
(අංජුල මහික වීරරත්න)
කිසිම කාරණයක් නිසා ජනවරම පාවා දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ රීබිල්ඩින් ශ්‍රී ලංකා සමාරම්භක උළෙල අමතමිනි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
බොහෝ දේ ව්‍යසනයට හේතු කරලා ඇඟ බේරගන්න හැකියාව තිබුණා. ඉතිහාසයේ එවැනි දේවල් සිදුවුණා.අවුරුදු තිහක් සියලු විනාශයන් යුද්ධයකට හේත්තු කළා.අප සකස් කර තිබූ වැඩපිළිවෙන ආපසු හරවන්න ව්‍යසනය පාවිච්චි කරන්න අපට කිසිම උවමනාවක් නෑ.අප හදාගත්ත න්‍යාය පත්‍රයේ එලෙසම යනවා.
අප පොර බදන්නේ සකස් කරන ලද වැඩපිළිවෙල අකුළුවන්නේ නැතිව මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ කෙසේද යන කාරණයයි.
කිසිම කාරණයක් නිසා අප ජන වරම පාවා දෙන්නේ නැහැ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ගැහුවේ මාලිමාවටයි.. දැන් නම් හොඳටම පිස්සු මේ මිනිස්සු සෙට් එකට.. පව් නොදී ඔයාගේ බෞද්ධයෝ සෙට් එක අරගෙන චුත වෙන්න.. ලජ්ජා නැද්ද හලෝ?
දැන් ඔබලට ජනවරමක් නැහැ. අධික බදු ගහනවා. අහින්සක මිනිස්සු පවා අදායම් බදු එකට ගෙන්නනවා. බැංකු ගනුදෙනුවක් කලොත් බදු ගහන්න ලිපි ලේඛන එවනව
බොරුව කයිවාරුව ඇඬිල්ල විතරයි. පොඩි මිනිසුන් ඉවරයි. වයිරය පමණයි. දරුවන්ගේ පෙළපොත් එයාලගේ අත් වලට දුන්නා නම් මොකද වෙන්නේ. අපේ ආගම දහමට ගරහනවා. ඔබට බැහැ. ගෙදර යන්න
රන්වල කතානායක කරපු දවසේ කරේ පාවාදීමක්. මොකද ඡන්දය ඉල්ලා සිටියේ උගත්තු එවනවා කියල. නමුත් හොරට ආචාර්ය කියාගත් කෙනෙක් කතානායක කරලා පාර්ලිමේන්තු ඉතිහාසේ උගත්ම තැනැත්තා කියාගෙන මිනිස්සු රැවට්ටුව.