අන්තර්ජාල සේවා ලබාදෙන ලොව ප්‍රමුඛතම ගූගල් ආයතනය ඉන්දියා දේශපාලඥයෙකු මෙන්ම බෞද්ධ නායකයකු වන බිම්රාවෝ අම්බෙඩ්කාර් අගයමින් ඔහුගේ උපන් දිනය යෙදෙන අප්‍රේල් 14 වැනිදා ගූගල් ලාංඡනයට අම්බෙඩ්කාර් රුව එකතු කර ඇත.
ඒ ඔස්සේ අම්බෙඩ්කාර් පිළිබඳ සියලු තොරතුරු ගූගල් පිටු හරහා සපයා ගත හැකිවෙයි.
මහත්මා ගාන්ධි විසින් දෙවියන්ගේ දරුවන් ලෙස හැඳින්වූ කුල හීන පවුලක උපත ලද අම්බෙඩ්කාර් පසුකලෙක ස්වෝත්සාහයෙන් අධ්‍යාපනය ප්‍රගුණ කර නීතිවේදියෙකු, ආර්ථික විද්‍යාඥයෙකු, සමාජ සේවකයෙකු සහ සුප්‍රකට දේශපාලඥයෙකු බවට පත්විය.
නුතන ඉන්දියානු ව්‍යවස්ථාව නිර්මාණය කෙරුනේ ඔහුගේ මුලිකත්වයෙනි.
පසු කලෙක තමන් අයත්වූ ජන කොට්ඨාශයට කුල භේදය නිසා සිදුවන අසාධාරණත්වයට එරෙහිව සටන් කරමින් සාධාරණත්වය පතා බුදු දහම වැළඳ ගත්තේය. අම්බෙඩ්කාර් සමඟ ඉන්දියාවේ කුල හීන යැයි කියන විශාල පිරිසක්ද බුදු දහම වළඳගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයටම ආදර්ශයක් (නි)
මිනිසා වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ ක්‍රියාවෙනි (නි)
සචිත්, ඔබගේ දැනුම මමත් අගය කරමි (නි)
චමෝද් දන්නා තරම! (නි)
චමෝද් ගූගල් ගැන දන්නා තරම පේනවා (නි)
ඔව් ලුම්බිණි හරි. එක එක රටවලට ගැළපෙන විදිහට තමයි හදන්නේ. (නි)
මේ ගිනිගෙන දැවෙන ලෝකයේ එකම සිසිල බුදුදහමයි. උගතුන් බුද්ධිමතුන් මේ වටා එකරැස්වෙන එක නම් නවත්වනවා බොරු (නි)
ඉතා හොඳ කාර්යයක් (නි)
සචිත්, ඔබ හරි. (නි)
https://www.google.co.in/ එකට ගියොත් බලාගන්න පුළුවන් (නි)
අපේ කවුරුහරිත් දැම්මොත් ? (නි)
රටවල් හතක ගූගල් වෙනස්කරලා තිබෙනවා නේද? http://indianexpress.com/article/trending/google-tributes-doodle-to-b-r-ambedkar-for-125th-birth-anniversary/ (නි)
මම පිවිසුනේ යූ.කේ. වලින්.මෙහෙත් ඒ ඡායාරූපය තිබෙනවා. (නි)
ඇත්තෙන්ම අගය කළයුත්තා අගය කළයුතුයි (නි)
ඔබ විශිෂ්ටයෙක්! (නි)
රටවල් වලට වෙන වෙනම තමයි ගූගල් එකෙන් පිටු තියෙන්නේ, මම දන්නා තරමින් නම්. නමුත් අදාල ලිපිනය ටයිප් කළා නම් ඒ ඒ රටේ පිටුවලට ගිහිල්ලා බලන්න පුළුවන්. උදාහරණයක් විදියට ඉන්දියාවේ පිටුවට යන්න පුළුවන් https://www.google.co.in/ ලිපිනයෙන්. (නි)
ලුම්බිණි, ඔබ හරි. මා ඉන්න රටෙත් මේ රූපය නැහැ.චමෝද්, පොඩ්ඩක් ඉවසීමෙන් වචන ගළපන්න (නි)
ඉතාම උසස් කෘතවේදී කාර්යයක් (නි)
නියම භාරත පුත්‍රයෙක්. (නි)
අර ලෙනින් කිව්වා වගේ, අපි හඳට ඇඟිල්ල දික්කලාම උන් ඇඟිල්ල දිහා බලනවා . මෙතන කට්ටිය අම්බෙඩ්කාර්තුමා ගැන කතා කරනවා වෙනුවට ගුගලයක් අල්ලන් නහිනවා. (අ)
ගූගල් ලාංඡන හදන්නේ ඒ ඒ රටවලටයි. ඒ අනුව මේ සඳ ඇත්තේ ඉන්දියාව සඳහායි. (නි)
ලුම්බිණි දන්නා තරම තමයි ඉතින් (නි)
මේක ඉන්දියාවට විතරද? (නි)
බුදු දහම ප්‍රඥාවන්තයින්ට පමණයි කියා බුදුන් දේශනා කර ඇත්තේ ඒ නිසයි. උගතුන්ට ඉක්මනින් වටහාගත හැක්කේ ඔවුන් වැඩිදෙනා සමාජයේ ප්‍රඥාවන්තයින් නිසයි. (නි)
