කොළඹ හුණුපිටිය  ගංගාරාමයේ  කෝට්ටේ මාදිවෙල කිඹුලාවල ‘‘සුහඳ‘‘ ළමා නිවාසයේ  ආබාධිත දූ දරුවන්ගේ  කලා කුසලතා  නිර්මාණ එක්රැස් කොට තැබීම සදහා  ශාලාවක් ඉදිකිරීමට අද (26)  මුල්ගල තැබිණි.

ගංගාරාම විහාරාධිපති  ගල්බඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් 1987 වර්ෂයේදි පමණ මෙම ළමා නිවාසය ආරම්භ කැරිණි.දැනට එහි දෙමාපියන්  අහිමි ආබාධිත පිරිසක් සිටිති.

ගංගාරාමයේ විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි , ආචාර්ය  පල්ලේගම රතනසාරහා පලටුවාවේ  ජිනරතන යන හිමිවරු ඇතුළු  සංඝරතනය  සෙත් පිරිත් දේශනා  කරද්දී ගංගාරාම දායක සභාවේ  සාමාජික සාමාජිකාවන් විසින් නව ගොඩනැගිල්ල සදහා මුල් ගල් තැබුහ.