IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


කොළඹ මැරතන් තරගයේ කාන්තා ඉසව්වේ පළමු ස්ථාන තුනම ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන්ට

එකොළොස් වැනි වතාවටත් පැවැති කොළඹ මැරතන් තරගයේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ජාතික මැරතන් ශූරියක වන රුවිනි දීපානී සමත් වූවාය. විවෘත කාන්තා ශූරිය වූ ගුවන් හමුදාවේ රුවිනි දීපානි පැය 2 යි විනාඩි 57.28 ක කාලයකින් තරගය නිම කළාය. පළමු වරට කොළඹ මැරතන් තරගයට සහභාගි වු රුවිනි මෙම වසරේ ජාතික මැරතන් තරගයේ (කාන්තා) තුන්වැනි ස්ථානය දිනා ගත් ක‍්‍රීඩිකාවද වන්නීය. වසර දෙකකට ඉහතදී කොළඹ මැරතන් තරගයේ ශූරිය වු නාවික හමුදාවේ ලක්මිණී අනුරාධි පැය 3 යි. විනාඩි 11.35 කින් තරගය නිම කරමින් දෙවැනි ස්ථානය දිනාගත් අතර, පී.ඞී. නිලානී ප‍්‍රියදර්ශනී (පැය 3 යි. විනාඩි 11.35) තුන්වැනි ස්ථානය ද දිනා ගැනීමට සමත්වූවාය. දෙහි ඕවිට ඩඞ්ලි සේනානායක මහා විද්‍යාලයේ උසස් පෙළ විෂයන් හදාරන නිලානී නැගී එන ක‍්‍රීඩිකාවකි. පසුගිය වසරේ කොළඹ මැරතන් තරගයේ ශූරිය වු මංජුලා කුමාරසිංහ තරගය අතරමගදී නතරවීම නිසා ඇයට සුපුරුදු දස්කම් අතරට ඒමට නොහැකිවිය. දුර ධාවන ඉසව්වලදී කවදත් දස්කම් පාන කෙන්යානු කී‍්‍රඩකයන් පිරිසක් මෙවරත් තරගයට සහභාගි වු අතර එහිදී විශේෂත්වය වුයේ තරගයේ පිරිමි ශූරතාව ඇතුළු හයවැනි ස්ථානය දක්වා කෙන්යානු කී‍්‍රඩකයන් තරගය නිම කිරීමයි. එහිදී කෙන්යානු කී‍්‍රඩක ටොම් බර්ඩන් ජෙෆ්රි පිරිමි තරගය පැය 2යි. විනාඩි 28.08. ක කාලයකින් තරගය නිමකර සමස්ත ශූරතාව දිනාගත් අතර පසුගිය වසරේ කොළඹ මැරතන් ශූරයා වූ කිම්තායි කෙනඩි දෙවැනි ස්ථානයට තරගය නිම කළේ පැය 2යි විනාඩි 28. 16 කිනි. කෝගෝ කෙස්වෙටික් පැය 2යි විනාඩි 31.12 ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානය ලැබීය. සිවු වරක් කොළඹ මැරතන් තරගය ජයගත් ජාතික ශූර අජිත් බණ්ඩාර මෙවර තරගයට සහභාගිනොවීම කාගේත් කතාබහට ලක්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා තරගකරුවන් අතුරින් කැලූම් ධර්මරත්න හත්වැනි ස්ථානයට තරගය නිම කිරීමට සමත්විය. කැලූම් පවසන්නේ මාස එකහමාරක් වැනි කෙටි කාලයක් පුහුණුවීම්වල නිරතවී පළමුවරට ජාතික මට්ටමේ මැරතන් තරගයකට සහභාගිවු තමන් හත්වැනි ස්ථානයට තරගය නිම කිරීමට හැකිවීම පිළිබඳව සතුටුවන බව පැවසීය. කැලූම් තරගය නිම කිරීමට පැය 2යි. විනාඩි 37.45 ක කාලයක් ගත කළේය. මෙවර තරගයට කෙන්යාව, ඉතියෝපියාව, ජපානය, ප‍්‍රංශය, ඉතාලිය, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව, ඇමරිකාව, පින්ලන්තය, ජර්මනිය, එංගලන්තය සහ තායිලන්තය ආදී රටවල්වලින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 100 කට වැඩි පිරිසක් සහභාගිවීම කැපී පෙණුනි. මෙම තරගය කොළඹ නිදහස් චතුරස‍්‍රය ඉදිරිපිටින් ඊයේ (2) පෙරවරුවේ තරගය ආරම්භ වු අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 2000 පමණ විවෘත, අර්ධ, ප‍්‍රවීණ හා විනෝද යන කාණ්ඩ හතරක් යටතේ තරග කළහ. කිලෝමීටර 42.195 ක දුරකින් සමන්විත සමස්ත තරගය මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් විය. ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සහයෝගයද ඇතිව, ලංකා ස්පෝර්ට් රයිසන් (එල්.එස්.ආර්) ආයතනය මෙම තරගය සංවිධානය කළේය.

නිසි මාර්ග සලකුණු නොමැතිවීමෙන් තරගකරුවෝ අපහසුතාවට ලක්වෙති

කොළඹ නිදහස් චතුරස‍්‍රය අසලින් ආරම්භ වු කොළඹ මැරතන් තරගයේ තරගකරුවන් ධාවනයේ නිරත මාර්ගයේ ගමන් ගන්නා මාර්ග සලකුණු සටහන් නොවීම නිසා තරගකරුවෝ පිරිසක් අපහසුතාවට පත්වු බව වාර්තාවේ. කොළඹ නිදහස් චතුරස‍්‍රය අසළින් ආරම්භ වු තරගයේ තරගකරුවෝ බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇල මාර්ගය ඔස්සේ පමුණුගම, තලාහේන, පිටිපන දුව සිට තරගය අවසන් වන මීගමුව වෙරළ උද්‍යානය දක්වා ගමන් කළහ. එහිදී ගමන් මාර්ගයේ ප‍්‍රමාණවත් පරිදි ජලය සපයන ස්ථාන නොතිබීමෙන් ද තමන් අපහසුතාවට පත්වු බවට ද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පිරිසක් චෝදනා කළහ. තරගය අවසන්වන ස්ථානයේ තරගය නිම කරන තරගකරුට හෝ තරගකාරියට පහසුකම් සැපයීමේද ප‍්‍රමාදයන් දක්නට ලැබිණ.
(සජීක ජයසිංහ මීගමුවේ සිට) (ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රුවිනි දීපානි තරගය අවසන් කළ අවස්ථාව පිරිමි ශූරතාව දිනාගත් ටොම් ජෙෆ්රි සහ කිම්තායි කෙනඩි කැලූම් ධර්මරත්න වමේ සිට:- ලක්මිණි අනුරාධි, රුවිනි දීපානි සහ නිලානි පි‍්‍රයදර්ශනී



අදහස් (0)

කොළඹ මැරතන් තරගයේ කාන්තා ඉසව්වේ පළමු ස්ථාන තුනම ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1133 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site