ගිං ගඟේ වැලි ගොඩදැමීම නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය. පාලනයකින් තොරව වැලි ගොඩදැමීම නිසා ගඟ විනාශ වී ඉවුරු කැඩී ගොස් අවට ජනතාවගේ ජීවිතවලට ද තර්ජනයක් වී ඇති බැවින් ගිං ගඟේ ඉතිරිව ඇති ස්ථාන හෝ ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ගිං ගඟ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන කිහිපයක් විසින් කරන ලද ඉල්ලීකට අනුව දිසාපතිවරයා විසින් මේ බව පොලිසියට දැනුම් දී තිබේ.
එමගින් පවසා ඇත්තේ ගොන්ගලල සිට දෙණියාය දක්වා කොටසත්, හත්මාලේ දිය ඇල්ලට ඉහලින් කිලෝ මීටරයක දුරකින් පටන්ගෙන මෙදේරිපිටිය දක්වා කොටසත්, මෙදේරිපිටියේ සිට පිටදෙණිය ලංකාගම හරහා පැමිණ මාදුගැටේ නව පාලම දක්වා කොටසත් ආරක්ෂාකර දෙන ලෙසයි. එමෙන්ම ගිං ගඟට එකතුවන අතු ඇළමාර්ග වන කිරිඳිවැල් දොළ, පතන ඔය, හීන්දොළ, අරනුුව දොළ, මහ ඇළ, දෙල්ලව ඇළ, කන්නලි ඇළ හා නන්නිකිත ඇල දැන් පවතින තත්ත්වයෙන් හෝ බේරාගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද දිසාපතිවරයා දැනුම් දී තිබේ.
ගිං ගඟේ අතීත ස්වභාවය
ඇල මාර්ග කිහිපයක් වැලි ජාවාරම් කරුවන්ගෙන් බේරී අති ආකාරය
ගං ඉවුරු විනාශ වී ඇති ආකාරය
ඉවුරු විනාශ කැර ඇත.
බෝට්ටු යා නොහැකි ස්ථානවල වැලි ගොඩදමන ආකාරය
වාහන යා නොහැකි තැන්වල වැලි ගොඩදමා පෝර උරවල දමා ඇති ආකාරය






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ලොකු පොඩි බේදයකින් තොරව හරිහැටි නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඉදිරියට වෙන්න තියෙන ආපදා අවම කරගන්න පුළුවන්. (නි)
ගඟේ වැලි වලට තියෙන හොඳම සහ සාර්ථකම විකල්පය කළුගල් කුඩ (නදී)
මේ හිත් පිත් නැති මිනිස්සුන් හාරා විනාශ කර දමන්නේ තමන්ට උත්පත්තිය දුන් හා සෙවන දුන් මව් බිම නේද කියල හිතනකොට මොවුන්ට රජ කාලේ දුන් දඬුවම් දෙන්න ඕනේ කියල හිතෙනවා.(නදී)
මෙි කුඩා පිියවර ලංකාවේ සියලුම ගංගා හා අතු ගංගා රැකගැනීමට තැබූ යෝධ පිම්මක් වෙිවා! (නදී)
මෙම සාපරාධී ක්‍රියා නවත්වන්නේ නම් අප ප්‍රදේශයට කරන මහත් සේවයකි. (නි)
අපිට මේ ස්වභාවික සම්පත රැකගන්න අවස්ථාවක් නොලැබුණ එක ගැන හරිම කණගාටුයි (නි)
සමහරවිට අර උඩ තියෙන ඡායාරූපයේ ඉන්නෙ අහිංසක පවුලක් වෙන්න පුළුවන්. ඒ අය එදා වේල හොයාගන්න මේ රස්සාව කරනවා වෙන්න බැරිද. මොකද මේක ලෙහෙසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ. ඒ අය ගැනත් බැලුවොත් හොඳයි. (නි)
වැලි ගොඩ දමන්නේ ජීවත් වීමට මුදල් සොයා ගැනීමටනේ. සානුකම්පිතව මෙම ප්‍රශ්නය විසඳීමට නම් මෙම ජනතාවට වෙනත් රැකියා ලබා දෙන්න. ඉන් පසුවත් වැලි ගොඩ දමනවා නම් නීතිමය දඬුවම් දෙන්න. (නදී)
දුප්පත් මනුස්සයෙක් ගෙයක් හදාගන්න වැලි ගත්තට මෙහෙම වෙන්නේ නෑ. වහින කාලෙට, වැලි නැවත එකතුවෙනවනේ. ලොකු ජාවාරම් කාරයෝ කරන මහා පරිමාන වැලි ගොඩ දැමිමෙන් තමයි මෙහෙම ඉඋරු විනාස වෙන්නේ. දැන් ඉතින් පොලිසිය පොඩි මිනිහා කරනදේ නවත්වනවා. එ්ත් ලොකු ජාවාරම් කාරයෝ කරගෙන යාවි. මොකද මිනිසුන්ට ගෙවල් හදන්න වැලි අවශ්‍යම දෙයක්. මේකට වෙනත් විකල්පයක් සෙවිය යුතුයි (නදී)