නැවකට ගොස් ලබාගත යුතු දැනුම ගොඩබිමදී පරිගණකය ඔස්සේ ලබාදීමට සමත් සිමියුලේටරයක් නිර්මාණය කර සාගර විශ්ව විද්‍යාලයයේ ස්ථාපිත කර දීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්වූ බව මහාචාර්ය නිහාල් කොඩිකාර පැවසීය.
නැවක සැබෑ ක්‍රියාකාරීත්වය පෙන්විය හැකි යන්ත්‍ර සූත්‍ර වලින් මේ සිමියුලේටරය සමන්විතය.
නැවක ගමනාගමනය හා වටපිටාව ඇතුළු සෑම තාක්ෂණ ක්‍රියාවලින් ඇතුළු සෙසු කාර්ය සම්බන්ධව මෙම පද්ධතියෙන් මැනවින් අධ්‍යාපනයක් ලැබෙන බව මහාචාර්යවරයා පවසයි.
නැවකට නැඟ මේ හා සම්බන්ධව දැනුමක් ලබා ගැනීම සඳහා අධික මුදලක් වැයවන අතර එම මුදල සම්පූර්ණයෙන්ම ඉතිර කරගැනීමට මේ නිසා හැකිවෙයි. ඊට අමතරව මෙම පද්ධතිය විදෙස් රටකින් මිලදී ගත්තා නම් ඒ වෙනුවෙන්ද වැය කළ යුතුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදලක් බවත් පරිගණක අධ්‍යයන අංශය පෙන්වා දෙයි.
මෙම පද්ධතිය සාගර විශ්ව විද්‍යාලයට නොමිලේ පරිත්‍යාග කර ඇත. එය නිර්මාණය කිරීම සඳහා මූල්‍ය ආධාර දපයා ඇත්තේ ජාතික විද්‍යා සභාවයි.
මහාචාර්ය නිහාල් කොඩිකාර මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චමත් කැප්පෙටියාගම පශ්චාත් උපාධි අපේක්ෂක දමිත සඳරුවන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මෙය නිර්මාණය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපගේ ආචාරය.(හේ)
තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.(හේ)
අගය කළයුතු ක්‍රියාවක්..(හේ)
ඔබ සැමට ජාතියේ ප්‍රණාමය !(හේ)
මේ ගොල්ලෝ අර දේශපාලන පක්ෂයේ උගුල් වලට අහුවෙලා නැති නිසා තමන්ගේ වටිනා කාලය මේ වගේ වටින දෙයක් කරන්න යොදාගෙන. තමන්ට ඉගෙන ගන්න තියෙන කාලය අනුන්ගේ දේශපාලන කටයුතු වෙනුවෙන් යොදවාගන්න අය කරන්න මහා ජාතික අපරාදයක්.(හේ)
මේ වගේ නිර්මාණ තමයි ලංකාවේ සරසවි වලින් බිහිවෙන්න ඕනේ.... ශ්‍රී ලාංකිකයෝ විදියට අපට තනියම නැගී හිටින්න පුළුවන් කාගෙවත් උදව් නැතිව.ආඩම්බරයි ඒ ගැන. එහෙම නව නිර්මාණ කරන්න හැම සරසවියකටමය් ටෙක් වලටයි... අවස්ථව වගේම ඉලක්ක ලැබෙන්න තියෙන්න ඕනේ.දේශපානයට යට වෙන්න දෙන්න බෑ මේවට!(හේ)
මහාචාර්ය කොඩිකාර සහ ආචාර්ය චමත් කැප්පෙටියාගම කියන දෙදෙනාම හරි දෙය හරි විදියටත් වැරදි දෙය වැරදි විදියටත් දකින හොඳ ගුරුවරු දෙන්නෙක්. මම ඔය දෙන්නාගෙන්ම ඉගෙනගෙන තිබෙනවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගුරුවරු දෙන්නෙක් (නි)
අගය කළයුතු ක්‍රියාවක්. (නි)
ඔබ සැමට ජාතියේ ප්‍රණාමය! (නි)
සියළු දෙනාටම සුභ පැතුම්.(හේ)
නමුත් ඔය කවුරු හැදුවත් තව මාස කිහිපයක් යනකොට ඕකේ අයිතිය ඇමරිකා සමාගමකට අපේ එකෙක්ම හොරෙන් විකුණයි.(හේ)
සරසවිය ගොඩ දී නැවක් පදවයි කිවුවනම් තමයි ගොඩක්ම ගැලපෙන්නේ (නදී)
ගැඹුරු නිහඬ මුහුදක රන් වටිනා වැඩ මේවා. අනෙක් අයටත් කදිම ආදර්ශයක්. (නි)
දැයේ දුදරුවන් වෙනුවෙන් ඉදිරියේදිත් වැඩ කරන්න උත්සාහ කරන්න. (නි)
අනේ දෙයියනේ මෙවැනි නිර්මාණ ජාත්‍යන්තරයට ගෙනියන්න ලොකු ලොක්කෝ වැඩ කලොත් අපේ රටේ නිෂ්පාදනයක් කියල ලොවට හදුන්වා දීලා රටට ගෞරවයක් කීර්තිනාමයක් ගෙන්න බලන්න.(අ)