IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


කොළඹ වෙද හටනක්

වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවූයෙන් කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව තර කර ඇත.

_DSC0079 _DSC0085 _DSC0092

 



අදහස් (0)

කොළඹ වෙද හටනක්

අප්පුහාමි Thursday, 31 July 2014 04:33 AM

අනේ මේ බොරුවට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ඉස්සරහ රණ්ඩු කර ගත්තට චැනල් වැඩ වලදී මේගොල්ලෝ බොහොම එකමුතුයි. මට නම් චැනල් වැඩ කරන සමහර ප්‍රසිද්ධ විසේසඥ වෛද්‍ය වරුන්ගෙයි මස්කඩ කාරයින්ගෙයි වෙනසක් පෙනෙන්නේ නැහැනේ අම්මපා. (නදී)

:       0       0

නිරෝධා Thursday, 31 July 2014 04:36 AM

රටේ උගත් කියල නම් දරාපු කොටසක් බලු වෙන හැටි. නිදහස් අධ්‍යාපනයෙන් ඔතනට ගිහින් අනාගත පරපුරටත් ආදර්ශ දෙන හැටි ඔහොමද. කොහ‍ොමත් ඔය නලාව දා ගත්තම තමන් ආපු තැන අමතක කරන දොස්තරලනේ අද ඉන්නේ.(නදී)

:       0       0

ප්‍රිශාන්ත පීරිස් Wednesday, 30 July 2014 12:22 PM

කොහොමත් ලංකාවේ සමහර දොස්තරලගේ ඔලුව නම් හොඳටම වැඩියි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඕක ලංකාවේ තිබෙන ලොකුම රස්සාව කියලා. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 30 July 2014 01:07 PM

දොස්තරලා කියන්නේ රටේ බුද්ධිමත් කොටස.එයාලා මෙහෙම මරාගන්නවා නම් අනෙක් මිනිස්සු ගැන මොන කතාද.අහිංසක ලෙඩුන් අමාරුවේ. (නි)

:       0       0

ප්‍රිශාන්ත පීරිස් Thursday, 31 July 2014 05:55 AM

කව්ද මේ මගේ නමින් බොරුවට කමෙන්ට් කරලා තියෙන්නේ? මෙතන කමෙන්ට් කරපු විදිහෙන්ම පේනවා ලංකාවේ දොස්තරලගේ තියන නිහින ගතිය. උතුම් රැකියාවක් හින්දා වෙන්නැති නේද මහත්තයෝ ලෙඩ්ඩු ඉස්සරහ විලි ලැජ්ජා නැතුව ගහගන්නේ? (නදී)

:       0       0

හසිත Wednesday, 30 July 2014 01:26 PM

අපේ සමාජය ඉවරයි. මහා නායක හාමුදුරුවනේ, පල්ලියේ ඉහලම පුජක තුමනි අනෙකුත් පළමු පෙලේ දේවගැති වරුනි ඔබලා මේ අපරාද වලට ඉඩ දෙනවාද? මේ ගැන බලදාරින් දැනුවත් කිරීමට හිරිකිතියක් එහෙම තියෙනවාද? නැත්නම් එතරම්ම ආත්මර්තකාමිද? (නදී)

:       0       0

පතිරණ Thursday, 31 July 2014 05:55 AM

මම නම් මේ උදවිය ගහගන්න තරමට කැමතියි. , මොකද මෙයාලා සමගියෙන් හිටියොත් ස්ට්‍රික් වලිනුයි ඉල්ලීම් වලිනුයි ඉවරයක් නැහැ. දුප්පත් අපිට බෙහෙත් ටිකක් ගන්න වත් බැරිවෙනවා. (නදී)

:       0       0

කපිල‍ Thursday, 31 July 2014 06:04 AM

එයාලා නොමිලේ ඉගෙනගෙන දොස්තරවරු වෙලා නම්, එහෙම කියන අය ඉගෙනගත්තේ සල්ලි දීලද? (නි)

:       0       0

දයාල් Wednesday, 30 July 2014 01:54 PM

ඇයි මිනිසුනේ බුද්ධියෙන් හිතන්න බැරි? (නි)

:       0       0

කසුන් Thursday, 31 July 2014 06:11 AM

ලංකාවේ උපාධියක් තිබෙන කෙනෙකුට අපහාස කරන්න උපාධි නැති උදවිය භාවිතා කරන එක යෙදුමක් තමයි "නොමිලේ ඉගෙනගත්තා" කියන එක. අනිත් අයට මතක නැහැ එයාලා උ.පෙළ දක්වා ඉගෙනගත්තෙත් නොමිලේ කියලා (නි)

