(උපාලි ආනන්ද)

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ඇහැටුවැව උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියා ලබන 28  දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මෙනෙවිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන නිපුනතා සංවර්ධන නිලධාරි ධර්මසිරි සිරිසේන සහ පද්මකුමාර සමරකෝන් යන සැකකරුවන් දෙදෙනාය.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරින්ඒකාබද්ධව කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් අධිකරණයේදී කියැවිණි. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මීළග නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.