ගූගල් ලූන් නමැති අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් ආණ්ඩුවත් අතර අද (28) උදෑසන ගිවිසුමකට අත්සන් කෙරිණි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙන අතර ඒ අනුව අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම 3G අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හැකිවනු ඇත.
මෙම ඉහළට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වේ.
ගූගල් සමාගමේ ව්‍යාපෘති ප්‍රධානී මයික් කැසිඩ්, ඉක්ටා ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මුහුන්තන් කැනගේ, විදේශ ඇමැති මංගල සමරවීර, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා හා ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට වෙනකොට රැස්වීම් වල කියයි , ශ්‍රී ලංකා ගුවන් කලාපය ගුගර්ල් සමාගමට බදු දීලා , ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා.(ම)
මෙය ඉතාම සතුටුදායක පුවතකි. මෙයට සමගාමීව ඉන්ටෙර්නෙට් ළුලදායක ලෙස භාවිතා කෙරීම පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. (ම)
රනිල් කියන්නේ නළුවෙක් නෙමෙයි හොද මොළයක් (ම)
හොද වැඩක්....අගනෙයි (ම)
අපේ අගමැතිතුමා අපට ලස්සන රටක් නිර්මාණය කරාවි.අගමැතිතුමනි ඔබට ඒ සඳහා ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි. (ම)
ඕක හරියන්නේ නැ කියල තමා හිතෙන්නේ. (ම)
පාර්ලිමේන්තුව විසුරුවල කොහොමද ගිවිසුම් අත්සන් කරන්නේ මේවද යහපාලනය (ම)
රටට වැඩ කරනවා කියනේ මෙන්න මේවට තමා (ම)
ඇත්තටම හොඳ තාක්ෂණික හඳුන්වාදීමක් .....(ම)
ඉතාමත් හොඳ වැඩක් ! ශ්‍රී ලංකාවත් දැන් දියුණු රටවල් සමග කරට කර තත්වයට එමින් තිබෙනවා. කොහොම වුනත් අසභ්‍ය දේවල් බාල පරපුර අතට පත්නොවීමට රජය සතු වගකීමක් වෙනවා. (බ)
අර අපේ සිංහ කොඩිය ගහගෙන අපි හදටත් ගියා නේද ..? අද වෙනකම්වත්..ආගිය අතක් නැහැ ...(බ)
වටිනා දෙයක්, අගය කළ යුතුයි. (ම)
කෝ මේ පිවිතුරු යහපාල? මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නෙමෙයි ද? රටේ භෞමික අඛණ්ඩතාවයට හානියක් නෙමෙයි ද? ෆෙඩරල් කුමන්ත්‍රණයක් නෙමෙයි ද? මොනවා හරි කියන්න කෝ ආතල් එකටත් එක්ක. (නදී)
මේ දියුණුව ඉදිරියටත් කරගෙන යන්න (නදී)
නියම වැඩක් (ම)
ගෝත්‍රික පාලනයේ සහ යහපාලනයේ වෙනස. දිල්ෂාන් , අපේ රට ගැන ඔත්තු බලල අහවල් කෙන්ගෙඩියක් කරන්නද. ගල් ගුහාවේ ජීවත් වෙන ගෝත්‍රික මානසිකත්වයෙන් එලියට එන්න (නදී)
රටක දියුණුවට අන්තර්ජාල පහසුකම් ඉතා වැදගත්. හොද අදහසක්. හොඳ වැඩක්. සුබපැතුම්. (නදී)
දිල්ශාන් මෝඩ කථා කියලා තමන්ගේ නොදන්නා කම ප්‍රදර්ශනය කරන්න එපා. 'ගූගල් ලූන්' කියන්නේ පෘතුවියට කිමි. 20 උඩින් රැදවූ බැලූන් ආධාරයෙන් ෆයිබර් ඔප්ටික් රැහැන් ඇදීමට අධික වියදමක් යන ලංකාව වගේ රටවල දුශ්කර ප්‍රදේශවලට අඩු මිලට අන්තර්ජාල අහසුකම් ලබාදීමට තැනූ ක්‍රමයක්. ඉංග්‍රීසි කියවන්න පුලුවන්නම් පොඩ්ඩක් අන්තර්ජාලයේ සොයා බලන්න. (නදී)
