
(ගයාන් සූරිය ආරච්චි)
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ර්ත්මලානේ සයිමා නැමති මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුගෙන් අනාවරණය වූ තොරතුරු වලට අනුව මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපාණී ඉම්රාන් (KPI) මැලේසියාවේ රැදී සිටි ස්ථානයෙන් පලා ගොස් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
කංජිපාණී ඉම්රාන් නැමැත්තා අත්අඩංගුවට ගැනීම ඉලක්ක කරගෙන මෙරට පොලිස් කණ්ඩායමක් ඉකුත්දා මැලේසියාවට ගොස් තිබූ එහිදී කංජිපානේ ඉම්රන් නැමත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සමීපතමයකු වූ රත්මලානේ සයිමා නැමැත්තා මැලේසියානු පොලිසිය සහාය ඇතිව මෙරට පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේ වෙතත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙරටින් ගිය පොලිස් කණ්ඩායම මැලේසියානු පොලිසිය සමග එක්ව කංජිපාණී ඉම්රන් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවද අනාවරණය වේ.
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් රත්මලානේ සයිමා නැමැත්තා කාලයක් රත්මලානේ කුඩු අංජු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා තිබූ අතර පසුව කන්ජිපාණී ඉම්රාන් නැමැත්තා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd