තිස්වසරක ත‍්‍රස්තවාදය පැරදවීමේ විජයග‍්‍රහණය සැමරීමේ උත්සවයේ පෙරහුරු පෙළපාළියක් අද දහවල් ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ පැරෂුට් භටයෝ අඩි 6000 ක ඉහළ අහසේ සිට පොළවට ආහ.
තිස්වසරක ත‍්‍රස්තවාදය පැරදවීමේ විජයග‍්‍රහණය සැමරීමේ උත්සවයේ පෙරහුරු පෙළපාළියක් අද දහවල් ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ පැරෂුට් භටයෝ අඩි 6000 ක ඉහළ අහසේ සිට පොළවට ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේක හැමදාම පෙන්න පෙන්න රටේ මුදල් නාස්ති කරන්නේ මොකක් බලාපොරොත්තුවෙන්ද? ලෝකෙට නය වෙවී සැණකෙළි පවත්වනවා. විදුලි බිල, ජල බිල, කන බොන දේ තෙල් මිල බස් ගාස්තු හැම එකම වැඩි කරනවා. මේක නම් රටේ ජනතාවගේ කරුමේ.(නදී)
අගය කළ යුතු දේ අගය කළ යුතුයි. රණවිරුවාණෙනි, ඔබට ජය වේවා! ලංකා මාතාව ලොව බැබළේවා! (නි)
අනභිභවනීයයි ! රණවිරුවනි ඔබට දැයේ ප්‍රණාමය! (නි)
බඩ ගැනම හිතන්න එපා සුදීර, මේවා දකිනකොට බඩ පිරනවනේ. නිකම්ම නිකම් හිටිය අය නෙවේ නොකා නොබී සටන් කරලා රට බේරා ගත් අපේ රණ විරුවෝ විජයග්‍රහණය සමරන්න පුහුණු වෙනවා. අපි ආඩම්බර වෙන්න ඕනා.(ප්‍රභාකරන් දිනුවානම් කොහොමද?) මෝඩ අදහස් දාන්න එපා! රණ විරුවනි අපේ ප්‍රණාමය!(නදී)
ෆොටෝ ටික බලද්දි ඈඟට නියම ගතියක් එනවා. මේ වගේ දක්ෂ හමුදාවක් ලෝකෙ කොහෙවත් නැහැ. දේශපාලන වුවමනා වලට යොදා නොගන්නවා නම් කොයි තරම් වටිනා සම්පතක්ද මේ? (නි)
ඇයි මිනිස්සු මේ තරම් මෝඩ? ඔයාල දන්නවද ? මේක කරන්න කොච්චර අමාරුද කියලා? අඩුම ගානේ බොන්නන වතුර ටිකක් නැහැ. ඔයාල හිතන්නේ හරි ලේසි දෙයක් කියලා (නි)
මුල් කාලයේ පැරසුට් භටයෝ ගෝල් පේස් කියලා තොටළඟ කීර කොටුවලට තමයි බැස්සුවේ. නව තාක්ෂනය හා පුහුණු කිරීම් මද්‍යයේ ගුවන් හමුදාව කෆීර් යානා වලින් කල ප්‍රහාර ඉතාමත් අගය කළ යුතුයි. පැරිසුට් පිරිමි සහ කාන්තා භටයින්ගේ දක්ෂකම් බලනවිට අහන්නත් පුදුමයි. මෙවෙනි දක්ෂයින් ජාතික හා ජාත්‍යන්තර ගුවන් සේවා වලට යොමු කිරීම රජයේ වගකීමක්.(නදී)
ජයග්‍රහනයේ උද්දාමය දන්නේ ජයග්‍රහණයට ලේ කදුළු දහදිය හෙලුවන් පමණි.අපේ නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන්ට අපගේ ප්‍රණාමය පුදන්නට නිර්ලෝබි වන්න. මෙවන් සැමරුමක්වත් නැති දින ඔවුන්ගේ කළ මෙහෙය අපට නොදැනිම යාවි. මන්ද අපි බලා සිටිය පමණි.. (නි)
ලෝකෙන් උතුම් රට ලංකාවයි. එක්වෙමු මේ රට ගොඩ නගන්න... මේක අපේ රට. (නි)
අජිත්, බලන්නකෝ මේ රංජනී ගේ කතාව. මේ වගේ අය නිසා තමයි රට මේ තරම් ආර්ථික ප්‍රපාතයකට ඇද වැටීම් වලට හේතු සාධක වෙන්නේ. මෙවන් ප්‍රකාශ නිසා පවතින රජය සිතනවා රටේ මහා ජනතාව ඉතාමත් සුකිත මුදිත විදියෙට වැජඹෙනවා කියා. (නි)
රණවිරුවන්ට අපගේ උත්තමාචාරය! (නි)
