ඉබ්බාගමුව තල්ගොඩපිටියේ දී පෞද්ගලික බසයක් වැලි ටිපර් දෙකක හැපී බසයේ සිටි හත් දෙනකු තුවාල ලබා ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.
බවය කොළඹ සිට වව්නියාව බලා යමින් තිබිණ.
වැලි ප්‍රවාහණය කළ ටිපර් රියක හැපුණු බසය තවත් ටිපර් රියක ගැටී මීටර් පනහක් පමණ ඇදී ගොස් තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෞද්ගලික බස් රියදුරන්ගේ පැදවීම කිසිම සදාචාරයක නැහැ. අධික වේගයත් පාලනය කර ගත නොහැකිකමත් මේවට බලපානවා. එහෙත් අහිංසක ජිවිත වලට වන හානිය අවම කිරීමට මෙම රියදුරන්ට වෙනම නීති රීති මාලාවක් සහ බස් රියදුරෙක් වීමට අවම සුදුසුකම සොයා බැලිය යුතුය (නි)
මහගෙදර ඇඹිලිපිටිය, අපි දැනගෙන හිටියේ නැහැනේ. ඔය පැත්තේ එහෙමද? (නි)
ඔය බස් ටිපර් රථ රියදුරන් ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. මොකද ඔය මහත්තුරු මාර්ග නීති සියට සීයක්ම කඩමින් ගමන් කරන්නේ.ඔය අය මිනිස්සු නිසා නොව මුදල් මත පමණක් ගැන හිතලා ජිවත් වෙන්න දගලන අය. (නි)
බස් එකේ ගහලා තියෙනවා " සෙමි ලක්ෂරි වීඩියෝ කෝච් " කියලා. හික් හික් .. (නි)
7 දෙනෙක් තුවාල වෙලා බේරුන ලොකු දෙයක් මේ මග මරුවව හැපිලා තියෙන හැටියට.ටිපර්කාරයොයි , බස්කාරයොයි , දේශපාලුවෝයි කියන්නේ පාරේ යද්දී සාමාන්‍ය මිනිස්සු පරිස්සම් වෙන්නම ඕනෑ ජාති තුනක් (නි)
ලංකාවේ වැඩියෙන්ම අසාධාරණයට ලක්වෙන කොටස තමයි පදිකයින්. පාරේ යන්න නියමිත ඉඩක් වෙන් කරලා නැහැ. අලුතෙන් හැදෙන පාරවල් වලවත් ඉඩක් වෙන් කරන්නේ නැහැ. තව පාරේ අයිනේ තියෙන ඉඩත් වාහන නවත්වලා. මිනිස්සු පාර මැද යන්න ඕනෑ. විශේෂයෙන් රැ කෑම කඩ ගාව. මාර්ග සංවර්ධන අධිකාරියේ ලොක්කන්ටත් මේවා පෙනෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ වාහනවල යන නිසා. කවදා අපේ රටවල් හැදෙයිද දන්නෙ නැහැ. (නි)
ජනා තරහ ගන්නෙපා. හැබැයි ඔබ බස් දිවෙව්වට බස් එකේ ගිහින් නැද්ද කියල මට හිතෙනවා. දුර/මැද/කෙටි කියල නැ. ගොඩක් බස් රියැදුරු, කොන්දොස්තර මහත්තුරු සල්ලි ගැන විතරයි හිතන්නේ. සේවාව, හැසීරීම් අන්තිම පහත්. කොළඹ අවට බස් සේවාවන් විශේෂයෙන්. උදා:- 255, 150, (නදී)
ජනාගේ ජානවල අප්සට් එකක් තියෙනවා. මේ බස් එක බලපුවහම කියන්න පුලුවන්. ඒ රියදුරාගේ අමිමා සහ තාත්තා ඉබ්බෝ නොවෙති. රියදුරා අශවයෙක්ගෙන් පැවත එන බව පෙනේ.(නදී)
මම හිතුවේ ගුණසේකර බස් එක කියලා. (නි)