මොහුගේ ජීවිත කතාව කියවන්න ....මම පුදුම විදියට ගරුකරන පුද්ගලයෙක් .....එක් සංවේදී අවස්ථාවක් තිබෙනවා .....මොහු කුලහීන නිසා පන්තියෙන් එලියට දමනවා නමුත් මොහු පන්තියෙන් එළියේ ඉඳගෙන ගුරුවරු අනෙක් ළමයින්ට උගන්වන ඒවාට සවන් දීගෙන ඒවා සටහන් කරගනිමින් සියලු කුලදරුවන් අභිබවා අධ්‍යාපනය ඉහලින්ම සමත් වුනා .....නිදහසේ පියා කියන ඝාන්ධි පවා මේ ශ්‍රේෂ්ඨයාට විරුද්ධව නැගී සිටියා ...නමුත් අන්තිමේදී ඔහු මෙම ශ්‍රේ්ෂ්ඨයාගේ විශිෂ්ටත්වය හමුවේ අක්‍රිය වුනා. මේ සියලු කාර්යයන් ජය ගන්නට බුදුදහම පිටුවහලක් වුනා අවසානයේ මෙතුමාම සටහන් කර තිබෙනවා (බ)
ලුම්බිණි කියපු දේ නිවැරදියි. "https://www.google.co.in " වෙබ් ලිපිනය බැලුවොත් අම්බෙඩ්කාර් මහතාගේ රුව ගූගල් මුල්පිටුවේ දැකිය හැකි අතර "https://www.google.lk " එම රූපය සදහන් නොවේ.එහෙත් ලෝකයේ කලාප අනුව ගූගල් සෙවුම් යන්ත්‍රයේ ලාංඡන වෙනස්වෙනවා. (නි)
ලුම්බිණි හරි. චමෝද් දන්නා තරම තමයි ඉතින්. (නි)
ලුම්බිනිට ඇති ප්‍රශ්නය මොකක්ද? ඔබ දන්නවද ලෝකයේ කෝටි 70කටත් අධික ජනතාවක් අම්බෙඩ්කාර් ගැන දන්නවා කියලා? (නි)
කෝ අපිට නම් පෙනෙන්නේ නැහැ.මේක ඉන්දියාවට විතරයි මාත් හිතන්නේ. (නි)
අපිට එ්ක පෙන්නේ නෑ (බ)
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවෙ. මෙහෙ පෙන්නන්නෙ වෙන එකක්. ලුම්බිනි හරි (නි)
"http://www.google.com/doodles/br-ambedkars-124th-birthday" (නි)
පරිස්සමෙන් අම්බෙඩ්කාර්තුමනි. ඇගයීම් ගැන ටිකක් කල්පනාකාරීවීම කෝකටත් ඔබතුමාගේ ඇඟටත් ගුණවේවි. (නි)
ලංකාවේ ඩූඩ්ල් එක නම් පරන විදියම තමා. වෙනස් වෙලා නෑ (බ)
ලෝකය උඩුගම් බලා යාමට පටන් ගැනීමේ සුභ සලකුණු... අපිත් ලෝකයේ එල්ලෙමුද? (බ)
අම්බෙඩ්කාචාර් බෞද්ධවුනාට ලංකාවේ ඉන්න බෞද්ධයන්වගේ නරක වැඩ කරන කෙනෙක් නෙවෙයි (බ)
නරකද හින්දු කුල වාදීන් ගෙන් බැට කන අහිංසක දෙමළ අයත් බුදුදහම වැළඳ ගත්තොත් . අපි ඔක්කොම එකම කුලයක් වෙනවා නේද (බ)
ලංකාවේ ගූගල් වලට මහින්ද මැතිතුමාගේ රුවක් දාන්න ඕනෑ කියලා මම යෝජනා කරනවා. රටකට නිදහස දුන් නායකයෙක්.... (නි)
මෙතුමාගේ උපන්දිනය වන අප්‍රේල් 14 ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ගුගල් පිටුවෙහි ඇත්තේ මේ ලාංජනයයි. මෙය සියලුම බෞද්ධයන් හට ආදර්ශයක් ගත හැකි අවස්ථාවක්.(බ)
ගූගල් එකෙන් ඒ ඒ රටට අදාලව තමා පිටුව හදන්නේ. ලංකාවෙන් ලොග් උනාට මේ ෆොටෝ එක දකින්න නෑ. (බ)
චමෝද් , ලුම්බිණි කියා තිබෙන දේ නිවැරදියි. රටකට විශේෂිත ගූගල් ලාංඡන සාමාන්‍යයෙන් යොදන්නේ ඒ රටේ සිට බලනවිට පෙනෙන්න. ලංකාවේ සඳහා සිංහ ලාංඡනයක් යොදා තිබුනා කලකට ඉහත. ඒක පෙනුනේ ලංකාවට. (නි)
අම්බෙඩ්කාර් ගැන තවත් වැඩසටහන් ගොඩක් තිබෙනවා යු ටියුබ් එකේ (නි)
ගූගල් ඉන්දියාව සඳහා පමණද? (නි)
මම පැරිස් වලින් ගූගලේ ලොග් වුනා, එත් අම්බෙඩ්කාර් වෙනුවට ඉන්නේ කව්බෝයි කෙනෙක් (බ)
ඉහළින්ම අගය කරනවා (නි)
ගූගල් වලදි අම්බෙඩ්කාර්ගේ පින්තූරය තමා අද එන්නේ. ඒක ක්ලික් කළවිට අම්බෙඩ්කාර් ගැන විස්තරයක් එනවා. මම මෙය දුටුවේ එංගලන්තයේදී. මේ නිසා මෙය ඉන්දියාවට පමණක් සීමාවෙලා නැහැ (නි)
ඔච්චරම ඕක බලන්න ඕනෑ නම් ඉතින් https://www.google.co.in/ ගිහිල්ලා බලන්න. ඔය ඉන්නේ අම්බෙඩ්කාර් (නි)
ඉතා හොඳයි (නි)