සැබෑවටම යුද්ධය කරපු රණවිරුවෝ ගඩොල් කපද්දී, වැලි කොට්ට අදිද්දී මිලියන ගණන් වියදම් කරලා සංදර්ශන තිබ්බට වැඩක් නැහැ. (නි)
රණවිරුවනි, ඔබට දැයේ ප්‍රණාමය! (නි)
ගාමිණී, හමුදාව ගැන දන්නෙ නැති දේවල් ගැන අදහස් පල කරන්න එපා. ඔයාලා වගේ කිසි දෙයක් දන්නෙ නැති අය මෙවැනි පුවත් වලට අදස් පල කිරීම රට මුදවා ගත් රණ විරුවන්ට කරන අපහාසයක් (නි)
ඔබ දන්නවද කිසිදු ගුවන් හමුදා නියමුවෙකුට මගී ගුවන් යාන පැදවීමට අවසර නැති බව? සාමාන්‍ය ජනතාව ගමන් ගන්න සියලු ගුවන් යානා පැදවීමට විශේෂ අවසර පත්‍රයක් ගත යුතු බව. ගාමිණී වැනි කිසි දෙයක් නොදන්නා අය මෙහි අදහස් දැක්විමෙන් මෙම අදහස් කියවන්න පැමිණි සාමන්‍ය ජනතාව වැරදි වැටහීමක් හමුදාව ගැන දරන බව. අද වන විට අපගේ හමුදාවන් ජිවිත පරිත්‍යාගයෙන් කළ ඒ මහා සටන අද බහුතර ශ්‍රී ලාංකියන්ට අමතක බව කියනුයේ හමුදාවේ පුද්ගලයෙක් වශයෙනි (නි)
අපේ රණවිරුවෝ තරම් දක්ෂ හමුදාවක් තවත් නෑ කියල මමත් හිතනවා, අපිට ආඩම්බරයි..! (ස)
මට නම් ලොකු ආඩම්බරයක් හිතෙනවා අපේ මේ රණ විරු දස්කම් දකිනකොට. නමුත් අද කොපමණ දෙනෙක් මේ රණවිරුවන්ව පාවා දෙන්න හදනවද? (නි)
මේ වගේ දේවල් තිබුනට කමක් නේ මොකද අපේ මතකයන් අවදි කරන්න. (ස)
ඉතාමත්ම විශිෂ්ටයි. එත් මේ යුද ජයග්‍රහණය සැමරීමේදී අබාධිත සෙබළුන්ට යහපතක් වෙන යමක් කලොත් කාලෝචිතයි නේද? (නි)
දිසා, ඔබ කැනඩාවේ. මම එංගලන්තේ පුරවැසියක්.නමුත් උපන් රටට අපි ගරු කරන්න ඕනෑ නේද?ලංකාව ඉතියෝපියාව නොවේ.හැම සම්පතක්ම තියන රටක්.ඔවුන් අපේ මුර දේවතාවෝ,ලොකුම සම්පත,.... (නි)
රණ විරු දු පුතුන් ,ලැවු ගිනි නිවුන හදවත් බී කිරි අමරසින් ,දීවී හෙළ සතුටු කරවත්... (නි)
ජය වේවා!!!(ස)
ඇයි මේ මුදල් නාස්තිය? අපි එල්.ටී.ටී.ඊ. එක පරාද කළා.දැන් ඒගැන උදම් ඇනුවා ඇති. තව අවුරුදු කීයක් මෙහෙම කරන්නද? ඉතිහාසය පාසල් විෂයක් කරන්න. එවිට අනාගත දරුවන් සිදුවූ දෙය ඉගෙන ගනීවි. (නි)
අයියෝ සල්ලි. ඇයි මේක තේරුම් ගන්න බැරි? (නි)
මේවා මහජනයා රවටන්න කරන වැඩ.(නදී)
සැබෑවටම යුද්ධය කරපු රණවිරුවෝ ගඩොල් කපද්දී, මිලියන ගණන් වියදම් කරලා සංදර්ශන තිබ්බට වැඩක් නැහැ. (නි)
ඇත්තටම වටිනවා. (නි)
ඔබට සමකළහැකි වෙනත් කෙනෙක් නොමැත (නි)
අපේ දේශය, අපේ ජීවිත, අපේ අනාගතය වෙනුවෙන් ජීවිත පූජාකළ, ආබාධිත වුණ සහ සියලු රණශූරයන් වෙනුවෙන් කෙලෙහි ගුණදත් සිහලුන් විදියට නිවසේ ජාතික කොඩියක් දමන්න. අපිට ඔවුන් වෙනුවෙන් ඒ දේවත් කරන්න බැරිනම් සිහලුන් විදියට ලැජ්ජා විය යුතුයි. ආගම්, දේශපාලන බේදයෙන් තොරව ජාතික කොඩියක් ඔබ සැමගේ නිවෙස් වල දමන්න. ජීවිත පූජා කළ සියලු රනවිරුවන්ට නිවන් සැප ලැබේවා. අපි ඔබට සදා ණයගැති වන්නෙමු. ජය ජය ජය ජය ජය ජය ශ්‍රී ලංකා! (නි)
යුද්ධකිරීම ඉවර වෙලා දැන් ගොඩාක් කල්නේ සහෝදරයා. එහෙම නෙමෙයි. මේ යන විදියට නම් අපේ බඩයි පොත්තයි විතරයි ඉතුරු වෙන්නේ. (නි)