IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළඹට ගාල්ලට මාතරට වැස්සෙන් හානි

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සමග නිල්වලා සහ ගිං ගංගා පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පවුල් 4930ක 18,917 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත්සතර, ඇල්පිටිය, හබරාදූව, බෝපේ- පෝද්දල, යක්කලමුල්ල, බද්දේගම, හික්කඩුව, අක්මීමන, ඉමදූව, ගෝනාපීනුවල, කරන්දෙ‚ය සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් පවුල් 3411කට අයත් පුද්ගලයින් 13.057 දෙනෙක් සහ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, මාලිම්බඩ, මාතර, හක්මන, පිටබැද්දර, පස්ගොඩ, මූලටියන, දෙව්නුවර, අකුරැස්ස, වැලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් පවුල් 1519කට අයත් පුද්ගලයින් 5860දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම පීඩාවට පත්වූවන්ගෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 44ක  189 දෙනෙකු සහන කදවුරු පහක ද, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 671ක  2352 දෙනෙකු සහන කඳවුරු හයක ද  රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

නායයෑම් අවදානමක් නිසා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔහියවත්ත ලයින් නිවාසවල ජීවත් වන පවුල් දහයක් අද එම ස්ථානයෙන් ඉවත් කළ බව අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මහින්දපාල මහතා කියයි.

rain-colombo_20159308 rain-colombo_201593082 rain-colombo_201593083

ඡායාරූප - ලහිරු හර්ෂණ

(කොළඹ කිංසි පාර ජලයෙන් යටවී තිබූ අයුරු)

rain-kinsy_20159309 rain-kinsy_201593092 rain-kinsy_201593093

ඡායාරූප - ඉෂාන් සංජීව

වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

කොළඹට ගාල්ලට මාතරට වැස්සෙන් හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site