රටක් දියුණු කිරිමට නම් දියුණු තාක්ෂණය රට තුළට ලබාගත යුතුයි ලෝකයේ සෙසු රටවල් තොරතුරු තාක්ෂණයේන් දියුනු වෙනකොට අපි තාමත් බඩගානවා අගමැතිතුමා මේ ගෙන ඇති තිරණය අපේ රටේ දියුනුවට වැදගත් ඉදිරි පිම්මක් වේ (බ)
රනිල් අගමැති තුමාගෙන් මීට කලින් වැඩ ගත්තානම්, අපි ලෝකයේ දියුනු රටක් බවට පත්වෙනේ මීට කලින්... ජය නියතයි. (නදී)
අනේ රසික, අරවින්ද, ප්‍රසාද්. මේක රනිල්ගේවත් ආණ්ඩුව මුල් වෙලා ගත්ත දෙයක් වත් නෙවේ. මේක ලංකාවට ගන්න මුල් වෙලා තියෙන්නේ චමත් පලිහවඩන කියල ශ්‍රී ලාංකිකයෙක්. මෙයාල නිකම් නම දාගන්න වැඩේ කරන වෙලාවේ ඇවිත් (නදී)
ආයේ ඉතින් පත්තර විකුණලා ඉවරයි. ඔක්කොම වෙබ් නිව්ස් තමයි බලන්නේ. (නදී)
මේක මහින්ද කරා නම් බයියෝ ටික ලස්සනට සාධාරණිකරණය කරයි. චමත් පළිහවඩන තමයි මේකට 100% ක් දායක වුණේ. බයියෝ දන්නවා නම් කියන්න බලන්න නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ. දක්ෂිණ අධිවේගී මාර්ගය සදහා මේ චමත් පළිහවඩන වගේ දක්ෂ ඉංජිනේරුවෙකුගේ සම්බන්ධිකරණයතින් තමයි අපට දායාද උණේ. උඔලා දන්නවාද ඒ කවුද කියලාවත්? කොහේ දැනගන්නද ඉතිං ඇඟ හැම තැනම මහින්ද රාජපක්ෂ කියලා ලේබල් ගහගත්තම. දැන් රනිල් මැදිහත් උනා කීවම තමයි බයියොට මතක් වෙන්නෙ. ඒකෙන්ම පේනවා බයියොන්ගේ මොළේ කොහෙද කියලා. පුළුවන්නම් හොයාගන්න මං කිව්ව කෙනා? (නදී)
නියමි සුපිරි වැඩක්(නදී)
ගූග්ලේ අවා කියල නෙවයි දැන් උනත් ඕනෑම කෙනෙක්ගේ පරිගනකයක ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒ අපේ අයගේ දැනුවත්කම මදි කම නිසයි.. අනිත් එක ලංකාව චීන්නු අල්ලාගෙන ඉවරයි. මොකද ලංකාවට අයත් කක්ෂ පථයේ දැනටමත් චීන්නු චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරන්නේ මහින්ද මහත්තයාගේ අනු දැනුම ඇතුව. (නදී)
හොඳට-නරකට දෙකටම -අන්තර්ජාල දැලි පිහියෙන් පැණි කෑම (නදී)
බහුතරයක් දෙනා හිතන්නේ අතීතය සහ වර්තමානය පමණක් බව බොහෝ වෙලාවට හැගී යනවා..(ම)
මේ රට ගැන ඉතාම පහසුවෙන් බටහිර රටවලට ඔත්තු ලබා ගන්න පුළුවන් වේවි ගූගල් ලූන් ආවාම. (නදී)
කල්ප කාලයකට පස්සේ ඇහුව හොදම නිවුස් එක. නියමයි ගෝලීයකරණය හැම ලාංකිකයකුටම. මින් පස්සේ අපි හැමෝටම ලෝකයම අැගිලිතුඩ අබියස. මේ කාර්යට සම්බන්ද වූ සැමටම මගේ හදපිරි ප්‍රණාමය!!!!(නදී)
රනිල් කියන්නේ ඇත්තටම හොද මොලයක් (නදී)
බොහොම හොඳයි (නි)
මෙන්න නියමයි . රනිල් ලංකාව සැබවින්නම ඩිජිටල් ලෝකයටම ගෙන යාවි (ම)
වෙනසකට මුලපිරුවා විතරයි !(ම)
අගය කළ යුතු නව හඳුන්වාදීමක්....මෙය සාර්ථකව අත්හදා ක්‍රමයකි. (ම)
දැන් ඉතින් මේකටත් කියයි අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක් කියල. (ම)