IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොළඹ දඩ කොළ සිද්ධියට බස් ගැමුණු විරුද්ධයි

(නිමල කොඩිතුවක්කු)

රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙළ  සඳහා බස් රථ නියාමනය කරන්නේනම් අනිවාර්යෙන්ම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විජේරත්න මහතා පැවසීය.

ත්‍රී රෝද රථ ඇතුලු වෙනත් වාහන බස් මංතිරුවේ ගමන් කිරීම හේතුවෙන් බස් රථ ධාවනය ගැටලුවක් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිලිවල අද සිට ආරම්භ කරන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (10)

කොළඹ දඩ කොළ සිද්ධියට බස් ගැමුණු විරුද්ධයි

ravin Monday, 22 January 2024 07:44 AM

අරලිය ගහ මන්දිරයේ විස්කි සමග බුරියානි දැන් නැත

:       0       15

Nimal Monday, 22 January 2024 07:45 AM

මේ නූගත් මෝඩයා රටේ නීතිය ගැන දන්නවාද? බස් රථ රියදුරුගේ ක්‍රියාවන් සඳහා හිමිකරු වගකිව යුතුය.

:       0       22

ජයන්ත ගුරුසිංහ, පානදුර Monday, 22 January 2024 09:05 AM

ගරු ටිරාන් අලස් මැතිතුමනි. පොලිස්පතිතුමනි. මෙය ඉතාමත් හොඳ තීරනයක්. කිසිඳු හේතුවකටවත් මෙම තීරණය වෙනස් කරන්න එපා.බස්කාරයෝ හිතන්නේ පාර එයාලගේ කියලා. දවසකට අහිංසක මිනිස්සු කීයක් නම් මැරෙනවද මේ කාලකන්නි නිසා. කරුනාකර මෙය තවත් නගර හා මාර්ගවලට එකතු කරන්න. පොලිසියට හා රජයට හොඳ ආදායම් මාර්ගයක්.

:       0       20

Bunny Preena Monday, 22 January 2024 09:26 AM

පොදුවේ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කරන සියලුම වර්ගයේ වාහනවලින් දඩමුදල් අයකර ගැනීම කොළඹ ප්‍රෙද්ශයට පමණක් සීමා නොකොට මුළු ලංකාව පුරාවටම ක්‍රියාත්මක කරනවා නම් තමයි හොඳ. ඒ තරමට ලංකාවේ රිය පදවන්නන්ගේ විනය පිරිහිලා.

:       0       21

pradeep Monday, 22 January 2024 09:40 AM

ගැමුණුට ඕනෑ විදිහට කරගෙන යන්න දෙන්න. නීතියක් ඕනෑ නෑ රටකට...

:       0       17

සිල්වා Monday, 22 January 2024 09:53 AM

සාමාන්‍ය නීතියක් ක්‍රියාත්මක කරනවාට අදාල පිරිසක් විරුද්ධ වෙනවා නම් මේ රට හැදෙන්නේ කොහොමද, කවදා ද?

:       0       16

චන්දන Monday, 22 January 2024 10:13 AM

දැන් මෙයා කියන විදියටද මාර්ග නීති ක්‍රියාත්මක කරන්න ඕනෑ...? ලංකාවේ අසික්කිතම ධාවන තියෙන්නේ බස්වල. ඒවාට අමුතුවෙන් නීති නැහැ. රටේ තියෙන නීතියට බස් ධාවන කරන්න ඕනෑ. මේ cctv වැඩේ හොඳයි. මුලු රටටම ක්‍රියාත්මක කරන්න...

:       0       22

අමා Monday, 22 January 2024 11:30 AM

වැරැදි කරන්නේ නැත්නම් බය වෙන්නේ මොකටද?

:       0       19

Senarath Monday, 22 January 2024 12:14 PM

අනිවර්යයෙන්ම CCTV කැමරා වලින් වැරදි හදුනාගත්තොත් දඩ ගහන්නම ඔනෙ. මෙ බස්කරයො වංගු ගන්නෙම වැරදි පැත්තෙන්. පාරෙ හරියට යන මිනිහ ගැන, කුඩා වාහන ගැන කිසිම තැකිමක් නැහැ. වෙනත් රටවල මෙහෙම නැහැ.

:       0       0

Bamunuarachchi Tuesday, 23 January 2024 06:31 AM

මංතීරුව බස් වලට පමණයි. හිස්ව තිබෙන විට වෙන වාහන වලට යා හැක. එහෙමයි ගොයියෝ මංතීරු නීතිය ක්‍රීයාත්මක වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site