ආනන්ද සරත් කුමාර හිටපු පළාත් සභා මන්ත්‍රී විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දන ගැස්වූ බව කියන සිද්ධියට විරෝධය පා අද උද්ඝෝෂණ කිහිපයක් සංවිධානය කර ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුව කියයි.

කොළඹ ලිප්ටන් වටරවුම ,  මහනුවර පළාත් අධ්‍යාපන කාර්යාලයය ඉදිරිපිට සහ අනුරාධපුර කඩදොලහේදී අද පස්වරු දෙකට ද, මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට පස්වරු එකට ද මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බව වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය, පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සහ සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුවට අයත්ය.