කළුවරගස්වැව දී කළුවරේ සන්ධාන මන්ත්‍රීවරයකුගේ පෝස්ටර සමඟ සෙල්ලම්බඩු තොගයක් අත්අඩංගුවට ගත්තාලු. බෝල දෙකක්, බැට් දෙකක්, විකට් හයක් සමඟ පෝස්ටර තොගයක් හිටපු උප ඇමැතිට සම්බන්ධ වාහනයේ තිබුණාලු.
ඒත් සිවිල් පිට සිටින බුද්ධි අංශ සාමාජිකයන් කිහිප දෙනකුම ඒ බව දැක්කාලු. හැබැයි පොතට යන විට සෙල්ලම්බඩුවල විකට් කැඩිලාලු. පොතේ දැන් ලියා ඇත්තේ පෝස්ටර පමණක්ලු.
ඡන්දෙට බැට්, බෝල, විකට් බෙදන කතාව දැන් නිල වශයෙන් ගේන්න බැරිලු. බුද්ධි අංශ ඇස් බොරු නොකළත් කාකි කබා ඇස් වල ලොකු තිමිර පටලයක්ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝල 2 බැට් 2 මුළු දිස්ත්‍රික්කෙටම බෙදන්න වෙන්න ඇති. මේවා දැකල පන පලයන් පෙරේදා (බ)