
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ ප්රධාන වාණිජ කලාපයට ආසන්න ප්රදේශයේ ඇමරිකානු ඩොලර් කෝටි 112 (බිලියන 1.12ක) වටිනාකමකින් යුත් ඉඩම් කොටස් නවයක් ආයෝජන ප්රවර්ධනය කිරීමේ අරමුණින් බදු දී ඇති බව වරාය නගරය කොමිෂන් සභාවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්හ.
ඇමරිකානු ඩොලර් කෝටි 100 වටිනාකමකින් යුත් තවත් ඉඩම් කොටස් හයක් බදු දීමට සැලසුම් කෙරෙමින් පවතින බව පැවසූ ඔවුහු රජයට අයත් ඉඩම් කොටස් 4ක්, (මුළු ඉඩම් වෙන් කිරීමෙන් 1/7 ක ප්රමාණයක්), වෙළඳපොළට ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළහ.
මේ දක්වා බදු දී ඇත්තේ චෙක් පෝර්ට් සිටි සමාගමට (CHEC Port City Colombo (Pvt) Ltd) අයත් ඉඩම් කොටස් පමණක් බව නිලධාරීහු සදහන් කළහ.
මෙම ඉඩම් වසර 99ක කාලයක් සඳහා බදු දෙන අතර සාමාන්ය වටිනාකම වර්ග මීටරයකට ඇමරිකානු ඩොලර් 3,000ක් බවද ඔවුහු සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd