සමාජවාදයේ පියා නමින් කැපවුණු තැනක මංගල සටන ආරම්භ කැරිණි. ඒ සටනට ආපු අයට වරදානද ලැබුණාලු. බලය නැති කාලෙත් මේ වරදාන ලැබෙනවාලු. ගෑණුන්ට කුඩයක් හා පිරිමින්ට සැර ජාතියක් ලැබුණාලු. ගැහැණුන්ට අව් රශ්මිය දරා ගැනීමට නොහැකි නිසා කුඩයක් ලබාදුන් අතර පිරිමි අයට රස්නය උපදවන සැර ජාතියක් ලබාදුන්නාලු.
මේවා ලබාදුන්නේ සංවිධායකයෝ කොළොම්පුරයට ගෙනා අයටලු. රක්ත හා නීල වර්ණ හිස් වැසුම්ද ලැබිණි. බත් පාර්සලයක් ද ඔවුනට ලැබිණි. හවස 4ට පමණ ඇනවුම් කළ බත් පාර්සලය සවස 7.30ට පමණ ඇස්වාට්ටුව ප්‍රදේශයේ තණබිස්සේ වාඩිවී ආහාරයට ගන්නා අයුරු දැකිය හැකි විය.
ඔවුන්ට එය විනෝද ජනක අවස්ථාවක් විය. ප්‍රවාහනය නොමිලේය. ආහාර පාන නොමිලේය. තෑගි බෝගත් හිමිවිය.
ඔවුන් දැන සිටියේ තමන් කොළොම්පුරයට ආ බව පමණක්ලු. බර වචන යොදා රැලිය ඇමතූ බොහෝ දෙනාගේ නම් පවා ඔවුන් දැන සිටියේ නැතිලු. ඒවා තේරුණේද නැතිලු. නැවත ගම රට යනවිට මහ රෑ 12ත් පහුවෙලාලු. සමහර අය දෙපයින් ද ඇතැම් අය හතර ගාතෙන් ද ගියාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතේ අමාරුවට දාපු එකක්. මෙයා කියන විදිහට කෑම නොකා වෙන්න ඇති මේවට එන්න ඕනේ. කලින් රැලියේ නාකි ආච්චිලා ජෝගි නටවන එක හරි ලස්සන ඇති. අමෙරිකාවෙත් මෙහෙමද දන් නෑ. ඇමරිකන් උන තියන අයනේ දැන් රට කරන්නේ. (රේ)
අනෙක් අයගේ රැලි වලට එන අයට තෑගී ලැබෙන්නේ නැද්ද? අපි අද ඊයේ ඉපදුනා කියලද හිතන්නේ? ඉදිරියට ඔබගේ රැලිවලට එන අයට සිංහලත් බැරිවෙයි (නි)
ඔය සෙනග ඔක්කොම එක එක ඇමැතිලාගේ වටේ ඉඳන් මුට්ටි අල්ලන කට්ටිය. ඔක්කොම බස් වලින් ගෙනල්ල පුරවල කැමරාවට පෙන්නවා දස දහස් ගණන් අවා කියලා. (ර)
මොනවා වුණත් රනිල්ගේ එකට වැඩිය සිය දහස් ගුණයක් මේකේ සෙනඟ හිටිය බව නම් අපි දැක්කා. (නි)
අපිත් ගියා. අපිට නම් වතුරවත් ලැබුනේ නැහැ (නි)
සාගර, මෝඩ කතා කියන්න එපා. (නි)
රනිල්ගේ එකේ සෙනග නෑ (බ)
එහෙම තමයි කවදත් මේ අය. මිනිසුන් මේවාට එන්නේ ඔය දේවල් සහ රැකියා ඇතුළු අනෙකුත් වරදාන බලාපොරොත්තුවෙන් මිස ඔය කියන මාතෘ භූමියකට ඇති ආදරයකට නෙමෙයි. නමුත් එයාල හිතන්නේ තමන්ගේ බොරුවලට රැවටිලා කියලා. එහෙත් ජවිපෙ රැස්වීමකට එන සියලු දෙනා එන්නේ ඔය කිසිවක් බලාපොරොත්තුවෙන් නොව විවිධ කැපකිරීම් මධ්‍යයේ. (බ)
මහා ජන ගඟක්, එකම හිස් ගොඩක්, දැන් පාලකයන්ට උණ ගනී. මහින්ද ඉදිරියටම යන්න ඕනෑ
අනේ හැබෑට ඇස් දෙක ඇරලා බලන්න තරම් බුද්ධියක් අපේ මිනිසුන්ට නැති හැටි? (නි)
මේ රැස්වීම් වලට එන්නේ කොටස් තුනයි. මේ පැත්තේ අය, මේ පැත්තේ නොවන අය සහ නිකන් එන අය. ඒ නිසා සෙනඟ සංඛ්‍යාවෙන් සාර්ථකත්වය මැන්නොත් අමාරුවේ. දැක්කේ නැද්ද, සරත් ෆොන්සේකා මහත්තයා ජනපතිවරණයෙන් පැරදුනාම කිව්ව දේ. "හිටපු සෙනඟේ හැටියට මේ ප්‍රතිඵලය වැරදියි" (නි)
සමහරුන්ට නම් සෑහෙන හිතට අමාරුයි වගේ (නි)
මොන රැලිය ගැනත් අපිට කියන්න තියෙන්නේ මේක තමයි (නි)
ඡන්ද දායකයාගේ බුද්දිය මොට කිරීමක් විනා බුද්දිය අවදි නොකරන බත් පතට අරක්කු ටිකට හැමදාමත් රැවටිය හැකිද ? (ර)
එදා කළෙත් ඕකමයි. අද කරන්නෙත් ඒකමයි. පොඩි මිනිහා රැවටෙනවා (නි)
සමහරු සෑහෙන බයවෙලා වගේ සෙනඟ දැකලා (නි)
අර අනිත් රැලියට ආවේ නිකන් වෙන්න ඇති. (ර)