IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ක්‍රීඩා සතියක් - පා පැදි රැලියක්

(අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රීඩා සතියක් ප්‍රකාශයට පත් කළ බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

එම ක්‍රීඩා සතිය නිමිත්තෙන් ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහන සමඟ එක්ව  පාපැදි රැලියක් සංවිධාන කරන බව කී අමාත්‍යවරයා එම පාපැදි රැලිය   කොළඹ 07, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් හෙට (26) පෙ.ව. 6.00 ට ආරම්භ වීමට නියමිත බව කීය.

මෙම පාපැදි සවාරියේ උපරිම දුර කි.මී. 100 ක් වන අතර, කි.මී.50, කි.මී.25 කි.මී.10, සහ කි.මී.05ක දුරක් වුවද ධාවනයට එක්විය හැකි බවද අමාත්‍යවරයා කීය.

ක්‍රීඩා සතිය හෙට(26) සිට ලබන 31 දක්වා පැවැත්වෙන අතර එමඟින් ක්‍රීඩාව ජනතාව අතරට ගෙනයාමටත්, මෙරට ජනතාව ක්‍රීඩා සංස්කෘතියකට යොමු කරවීමටත් බලාපොරොත්තු වන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.

නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී හෙට පස්වරු 3  සිට ජිම්නාස්ටික්, වූෂු,ටයිකොන්ඩෝ,කරාතේ,පාපන්දු ප්‍රදර්ශනාත්මක තරඟ පැවැත්වීමට  නියමිත බවද අමාත්‍යවරයා කීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන සංකල්පයට අනුව ' දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමට ක්‍රීඩා සතිය මූලික කරගන්නා බවයි. ඒ අනුව ක්‍රීඩා සතියෙහි තේමාව වන්නේ ' ජව සම්පන්න පුරවැසියෙක්, ජයග්‍රාහී ජනතාවක්' යන්න බවද අමාත්‍යවරයා කීය.



අදහස් (0)

ක්‍රීඩා සතියක් - පා පැදි රැලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 95 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 346 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site