කොළඹ රා තැබෑරුම් බල ප‍්‍රදේශ පුළුල් කිරීමට අවසර දෙමින් කොළඹ දිස්ත‍්‍රික් ලේකම් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නිකුත් කළේය.
එම ගැසට් නිවේදනය බලශුන්‍ය කරන නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ ප‍්‍රධාන පෙළේ සර්ව ආගමික නායක පිරිසක් ගොනු කැරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු පෙත්සම මැයි 02 වැනිදා විභාගයට ගැනීමට දින නියම විය.
කොළඹ 14, ඉසිපතනාරාමාධිපති ආචාර්ය මාදම්පාගම අස්සජි, කොළඹ 13 ශ්‍රී පොන්නම්බලවානේෂවර් කෝවිලේ ප‍්‍රධාන පූජක සිවරාජා චන්ද්‍රකුමාර් , සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අශෝක ස්ටීවන් පියතුමා ඇතුළු සර්ව ආගමික නායකයෝ පිරිසක් මෙම පෙත්සම ගොනු කර සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රා තැබෑරුම් පුළුල් කිරීම වැරදි නම් මත්පැන් බලපත්‍ර අලුතෙන් දීම නවත්වන්න කියලා පෙත්සමකුත් දෙන්න. රා කියන්නේ පිරිසිදු මත්පැන්. ලංකාවේ වකුගඩු රෝගීන් බොහෝදෙනෙක් රට බීම වල ප්‍රතිඵල (නි)