ගාල්ලට අධික වැසි ලැබීමත් සමග ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ගිං ගඟේ බද්දේගම ජල මාපකය අද පෙරවරුවේ 4.2ක ජල මට්ටමක් පෙන්නුම් කළ අතර ජල මට්ටම වැඩිවීමෙන් මේ වන විට බද්දේගම සිට පරණ නාගොඩ පාර ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය අසල ජලයෙන් යටවී ඇතැයි කියති.
මාර්ගය සේදී යාම හේතුවෙන් ස්ථාන දෙකකින් එම මාර්ගය වසා දැමීමට බද්දේගම පොලිසිය කටයුතු කර ඇත. ගිං ගඟේ ජල මට්ටම අඩුකිරීම සඳහා මෝයකට පුළුල් කිරීමට කටයුතු යොදන බවද ආපදා කළමනාකරණ ඒකකය කියයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd