අඟහරුවාදා (29) සවස කළුවරගස්වැව නිවසකින් අතුරුදන් වූ බව කියන අවුරුදු තුන හමාරක දැරියක කිලෝමීටර 13ක් පමණ දුරන් පිහිටි රක්ෂිත වනාන්තරයක සිටිය දී අද (30) අලුයම සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
රක්ෂිතයක එතරම් දුරක් දැරිය ගියේ කෙසේදැයි ගැටළු සහගත මුත් දැරිය පැහැර ගත් බවට මෙතෙක් සාක්කි ලැබී නැතැයි ද පොලිසිය පවසයි.
දැරිය අදෘෂමාන බලවේගයකින් කැළයට ගෙන ගියැයි පැතිර යන මිත්‍යා මත ප්‍රතික්ෂේප කරන බව පොලිසිය කියයි.
පුවත්පත්හි ළමයින් සම්බන්ධ නොයෙකුත් වාර්තා පළවන මේ සමයේ මෙවැනි සිද්ධි ගැන මාධ්‍යවේදීන් මෙන්ම මහජනයාද සංවේදීව හා වගකීමෙන් ක්‍රියා කළ යුතු යැයි මනෝවිද්‍යාඥයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලාසිතාවක් වෙලාද(ම)
දෙවි පිහිටෙන් අනතුරක් වෙලා නැති එක ලොකු දෙයක්.(ම)
මනෝ විද්‍යාඥයන්ගේ කාලෝචිත හා හරවත් ප්‍රකාශය දෙස රටවැසි අපි,අපේ මිත්‍යා කඩතුරා හැර දෑසේ බැලිය යුතුයි (ම)
දෙමාපියන්ගේ නොසැලකිල්ල අදෘශමාන බලවේගයක් වෙලා ජාතියේ මල් කැකුළු මිථ්‍යාව ඉදිරියේ පරවෙන්න දෙන්න එපා. (ර)
ළමා අපරාද පිළිබඳව පුවත්පත් පාලනයක් අවශ්‍යයි.(ම)