අනතුරකින් දෑත් අහිමි වූ 45 හැවිරිදි ඉන්දීය ජාතික චිත්‍ර ශිල්පියකුට දෑත් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථක වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
චිත්‍ර ශිල්පියාට බද්ධ කර ඇත්තේ අවයව පරිත්‍යාග කළ කාන්තාවකගේ අත් වීම විශේෂත්වයකි.
මෙම පුද්ගලයාට ඔහුගේ දෑත් අහිමි වී ඇත්තේ 2020 වසරේ සිදුවුණු දුම්රිය අනතුරකිනි. අවයව ලබා ගත්, කාන්තාව මොළය මියගිය තැනැත්තියක බව ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
එම කාන්තාවගේ වකුගඩු, ඇස්, අක්මාව ආදිය ද තවත් පුද්ගලයන් තිදෙනකුට බද්ධ කළ බව ද පැවැසෙයි.
පැය 12 ක් ගත වුණු මෙම සැත්කම සිදු කර ඇත්තේ නවදිල්ලි අගනුවර ශ්‍රී ගංගා රාම් රෝහලේදීය.
20 දෙනකුගෙන් සමන්විත ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් මෙම සැත්කමට සම්බන්ධ වූ අතර ඔවුන්ට නායකත්වය දී ඇත්තේ වෛද්‍ය මහේෂ් මංගාල්ය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට