(උපාලි රණවීර)

කිරිඳිවැල  ඉස්සල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී 80 හැවිරිදි එක්දරු මවක අභිරහස් ලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ කරාබු යුවළ ගලවාගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

මියගිය කාන්තාවගේ සැමියා සහ ඔහුගේ යුද හමුදාවේ මේජර් වරයකු ලෙස කටයුතු කරන පුතණුවන් ඇතුළු  ඥාතීහු අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාවක ගොස් ඇතැයි ද මූලික පරික්ෂණවලින් අනාවරණය වී ඇත.

ඇය තනියම නිවසේ සිටියදී වර්ෂාව පැවැති අවස්ථාවේදී සවස තුනට පමණ මෙලෙස ඇය ඝාතනයට ලක්ව ඇති බව  පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඇයගේ සිරුරේ තුවාල හෝ වෙන සලකුණක් දකින්නට නොමැති බව ද  කරාබු ජෝඩුව ගලවාගෙන ගොස් ඇති බවත් නිවසේ තිබූ අල්මාරිය හා අනකුත් පෙට්ටගම් ද ඇද දමා තිබූ බවත් පොලිසිය කියයි.