අයියෝ අපරාදේ බස් එක (ත)
විශේෂයෙන්ම වවුනියා, කොළඹ පෞද්ගලික බස්රථ රියදුරන් මාර්ගයේ රිය පදවන ආකාරය ගැන බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබෙනවා. මහපාර ඔවුන්ගේම පමණක් කියලා හිතාගෙන තමයි බස් රථය පදවන්නේ. අනෙකුත් රියදුරන්ට සිදුවී තිබෙන්නේ තමන්ගේ වාහනය අයින් කරගෙන මොවුන්ට රිසිසේ මාර්ගයේ යාමට ඉඩදීම පමණයි. මහපාරේ තිබෙන අනෙක් මාෆියාව තමයි වැලි පටවාගත් "ටිපර් රථ රියදුරන්". ලංකාවේ කුමන ප්‍රදේශයකදී වුවත් මොවුන්ට මහපාරේ තිබෙන්නේ විශේෂ බලයක්. අනෙක් රියදුරන් සහ මගින් අසරණයි. මේවා ගැන කාටද? කොතනටද පැමිණිලි කරන්න තියෙන්නේ? පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට මේවා පෙනෙන බවක් නම් අපට පෙනෙනෙන නැහැ.ඔවුන්ට පෙනෙන ලොකුම වැරැද්ද තමා කුඩා මෝටර් සයිකලයේ යන අයෙකුගේ හෙල්මට් එක සහ පාරේ තියන තනිඉර සෙන්ටිමීටර් කීපයක් කැපී යන ආකාරයේ රිය ධාවනය. මෙම නීතියත් ඉහත කී රියදුරන්ට බලපාන්නේ නැහැ. පොලිසිය නිසි ලෙස ක්‍රියාත්මක වී අවිනීත රියදුරන් නිතිය හමුවට පැමිණවීමට විශේෂ වැඩපිළිවෙලක් යොදනවා නම්, ඉදිරියේදී රිය අනතුරු අවම කර ගැනීමට හැකිවේවි. (නි)
මේක අධිවේගී මාර්ගයේ වුණා නම් මාර්ගය සම්පූර්ණයෙන්ම වහන්න තරම් ඉල්ලීම් ඒවි. (නි)
ජනා හරි.මේ බස් එක ගොඩක් ලස්සන පාටයි. කඩවසම් පෙනුමක් තියෙන්නේ බස් එකට. අපරාදේ බස් එක. මිනිස්සුන්ට ඉක්මන් සුව පතමි. දුර ගමන් සේවා ඉබි ගමන් ගියොත් ගමනට සෑහෙන්න වෙලාවක් යාවි. බස් රථයේ වේගයත් පාරේ ඇති පටු ස්වාභාවයත් අනතුරට හේතු වෙන්න ඇති කියා සිතනවා. සාමාන්‍යයෙන් උදෑසන කාලයේ ගාලුපාරේ පානදුර සිට කොළඹට එනවිට අලුත් පාරේදී නම් බස් රථ පැයට කිලෝමීටර 80 සීමාව ඉක්මවා යනවා. අන්තර් පළාත් බස්රථ නම් සාමාන්‍යයෙන් පැ.කි. 100ක පමණ වේගයෙන් ධාවනය කරනවා. එම වේගය එය බස් රථය පැමිනෙන දුර, රියදුරුගේ ස්වාභාවය හා ගේමට එන බස් රථය කොතනද යන්න වග මත තීරණය වෙනවා. නමුත් එහි මාර්ගය යන එන මංතීරු වෙන්කර ඇති නිසා දෙයියනේ කියා රිය අනතුරු අඩුයි. එම නිසා බස්රථ රියදුරන් මාර්ගය ගැන සිතා ගමන් කරන්න. ඔබ අත ජීවිත විශාල ප්‍රමාණයක් තීරණය වෙනවා (නි)
මේ බස් එකේ වම් පැත්ත තමයි. පේනවා නේද සීට් තියෙන්නේ ඉස්සරහට, පස්ස දොරට ඉස්සරහ තමය වැදිලා තියෙන්නේ.ටිපරයට ඉස්සර කරන්න යද්දී වදින්න ඇත්තේ. (නි)
ජීවිතයේ කළ ලොකුම මෝඩකම.. (නි)
