IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කුඩු සමග ඇල්ලු විදුහල්පති දින හතක් ප්‍රශ්න කරන්න අවසර

(උපාලි ආනන්ද සහ බී.ඩබ්ලිව්.ඩි. ධර්මකීර්ති)

එප්පාවල ඇඳගල ප‍්‍රදේශයේදි හෙරොයින් කිලෝ 1 යි ග‍්‍රෑම් 184 යි මිලි ග‍්‍රෑම් 400ක් සමග  අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරුවකු දින 7 ක කාලයක් රඳවා  ප‍්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත‍්‍රාත් ගයත‍්‍රී හෙට්ටිආරච්චි මහත්මිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට නියෝග අවසර දුන්නාය.

මෙම සැකකරුවන් දෙදෙනාගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර විමර්ශන පොලිස් නිළධාරින්ට ලබා දෙන ලෙසට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල කළමනාකාරිත්වයට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරිය සැකකරුවන්ගේ ජංගම දුරකථනවල අදාල විශ්ලේෂණ වාර්තා විමර්ශන පොලිස් නිළධාරින්ට ලබා දෙන ලෙසට සියලූම රාජ්‍ය සහ පෞද්ගලික දුරකථන සමාගම් වල කළමනාකාරිත්වයට  නියෝග කරනු ලැබුවාය.

සැකකරුවන්ට වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වේවනම් ලබා දෙන ලෙසද පොලිසියට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරිය සැකකරුවන් රඳවා තබාගෙන ප‍්‍රශ්න කරන දින 7 ක කාලයට පෙර විමර්ශන අවසන් වුවහොත් ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙසත් එලෙස විමර්ශන අවසන් නොවුනහොත් සැකකරුවන් මේ මස 12 දින යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ රඳවා තබා ගෙන ප‍්‍රශ්න කරනුයේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාව ප‍්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු වන  ජයන්ත බාලසූරිය සහ   තරිදු ධනංජය වික‍්‍රමසිංහ යන සැකකරුවන්ය.

සැකකාර විදුහල්පතිවරයා විදුහල්පති තනතුරේ රාජකාරි කරන අතරවාරයේ දිර්ඝකාලයක් සිට හෙරොයින් ජාවාරම කරගෙන ගොස් ඇති බවට මුලික පොලිස් විමර්ශණ වලදි අනාවරණය වු පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.



අදහස් (1)

කුඩු සමග ඇල්ලු විදුහල්පති දින හතක් ප්‍රශ්න කරන්න අවසර

BBC Thursday, 06 November 2025 03:33 PM

ලංකාවේ ප්‍රාදේශීය සභා වලින් ආපු රටට වැඩක් කරන මන්ත්‍රිලා කවුද ? අති බහුතරයක් ගමේ බෝක්කු උඩ ඉඳගෙන කාලේ කාපු අය, නැතිනම් මේ වගේ කුඩු කප්පිත්ත්නගේ පවුල් වල අය, නැතිම නම්, බාර් අයිති කාරයෝ, කසිප්පු පෙරාපු උන් (කෑගල්ලේ හිටපු මහා ඇමැති). නැතිනම් සමාජයට වින කරන අය. ඒ අය එතැනින් පටන්ගෙන, ජාතික දේශපාලනයට ඇතුල්වෙනවා...

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 212 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site