IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


‘කොළඹට පිවිසීම-පිටවයාම නවතාදමා ඇතැයි කීම බොරුවක්’

කොළඹ හෝ වෙනත් පළාතකට හෝ ඇතුළු වීම සහ  ඉන් පිටවීම වළක්වා,  සියලු දොරටු වසාදමා හුදකලා නගරයක් බවට පත්කර ඇති බවට පැතිරයන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාමත් සමඟ මෙවැනි අසත්‍ය කටකතා පැතිර යන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

'කොළඹ නගරය වසාදමා ඇති බවට පළවන කටකතාවල කිසිදු සත්‍යයක් නැහැ. අපේ වෛද්‍ය කණ්ඩායම් මෙම තත්වය සියුම්ව නිරීක්ෂණය කරමින් සිටිනවා. වයිරසය ව්‍යාප්තිය අවමකිරීමට ඔවුන් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා' යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඊයේ දිනය වනවිට ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබූ බවද ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට ගුවන් මගීන් පැමිණීමත් සමඟ මෙම ආසාදිතයන් ගණන වැඩි වූ බවද සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

මේ වනවිට පුද්ගලයන් 4000ක් පමණ සිය නිවාසවලට වී ස්වයං - නිරෝධායනයට යොමු වී සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය නිතර නිරීක්ෂණය කරමින් සිටින බවත් අමාත්‍යංශය සඳහන් කරයි.



අදහස් (0)

‘කොළඹට පිවිසීම-පිටවයාම නවතාදමා ඇතැයි කීම බොරුවක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 299 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 827 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1253 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site