IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොළඹ සරසවිය නැවක් ගොඩට ගනී

නැවකට ගොස් ලබාගත යුතු දැනුම ගොඩබිමදී පරිගණකය ඔස්සේ ලබාදීමට සමත් සිමියුලේටරයක් නිර්මාණය කර සාගර විශ්ව විද්‍යාලයයේ ස්ථාපිත කර දීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්වූ බව මහාචාර්ය නිහාල් කොඩිකාර පැවසීය.

නැවක සැබෑ ක්‍රියාකාරීත්වය පෙන්විය හැකි යන්ත්‍ර සූත්‍ර වලින් මේ සිමියුලේටරය සමන්විතය.

නැවක ගමනාගමනය හා වටපිටාව ඇතුළු සෑම තාක්ෂණ ක්‍රියාවලින් ඇතුළු සෙසු කාර්ය සම්බන්ධව මෙම පද්ධතියෙන් මැනවින් අධ්‍යාපනයක් ලැබෙන බව මහාචාර්යවරයා පවසයි.

නැවකට නැඟ මේ හා සම්බන්ධව දැනුමක් ලබා ගැනීම සඳහා අධික මුදලක් වැයවන අතර එම මුදල සම්පූර්ණයෙන්ම ඉතිර කරගැනීමට මේ නිසා හැකිවෙයි. ඊට අමතරව මෙම පද්ධතිය විදෙස් රටකින් මිලදී ගත්තා නම් ඒ වෙනුවෙන්ද  වැය කළ යුතුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදලක් බවත් පරිගණක අධ්‍යයන අංශය පෙන්වා දෙයි.

මෙම පද්ධතිය සාගර විශ්ව විද්‍යාලයට නොමිලේ පරිත්‍යාග කර ඇත. එය නිර්මාණය කිරීම සඳහා මූල්‍ය ආධාර දපයා ඇත්තේ ජාතික විද්‍යා සභාවයි.

මහාචාර්ය නිහාල් කොඩිකාර මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චමත් කැප්පෙටියාගම පශ්චාත් උපාධි අපේක්ෂක දමිත සඳරුවන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මෙය නිර්මාණය කළහ.



අදහස් (0)

කොළඹ සරසවිය නැවක් ගොඩට ගනී

බණ්ඩාර Friday, 07 November 2014 07:50 AM

ඔබට අපගේ ආචාරය.(හේ)

:       0       0

රෝහන Saturday, 08 November 2014 10:30 AM

තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

චීරන් මදුරන්ග Friday, 07 November 2014 09:27 AM

අගය කළයුතු ක්‍රියාවක්..(හේ)

:       0       0

ජයත් Friday, 07 November 2014 10:32 AM

ඔබ සැමට ජාතියේ ප්‍රණාමය !(හේ)

:       0       0

සුජිත් Friday, 07 November 2014 11:06 AM

මේ ගොල්ලෝ අර දේශපාලන පක්ෂයේ උගුල් වලට අහුවෙලා නැති නිසා තමන්ගේ වටිනා කාලය මේ වගේ වටින දෙයක් කරන්න යොදාගෙන. තමන්ට ඉගෙන ගන්න තියෙන කාලය අනුන්ගේ දේශපාලන කටයුතු වෙනුවෙන් යොදවාගන්න අය කරන්න මහා ජාතික අපරාදයක්.(හේ)

:       0       0

බුවනෙක Saturday, 08 November 2014 04:52 AM

මේ වගේ නිර්මාණ තමයි ලංකාවේ සරසවි වලින් බිහිවෙන්න ඕනේ.... ශ්‍රී ලාංකිකයෝ විදියට අපට තනියම නැගී හිටින්න පුළුවන් කාගෙවත් උදව් නැතිව.ආඩම්බරයි ඒ ගැන. එහෙම නව නිර්මාණ කරන්න හැම සරසවියකටමය් ටෙක් වලටයි... අවස්ථව වගේම ඉලක්ක ලැබෙන්න තියෙන්න ඕනේ.දේශපානයට යට වෙන්න දෙන්න බෑ මේවට!(හේ)

:       0       0

නලින් Friday, 07 November 2014 11:29 AM

මහාචාර්ය කොඩිකාර සහ ආචාර්ය චමත් කැප්පෙටියාගම කියන දෙදෙනාම හරි දෙය හරි විදියටත් වැරදි දෙය වැරදි විදියටත් දකින හොඳ ගුරුවරු දෙන්නෙක්. මම ඔය දෙන්නාගෙන්ම ඉගෙනගෙන තිබෙනවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගුරුවරු දෙන්නෙක් (නි)

:       0       0

සුනිල් Friday, 07 November 2014 06:28 PM

අගය කළයුතු ක්‍රියාවක්. (නි)

:       0       0

ගාමිණී Friday, 07 November 2014 12:19 PM

ඔබ සැමට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

හසිත Saturday, 08 November 2014 05:53 AM

සියළු දෙනාටම සුභ පැතුම්.(හේ)

:       0       0

අනුර Saturday, 08 November 2014 05:58 AM

නමුත් ඔය කවුරු හැදුවත් තව මාස කිහිපයක් යනකොට ඕකේ අයිතිය ඇමරිකා සමාගමකට අපේ එකෙක්ම හොරෙන් විකුණයි.(හේ)

:       0       0

කින් බෙනට් Friday, 07 November 2014 01:27 PM

සරසවිය ගොඩ දී නැවක් පදවයි කිවුවනම් තමයි ගොඩක්ම ගැලපෙන්නේ (නදී)

:       0       0

සිරිසේන Friday, 07 November 2014 09:40 PM

ගැඹුරු නිහඬ මුහුදක රන් වටිනා වැඩ මේවා. අනෙක් අයටත් කදිම ආදර්ශයක්. (නි)

:       0       0

ලීල් සිරිවර්ධන Friday, 07 November 2014 02:34 PM

දැයේ දුදරුවන් වෙනුවෙන් ඉදිරියේදිත් වැඩ කරන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 08:24 AM

අනේ දෙයියනේ මෙවැනි නිර්මාණ ජාත්‍යන්තරයට ගෙනියන්න ලොකු ලොක්කෝ වැඩ කලොත් අපේ රටේ නිෂ්පාදනයක් කියල ලොවට හදුන්වා දීලා රටට ගෞරවයක් කීර්තිනාමයක් ගෙන්න බලන්න.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site