කොළඹ විශ්ව විද්‍යාලයීය වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය මගින් සංවිධානය කරන රැකියා පොළක් අප්‍රේල් 8 වැනි සිකුරාදා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේදී පැවැත්වීමට නියමිතය.
කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා රැකියා විරහිතව සිටින පිරිස් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර රැකියා සඳහා බඳවා ගැනීමට ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් රැසක් එදිනට කටයුතු යොදා ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ගේ උපදේශකත්වයෙන් රැකියා පොළ සංවිධානය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික සමාගම්වල රැකියා අපට එපා. ආණ්ඩුවේ කන්තෝරුවල රැකියාමයි ඕන කියලා උද්ඝෝෂණ කරයිද දන්නේ නැහැ.(රේ)
ධම්ම, ඒකනම් ඇත්ත. පෞද්ගලික සමාගම්වලට ගියාම නිකන් ඉඳන් පඩි ගන්න බෑ. ආණ්ඩුවේ කන්තෝරුවල වැඩ කරන්නෙම නැතිව පඩි ගන්න ගමන් පඩි වැඩි කරගන්න උද්ඝෝෂණ කරන්නත් පුළුවන්....(බ)