ලංකාවේ කොහෙද පොලිසි තියෙන්නේ? අහිංසකයින්ව කන්න හදන පොලිසි විතරයි තියෙන්නේ. මේ සේරම ගානට පගාව දීලා මේවා කරන්නේ. (නි)
මෙම බස් එක දෙස බලද්දී හැපිලා තිබෙන්නේ පසුපස භාගය.මමත් බස් එකට නැග්ගහම බොහෝ වෙලාවට පසුපස භාගයේ තමයි අසුන් ගන්නේ. බොහෝදුරට මැද භාගය අසුන් ගැනීමට වඩාත් සුදුසුයි කියා මා හිතනවා. (නි)
මොවුන්ගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන්න... (ස)
බස් එක ඇවිත් තියෙන විදිහ හිතා ගන්න පුළුවන්. (ස)
කණගාටුයි (නි)
මම මෙච්චර දවසක් බස් එකේ යන කොට පුළුවන් තරම් මහන්සි වෙලා වාඩි වුනේ වම් පැත්තේ. මම හිතුවේ ඒ පැත්ත ආරක්ෂිතයි කියලා. මේ ඡයාරූපෙ බලපුවහම ඒ අදහසත් නැතිවුනා. පොඩි දරුවෙක් එහෙම වාඩිවෙලා හිටියා නම්...... මේ කඩිකුලප්පුව හැදෙන උන්ගේ බලපත්‍රය සදහටම තහනම් කරන්න නීති හදන්න ඕනි. (ස)
හෆොයි මේ අර බස් එක නේද? (නි)
අමිල, මේ වම නෙමෙයි. දකුණු පැත්ත... (ස)
එයාට වවුනියා බස්ම විතරක් අටක් තියෙනවා (නි)
ඔය හැමෝම කෑ ගහන්නේ දැන් තමා. බස් එක හිමින් යනවා නම් ඔය හැම එකාම කියන්නේ එක්කෝ රියදුරාගේ අම්මා ඉබ්බෙක්, නැත්නම් තාත්තා ඉබ්බෙක් කියන එකයි. රියදුරු කෙනෙක් කවදාවත් ඕනෑකමින් බස් එකක් හෝ කිසිම වාහනයක් හප්පන්නේ නැහැ. මේ දුර දුවන බස් තරගයක් යන්නේ. නැත්නම් මේ රැකියාව කරන්න බැහැ, මං බස්කාරයන්ට කඩේ යනවා නම් නෙමෙයි. දුරගමන් සේවා බස් එකක් කරපු නිසයි දන්නේ (නි)
නොසැලකිල්ල නිසා වෙන ධරුනු අනතුරු (දී)
ධනුජට වම, දකුණ මාරු වෙලාද?? අමිල හරි... (ස)
කණගාටුයි.... (ස)
කොහොමත් ඔය නම තියෙන බස් පාරේ යන විදිහ මං හැමදාම උදේට දකිනවා.ඔය හැප්පිලා තියෙන විදිහට හැප්පුනේ නැත්නම් තමා පුදුම වෙන්ඩ ඕනේ.... (ස)
කොහොමත් මෙයාලගෙ බස් පාරේ යන්නෙ මහ නරක විදියට.එයාලා හිතන්නෙ මුළු පාරම එයාලගෙ කියලා... (ස)
ධනුජලගේ පැත්තේ බස් වල මිනිස්සු වාඩි වෙන්නේ පස්ස පැත්ත බලාගෙන වෙන්න ඇති. ඒකයි එයට වම දකුණ මාරු වුනේ. අපේ පැත්තේ බස් වල නම් සීට් ගහල තියෙන්නේ ඉස්සරහ බලාගෙන යන්න. (ස)
ෆොටෝ එකේ තියෙන විදිහට ටිපර් එක තමයි බස් එක හප්පලා තියෙන්නෙ.. (අ)