:       0       0

උදිත් Wednesday, 30 July 2014 02:09 PM

කුඩුකාරයන්ට, මිනීමරුවන්ට, කාන්තාවන්/ දරුවන් දුෂණය කරන අයට,හොරුන්ට නීතිය සමහර වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතියට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. බුදු හාමුදුරුවන් කියලා තියෙනවා හරියට නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් ඉහත දේ වෙන බව. (නි)

:       0       0

කලණ Thursday, 31 July 2014 06:31 AM

අයියෝ සලිලි (නදී)

:       0       0

කපිල Wednesday, 30 July 2014 02:39 PM

රන්ජිත්, උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. උගත් වුණාට බුද්ධිමත් නැහැ. (නි)

:       0       0

ප්‍රිශාන්ත පීරිස් Wednesday, 30 July 2014 03:02 PM

මට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුණ එක ගැන හිතේ පොඩි දුකක් තියෙනවා. එක හින්ද සමහර වෙලාවට දොස්තරලට බැනල මෙතන අදහස් දාන්න හිතෙනවා. එකට කියන්නේ හීනමානය කියල.මගෙන් දොස්තරලට අපහාස වෙන යමක් කියවුන නම් සමාවෙන්න.මම තේරුම් ගත්ත මම ගොඩක් වැරදි විදිහට හිතුවේ කියල. දොස්තර රැකියාව ගොඩක් උතුම් රැකියාවක් කියල මට දැන් තේරෙනවා. (අ)

:       0       0

සෙනරත් Thursday, 31 July 2014 07:00 AM

විනය අද තියෙන්නේ කොහෙද? ඉදිරියට යන්න ඕනිම දේ අද නෑ (දිල්)

:       0       0

අසෝකා Wednesday, 30 July 2014 03:48 PM

ලංකාවේ පමණක් නොවෙයි, යුරෝපයේත් බොහොමයක් රටවල අධ්‍යාපනය නොමිලේ. හය වසරේ පටන් මාපියන් අඩු අදායම් ලාභීන් නම් රජයෙන් මුදලකුත් ලබා දෙනවා දිරිමත් කරන්න. අපි ලංකාවේ පමණක් අධ්‍යාපනය නොමිලේ කියල ගහ මරා ගන්නවා. මොන වෙතත් වෛද්‍ය වරුන් මිනිසුන් ගැන මිට වැඩි මිනිසත් බවින් බැලිය යුතුයි! (අ)

:       0       0

සෙනරත් Wednesday, 30 July 2014 04:45 PM

පහුගිය කාලේ හෙදියන්ට මිඩිවයිප්ලට ප්‍රශ්න ඇති කළාට එයාලට ඵල දෙන හැටි (නදී)

:       0       0

නිශාර් Thursday, 31 July 2014 08:38 AM

කොන්දොස්තර වගේ මන් දැක්කේ... සමාවන්න කොන්දොස්තර මහතුනේ. (නදී)

:       0       0

සීල Wednesday, 30 July 2014 05:53 PM

බුද්දිමත් නැති උගතුන් ගෙන් වන හානිය පෙනෙන්නේ නැතෙයි.බුද්ධිමත් මිනිස්සු ඔහොම හැසිරෙන්නේ නැහැ. (අ)

:       0       0

ට්‍රියෝනි Wednesday, 30 July 2014 10:01 AM

මරු මෙන්න නොමිලේ ඉගෙනනගෙන අපිට බෙහෙත් කරන්න ඉන්න කට්ටිය! (අ)

:       0       0

අමිල සිංග Wednesday, 30 July 2014 10:11 AM

නීතියක් නැති රටේ.... ඇන කොටා ගති වෙදදුරොත්...!!(අ)!

:       0       0

කේ.සී.එම් විතානගේ Thursday, 31 July 2014 10:01 AM

අහිංසක මිනිසුන් ගැන හිතනවා නම් මෙහෙම ගහගන්නේ නැහැ (නදී)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 30 July 2014 10:27 AM

අහිංසක ජනතාව කබලෙන් ලිපටදාන මේදොස්තරලනම් පුදුමයි. බේතක් හේතක් ගන්න එන දුප්පතා අමාරුවෙ.(අ)

:       0       0

ජොහාන් Wednesday, 30 July 2014 08:12 PM

පවන් මහත්තයෝ, වෛද්‍ය උපාධියට මිස්සුන්ගේ තිබුණ ගරුත්වය නැතිකළේ කව්ද? උපාධියක් නැති මිනිස්සුද? (නි)

:       0       0

චම්පික Wednesday, 30 July 2014 10:27 PM

උගතුන් සියල්ල බුද්ධිමතුන් නොවේ. (නි)

:       0       0

සමන් Wednesday, 30 July 2014 10:36 AM

ලංකාවට එච්චරයි අඩුවෙලා තිබුනේ .. දැන් ඉතින් අහිංසක රෝගීන්ට දෙවි පිහිටයි.(අ)

