
(ඩයනා උදයංගනී)
ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පා සංවිධානය කර තිබූ විරෝධතා ගණනාවක් කොළඹ නගරයේ දී අද (4) දිනය පුරා පැවැත්විණි.
නිදහස් චතුරස්‍රය, ලිප්ටන් වටරවුම, ෂැංග්‍රිලා හෝටලය අසල, දියත උයන, රාජගිරිය ගුවන් පාලම අසල, නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට, කොළඹ ජාතික රෝහල හා කොළඹ විශ්ව විද්‍යාලය අසල, කොම්පඤ්ඤවීදිය ආදී වශයෙන් ස්ථාන රැසකදී ජනතාව විසින් විරෝධතා ගණනාවක් සංවිධානය කර තිබිණි..
ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් තරුණ නීතිඥ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙන්ම වෘත්තිකයන් එක්ව සංවිධානය කළ සාමකාමී විරෝධතාවයක් ද කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.
තරුණ නීතීඥයින් සහ ජනමාධ්‍යවේදීන් මෙන්ම විවිධ වෘත්තිකයින් විශාල පිරිසක් එයට එක්ව සිටියහ.
පැයකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වූ පිරිස අනතුරුව එම ස්ථානයේ දේශාභිමානී ගීත ගායනා කරනු දක්නට ලැබිණි.
කලාකරුවන් විසින් සංවිධානය කළ විරෝධතා කිහිපයක් බත්තරමුල්ල දියත උයන, රාජගිරිය ගුවන් පාලම, කොළඹ ෂැංග්‍රිලා හෝටලය ඉදිරිපිට දී පැවති අතර නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් රැසක් එයට එක්ව සිටිනු දක්නට ලැබිණි.
රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, සංගීතා වීරරත්න, සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ, මහේෂි මධුෂංකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්වර්ණමාලි, තුමිඳු දොඩන්තැන්න, හේමාල් ගුණසේකර, මුතු තරංගා, අභිෂේකා විමලවීර, රයිනි චාරුකා, සජිත අනුත්තර, ශානිකා වනිගසේකර, නලීන් පෙරේරා, චිත්‍රාල් සෝමපාල, සංඛ දිනෙත්, දුලීකා මාරපන, අශාන්ති ද අල්විස්, පේෂල මනෝජ්, දමිතා අබේරත්න ආදී ජනප්‍රිය කලාකරුවන් රැසක් මෙම විරෝධතාවයන්ට එක්වූහ.
හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මෙන්ම හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතාගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර මහත්මිය ද කොළඹ දී පැවති විරෝධතාවන්ට එක්ව සිටියහ.
මෙම විරෝධතා පැවති ස්ථානවලින් ගමන්ගත් වාහනවල රියදුරන් වාහනවල නලා නාද කරමින් විරෝධතාවයන්ට සහය දැක්වූ අතර ඇතැමුන් ජල බෝතල් ආදිය බෙදාදෙමින් ඔවුන්ට සහයෝගය ලබාදුන්හ.
එමෙන්ම වාහනවල ගමන් ගත් පිරිස් ද තම වාහනවල ආණ්ඩු විරෝධී සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ඹනය කරමින් ගමන් කරනු දක්නට ලැබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රීසිය නැගිට්ට හැටි ආදර්ශයට ගෙන දේශපාලකයන්ට වන්දිභට්ටකම් කරන වියතුන් නොව ඉතිහාසයේ ප්‍රායෝගිකව ලෝකයේ වෙනත් රටවලට එවැනි ආර්ථික උපදෙස් සපයා ඇති ලාංකික විශේෂඥ මණ්ඩලයකට ආරාධනා කළ යුතුයි. කරට අතදාලා නැදෑකම් කියන අයව හැගීමිබරව දේශපාලකයන් කිරීම දැන්වත් නවත්වන්න. රැකියාවක් ලබාගන්න අධ්‍යාපන සුදුසකම් වගේම අතීතයේ පෙන්වා ඇති අවංකකම මෙන්ම දක්ෂතාවයන් සැලකිල්ලට ගන්නා සේම රට කරවන්නට නූගත්, පොතට උගත් මෙන්ම අදුරු අතීත වංචනික වාර්තා තැබූවන් පත්කර නොගෙන දේශපාලක ගැතිබව නිසා මේ රට දකුණු ආසියාවේ ආපස්සටම ගිය හැටි ආදරශයට ගත යුතුයි. මෙවැනි වැරදි යළි නොකර පාට කණ්නාඩි ඉවත ලමු.
මේ ඇවිල්ලා බොරු පොෂ් රැල්ලක්!! රට හදන්න නෙවි! මේ හදන්නේ ඉරාකයේ සහ ලිබියාවේ නායකයින්ට අත්වුණු ඉරණම හදන්න! ගඩාෆි/සදාම් හුසේන් එලවලා අද එම රටවල් දෙකම අරාජික වේලා! මේ හදන්නේ අප්‍රියෙල් 21 වෙනකොට මහින්දවයි, ගොඨාභයටයි පාරට ඇදලා දන්න! අමතක කරන්න එපා එහෙම උනොත් ශ්‍රි ලංකාවේ ජිවත්වෙන සිංහල ජාතියේ අවසානය වේවි! රට හදන්න ධම්මික පෙරේරා වගේ නායකත්වයක් ගෙනෙමු! ව්‍යවස්ථාව වෙනස් කරන්න බලකරමු! නිතිය ස්වාධීන පොලිස් කොමිෂන්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ , පලාත් සභා අහොසි කිරිම , මන්ත්‍රීවරුන් 125 අඩුකිරීමට බල කරමු! නව නායකත්වයට රට බාර කරමු! සජිත්/අනුර/පාඨලි/විමල්/උදය/නාමල් මේ සේරම හොරුන්ගෙත් හොරු!
දුප්පත් මිනිස්සුන්ට ලැබෙන්ඩ ඕනි අදායම් බදු නොගෙවන ප්‍රාඩෝ නෝනත් අකමැතියි.. අලුත් ආණ්ඩුවෙන් වස විස අනුමත කරන බව දැනගෙනත්, වස විස සහිත අහාර තමන්ගේ දරුවට දෙන්ඩ ඕනි කියන අම්මාවරු. දකින එකත් ලේසි නැහැ .
එහකොට තවමත් මැන්ඩිස්ලාට ඇහැරිලා නැද්ද අනේ මෙහෙමත් ආත්මාර්ථකාමියෝ.
මේකට සහභාගිවෙලා ඉඉන්න අය දිහා බලන්න මේගොල්ල සමාජේ එක්කෝ ඉහල එහෙමත් නැත්නම් ඉහල මද්යමපන්තිකයෝ ගෑස් සිලින්දරේ රුපියල් 4000 නෙමි හත් අට දාහක් උනත් පෙට්‍රල් ලීටරේ රුපියල් පන්දාහක් උනත් මේ කට්ටියට එක ඒ තරම් ප්‍රශ්නයක් නෙමි ළමයි ලපටි උනත් මේ අමනයගේ රටේ නැතුව ඇති නමුත් මෙයාල ආවේ කෑම දිරවන්න නෙමි අවන්කවම රට ගැන තියන කැක්කුමෙන් සරල උදාහරනේ තමයි සංගගේ බිරිඳත් සනතුත් මේ ගොල්ලන්ට අර කියන ගෑස් පෙට්‍රල් ප්‍රශ්න බලපාන්නෙම නැහැ නෙව නමුත් සහභාගී උනේ පවිත්‍ර චේතනාවෙන් මම ඔවුන්ට සිරස නමා ආචාර කරනවා ජයවේව !