මේ දිනවල ඩෙංගු වසංගතයක් බවට පත්වෙමින් තිබෙන නිසා උණ වැළඳී දින තුනකින් පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියයි.
ඩෙංගු රෝගයේ ලක්ෂණ මතු වන්නේ උණ වැලඳී තුන්වන දිනයේ බැවින් දින තුනක් තිස්සේ උණ පැවැතියහොත් තුන් වැනි දින පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදුකර එදිනම වෛද්‍යවරයකුට පෙන්වන ලෙසත්, එය පරීක්ෂණ වාර්තාව වෛද්‍යවරයකුට පෙන්වීම පසුදින දක්වා කල් නොදමන ලෙසත් විජේවික්‍රම මහතා උපදෙස් දෙයි.
ඇතැම් විට තුන්වැනි දින පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවේ ලොකු වෙනසක් නොපෙන්වුවහොත් හතර වැනි දිනයේ ද රුධිර පරීක්ෂණයක් සිදු කර වාර්තාව වෛද්‍යවරයකුට පෙන්විය යුතු බවත්, ඊට හේතුව සමහර අවස්ථාවල තුන් වැනි දිනයේ වැඩි වෙනසක් නොපෙන්වුවද හතර වැනි දිනයේ එම වෙනස පෙන්විය හැකි නිසා බවත් ඔහු පවසයි.
තද උණ, තද හිසරදය සහ තදින් ඇඟපතේ වේදනාව දැනෙනවා නම් පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක භාවිත නොකර හැකි ඉක්මණින් වෛද්‍යවරයකු හමුවන ලෙස ඔහු වැඩිදුරටත් උපදෙස් දෙයි. වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය නම් වෙනත් වේදනා නාශක භාවිත කළ හොත් සංකූලතා මතු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පවසයි.
නිසි වෛද්‍ය උපදෙස් පිළි නොපැද කටයුතු කළ හොත් හෝ අළුශ්‍යම අවස්ථාවේ රුධිර පරීක්ෂණ සිදු නොකළහොත් සංකූලතා වැඩි වී මරණය පවා ඇති විය හැකි බව ද විජේවික්‍රම මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිකාර ගැන නව පරීක්ෂණ අවැසිය (ම)
මේ රජයේ ක්‍රියා පිළිවෙත් සියල්ල දැන් වසංගත තත්වයකට පත්වෙලා (ම)
ඔබේ ගෙවත්ත වටපිටාව පිරිසිදුව තබාගමු. (ර)
මේ ඩෙංගු වසන්ගතයට විරුද්ධව ක්‍රියා කරන්න රජය කිසිම උත්සහයක් ගන්නේ නෑ, මදුරු මර්ධන වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. (ර)
මේ සඳහා අපි හැමෝගේම දායකත්වය අවශ්‍යයි. අපේ වටපිටාව ගැන අවධානයෙන් සිටීම වැදගත්. (ර)