:       0       0

සෑම් Wednesday, 30 July 2014 10:41 AM

අර මතභේදයට ලක්වී තියන වෛද්‍ය සංගමයේ ලොක්කා ගුටි කෑවා කියා ආරංචියි.(අ)

:       0       0

ජිහාන් Wednesday, 30 July 2014 10:43 AM

ඒ පාර කවුද කෙහෙවලු අල්ලාගෙන ඉන්නේ ? දොස්තර නෝනලාද ? (අ)

:       0       0

ලුම්බිණි Thursday, 31 July 2014 12:47 AM

මෙම හැසිරීමෙන් පෙනෙන දෙය තමයි ඉගෙනගත් පමණින්ම ආචාරධර්ම විදියට කටයුතු කරන්න හැකියාවක් නොමැතිකම. මෙය වෛද්‍ය වෘත්තියට නොගැළපෙන හැසිරීමක්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 31 July 2014 01:32 AM

මුදල් පසුපසම මනුස්සකම් පැත්තක දාලා දුවන සමාජයක දොස්තරලගෙන් විතරක් මනුස්සකම් බලාපොරොත්තු වෙන එක විහිළුවක්.. (නි)

:       0       0

පවන් Wednesday, 30 July 2014 10:57 AM

ලංකාවේ උපාධියක් තිබෙන කෙනෙකුට අපහාස කරන්න උපාධි නැති උදවිය භාවිතා කරන එක යෙදුමක් තමයි "නොමිලේ ඉගෙන ගත්තා" කියන එක. ඉගෙනගත් මිනිසුන්ට අපහාස කිරීම හීනමානය ප්‍රදර්ශනය කිරීමක් පමණකි (නි)

:       0       0

අංජන Thursday, 31 July 2014 02:24 AM

මේ අය විතරයි රණ්ඩු නොවුණේ. මෙහෙම හැසිරීම බුද්ධිමතුන්ට ගැළපෙනවාදැයි දෙවතාවක් සිතාබලන්න. (නි)

:       0       0

ශාන්ත Wednesday, 30 July 2014 11:17 AM

මේ රටේ කොහෙද නීතිය ඉතුරුවෙලා තියෙන්නේ?හැමදේම හැකි උදවිය අසාධාරණයෙන් දිනාගන්නවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 30 July 2014 11:24 AM

මිනිසුන් දේවත්වයෙන් සැළකූ වෙදදුරන්ට මේ මොකද වෙලා තියෙන්නේ? උගත්කමේ වරදක්ද? නැත්නම් බුද්ධියේ වරදක් වෙලාද? (නි)

:       0       0

අසෝකා Thursday, 31 July 2014 01:02 PM

අපේ තාත්ත අක්කලට මනමාලයෝ හොයන කොට කිව්වේ පොතේ උගතෙක් උනාට වැඩක් නැහැ සමාජයේ උගතෙක් නෙමෙයි නම් කියල. එකේ වැදගත් කම නිසා තමයි අදටත් අපිට සමාජයේ මෙහෙම ඉන්න පුළුවන් උනේ! ඉහල විභාග පස් උනාට සමාජයේ හැසිරෙන්න දන්නේ නැත්නම් ඒ උගත්කමෙන් ඇති පලය මොකක්ද? (අ)

:       0       0

ශිලාන් Wednesday, 30 July 2014 11:30 AM

දොස්තරලාද කොන්දොස්තරලාද කියලා හිතෙනවා මේවා දැක්කහම (නි)

:       0       0

ශිරෝ Thursday, 31 July 2014 03:49 AM

සමගිය බලය වේ. දැන් ඉතින් දොස්තරලාගේ බලය බිඳිලා වගේ. කව්ද මේ බලය බිදින්න වැඩ කරන්න ඇත්තේ? හිතන්න බලන්න. (නි)

:       0       0

හේමාල් Thursday, 31 July 2014 03:49 AM

දැන් මේ හැසිරීමෙන් පෙන්නන්නේ උගත්කමක්ද පවන්? මළ පොතේ අකුරක් දන්නේ නැති මිනිස්සුත් ශීලාචාරව විනයගරුකව ජීවත්වෙනවා මම දැකලා තිබෙනවා. (නි)

:       0       0

කුමාර Thursday, 31 July 2014 03:55 AM

පවුල් පසුබිමෙන් විනයක්, ශික්ෂණයක් ලබා නොදී අධ්‍යාපන රේස් තරඟයට දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ දරුවන්ට මෙවැනි හැසිරීම් බහුලව ඇත. සමාජය ගැන කිසිම සංවේදීභාවයක් ඔවුන් තුළ නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 336 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 555 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 382 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 677 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1311 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 618 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1549 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site