
උතුරු කොරියා නායක කිම් ජොන් උන්, සිය දියණිය කිම් ජූ එ් ද කැටුව උතුරු කොරියාවේ ගිනි අවි නිෂ්පාදන කම්හලක් නිරීක්ෂණයට ගිය අතර, එහිදී ඇය එම කම්හලේ නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල පරීක්ෂා කිරීමට ද අමතක කළේ නැත.
කිම් ජොන් උන් මෙන්, දියණිය කිම් ජූ එ් ද එම පිස්තෝල පරීක්ෂා කළේ ඒවායින් ඉලක්කයට වෙඩි තබමිනි. පියා සහ දියණිය ඉලක්කයට වෙඩි තබව ඡායාරූප විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූයේ, උතුරු කොරියා නායකයාගේ දියණිය සටනට සූදානම් බව පවසමිනි.
කිම් ජූ එ් ඉලක්කයට වෙඩි තැබීමට දක්ෂ යැයි පැවැසෙයි. ඇය ගිනි අවි පුහුණුව පමණක් නොව ආත්මාරක්ෂක සටන් පුහුණුවක් ද ලබා ඇත. ඒ, හමුදා ප්‍රධානීන් යටතේය.
උතුරු කොරියාවේ නායකත්වය කිම් ජොන් උන් පවුල යටතේ පවතී. නායක කිම් ජොන් උන්ගෙන් පසු නායකත්වය හිමිවන්නේ කිම් ජූ එ් ට බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd