේපල වලට කාඩර කමෙන් ඥාතින්ටත් විනේ කටින මිනිස්සු ඉන්න පළාත කිව්වම මුළු රටම දන්නවා. කොච්චර සුද්ධ කරන්න හැදුවත් උගතාගේ සිට නුගතා දක්වාම ඔය ප්‍රදේශයේ ඉඩම් නඩු නැති ගෙයක් නැහැ (බ)
වහාම ජලය පිරිසිදු කරන්න ගිය වියදම අයකරගන්න. (නි)
තෙල් හල වහල විතරක් මදි වහාම තෙල් හල හිමිය අත්අඩංගුවට අරගෙන ඔහුට විරුධව පරිසරයට කල විනාශයට නඩු පැවරිය යුතුය , ලංකාදීප මාධ්‍ය වේදියාට කල තර්ජන වලට තවත් නඩුවක් පැවරිය යුතුය ,ප්‍රියන්ත අප ඔබ සමගය (කෞ)
ලංකාදීප මාද්‍යවේදී ප්‍රියන්ත දසනායක මහතාට කළ තර්ජන වලට අප සැම තරයේ හෙලා දැක යුතු වෙනවා.මාධ්‍යවේදීන් මෙවැනි තර්ජන,ගර්ජන හමුවේ කරන අමිල සේවය අගය කළ යුතු වෙනවා. (බ)
මම මේ ප්‍රශ්නය අහන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෙන් මෙපමණ පාරිසරික විනාශයක් කරලත් පැය 48 පමණ ගතවී ඇතත් වරදකාරයා අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නොහැකිවීම ගැන ඔබගේ මතය කුමක්ද? (බ)
මෙම තෙල් හල තිබෙන්නේ අකුරැස්සේය මෙම තෙල් ප්‍රශ්නය නිසා අපහසුතාවයට පත්වෙලා තිබෙන මාතර ජනතාව ප්‍රචණ්ඩ මැරයන් සහ භයානක ජනතාවක් ලෙස හදුන්වා අදහස් ලියන පුද්ගලයන් ගේ දැනුම ඉතා අල්ප මට්ටමක පවතින බව මගේ අදහසය , ඔබතුමාලා කියන විදිහට සෙල්ලම් පිස්තෝලකාරය, ජුලම්පිටියේ අමරේ , මර්වින් ආචාර්ය තුමා , කුඩු දුමින්ද යන සියලු දෙනාගේම ගම මාතරද ? රටේ අනිත් ප්‍රදේශ වල අපරාධ සිද්ධවෙන්නේ නැද්ද ? මාතර කියන්නේ උගතුන් , රණවිරුවන් , ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයන කලාකාරයන් ලංකාවට බිහිකළ නගරයකි (බ)