(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
උපයා ගත් ආකාරයක් හෙළි කිරීමට නොහැකි ලෙස මුදල් රැස්කර පර්චස් 8 දශම 67 වපසරියකින් යුත් ඉඩමක රුපියල් කෝටි 3 1/2 ක දල වටිනාකමක් තිබෙන දෙමහල් සුඛෝභෝගී නිවසක් ඉදිකරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අඩි 15 ක් උසැති තාප්පයකින් වට කරන ලද එම සුවිසල් නිවස ඇතුළු දේපළ ද තහනමට ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.
සැමියාට හෝ බිරිඳට නිසි රැකියාවක් නොමැතිව කිසියම් නීති විරෝධී කටයුත්තක නිරත වෙමින් බෝකුන්දර පාසල් මාවතේ සුඛෝ භෝගී දෙමහල් නිවසක් ඉදිකරමින් පවතින බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට 2023 වසරේ ලද රහසිගත තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාරිය විදේශ ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනුගාමිකයන් ලබා දෙන මත්ද්‍රව්‍ය කිරුලපන සහ වැල්ලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ජාවාරම සිදු කරන බවට විමර්ශනවලදී හෙළිවීමෙන් අනතුරුව 2024 වසරේදී සැකකාරියට විරුද්ධව විදේශ ගමන් තහනමක් ලබාගත් බවද පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෝටි තුනහමාරක දේපළ තහනමක්:කාන්තාවක් අත්අඩංගුවට
ගුණරත්න Wednesday, 30 July 2025 01:31 PM
දැන් කාලේ කෝටියක් කියන්නේ 90' ගණන් වල ලක්ෂ 10ක් වගේ. කෝටි 3ක් වටිනා නිවසක් කියන්නේ ඉඩමත් එක්ක නිවසේ වටිනාකම නම් ලොකු දේපලක් නෙවෙයි. ලංකාවේ නගරබද සාමාන්‍ය නිවසක වටිනාකම තමයි ඒ!