අදහස් වල සදහන් පරිදි ම අවසානයේ අනතුර බස් රථයේ හෝ ටිපර් රථයේ රියදුරු ගේ වැරදි බව තිරණය වේවි. නමුත් මෙහි තවත් මතු කල යුතු පැතිකඩක් තියනවා. මෙය ලංකාවේ ප්‍රධාන මාර්ගයක් නමුත් මෙම ප්‍රදේශෙයේ පාර ඉතාමත් පටුයි අනතුරුදායකයි.ඒ නිසා ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශයේ මාරක රිය අනතුරු සාපේක්ෂව බහුල සිදුවී තිබෙනවා.එසේ ම එම අනතුරු වැලැක්වීම පොලීසියේ දායකත්වය ද එතරම් සතුටු දායක නෑ. මේ නිසා මේ පිළිබඳව රියදුරන් සහ වගකිව යුතු අංශ නිසි ලෙස කටයුතු කරන්නේ නම් වටිනා ජීවිත හා මහජන දේපල තව තවත් ආරක්ෂා වේවි. (ස)
පර්මිට් එක අවලංගු කරයිද දන්නෙ නැහැ (නි)
මෙතරම් රියදුන්ට බනින කී දෙනෙකුට පුළුවන්ද දන්නෙ නැහැ පටුපාරක අනතුරක් නොවී බසයක් හෝ ටිපර් රියක් පදවන්න? (නි)
චින්තන ද සිල්වා, ඔබ ඇත්තටම හරි.හැබැයි පාර පටු බව දැන දැනත් මේ බස්කාරයෝ යන යෑමට ඇඟ හිරි වැටෙනවා. (ස)
අම්මෝ! (නි)
හැමදාම උදේට ඔය නම තියෙන බස් 2ක් මම දකිනවා. කඩවත දි. එකක් වව්නියාවට යනවා, අනික කොළඹට එනවා.කඩවත ටවුන් එක මැදින් මේ බස් එක යන වේගෙට සහ යන විදිය බැලුවම තදබදය අඩු පාරකදි මෙහෙම අනතුරක් වෙලා තුවාල වෙලා බේරිලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගෙ වාසනාවකට ! (නි)
ටිපර් සහ බස්කාරයෝ කියන්නේ නිල නොලත් අළුගෝසුවෝ (නි)
බස් එකේ වම් පැත්තේ වැඩිවෙලා තමන් පරිස්සම් වෙන තැනට මිනිස්සු පත්වෙලා.තමන්ගේ දුව පුතත් හැමවිටම වමෙන් ගිහින් බේරෙයි කියලා හිතනවද ? එතකොට පයින් යන අක්කගේ පුතා,මෝටර් සයිකලේ වැඩට යන තමන්ගේ මල්ලි තව වැලි ලොරි කාරයෙක් හරි බස්කාරයෙක් හරි තරගයට යද්දී යටකරගෙන නොයයි කියලා හිතනවද ? මේක හරියන්නේ නැහැ.අපේ නහය ළගටම ගිලිලා ඉවරයි.අස්වාභාවික මරණය ලොකු පොඩි හැමදෙනා ළගටම ඇවිල්ලා.හැමදෙනාම එක්ව හඩක් නගමින් යමක් නොකළොත් හැමදෙන පරාද බව වැටහෙනවිට සියල්ල විනාශ වී අහවරය. (නි)
ඒ වගේම ටිපර් වාහන සහ කන්ටේනර් රාත්‍රී කාලයට ධාවනය කරන්න නීති ගෙනෙනවා නම් හරි (නි) නලින්
ජනා, ඔබ හරි. දුරගමන් සේවා බස් එකක් ධාවනය කරද්දී අනිවාර්යෙන්ම කෙටි දුර බස් එකක් ධාවනය කරන ආකාරයට ධාවනය කරන්න බැහැ. අපිත් අපගේ බස් රථය වවුනියාව-කොළඹ මාර්ගයේ හැමදාම ධාවනය කරන නිසා ඒක අත්දැකීමෙන් දන්නවා. මෙතන මේ බස් කාරයන්ගේ හැටි ඔහොම්මම තමයි කියන අය තමයි බස් එකට නැගලා මල්ලි කීයටද යන්නේ, ඩ්‍රයිවර් උන්නැහැගේ කකුල් පණ නැද්ද, තමුසෙලාට වෙලාවක් නැද්ද කියලා ආඩපාලි කියවන්නේ. මොනම ඩ්‍රයිවර්වත් හිතා මතා බස් එක අනතුරකට ලක් කරන්නේ නැහැ. මොකද ඒ මිනිහත් තමන්ට ආදරෙයි. මේ අනතුරට නම් හේතුව පාරේ පටු බව තමයි මං දන්නා තරමින් (නි)