IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඛනිජ තෙල් ජාවාරම් කළොත් කටාර් රියාල් මිලියනයක දඩයක්

oil-FC

 

පැට්‍රෝලියම් නිෂ්පාදන ජාවාරම්වලට වැට බඳින 2016 අංක 06 දරන නීතිය කටාර්හි එමීර් ෂෙයික් ටාමිම් බින් හමාඞ් අල් තානි මහතා විසින් පසුගියදා නිකුත් කරනු ලැබීය. නව නීතියට අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන ජාවාරමේ යෙදෙන ඕනෑම පුද්ගලයකුට වසර 10 ක් දක්වා වූ සිර දඬුවමක් සහ කටාර් රියාල් මිලියනයක් දක්වා වූ දඩයක් නියම වනු ඇත.


එසේම තම ඛනිජ තෙල් කෝටාව විකුණන හෝ නැවත විකුණන හෝ එය නියමිත කාර්යයෙන් පිට වෙනත් කාර්යයන් සඳහා යොදා ගන්නා ඕනෑම පුද්ගලයකුට වසර 3කට නොවැඩි සිරදඬුවමක් හෝ කටාර් රියාල් 500,000කට නොවැඩි දඩයක් හෝ මේ දෙකම නියම කළ හැකිය.


නව නීතියට අනුව ඛනිජ තෙල් නිෂ්පාදන යනු හයිඩ්‍රෝකාබන් හෝ වෙනත් අදාළ අමුද්‍රව්‍යයක් යොදා ගනිමින් පිරිපහදුවක් තුළදී නිෂ්පාදනය කරන ඕනෑම නිෂ්පාදනයක් වන අතර ඊට ඩීසල්, ගෑස්, තෙල්, එල්පීජී, බෙන්සීන්, පැට්‍රෝල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන, එංජින් සඳහා යොදන තෙල් සහ ලිහිසි තෙල් වෙයි. මෙම නිෂ්පාදන බලපත්‍රයක් නොමැතිව අලෙවි කිරීම හෝ නැවත අලෙවිය, ව්‍යාජ ලියකියවිලි යොදා ගනිමින් එම නිෂ්පාදනවලට සම්බන්ධ ගනුදෙනු සිදුකිරීම මෙන්ම නම් කරන ලද කාර්යයෙන් පරිබාහිරව වෙනත් කාර්යයක් සඳහා එම නිෂ්පාදන යොදා ගැනීම ඉහත නීතියෙන් තහනම් කර තිබේ.


එසේම ඇටෝර්නි ජෙනරාල්වරයාගේ අනුමැතියට යටත්ව කටාර් පැට්‍රෝලියම් ආයතනයේ පරීක්ෂකයන්ට ඉහත නීතියෙන් අධිකරණ බලතල ලබාදී ඇති නිසා ඔවුන්ට නීතිය උල්ලංඝණය කරන්නන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට හැකියාවක් ඇත.



අදහස් (0)

ඛනිජ තෙල් ජාවාරම් කළොත් කටාර් රියාල් මිලියනයක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 531 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 320 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site