‘කොළඹ කුණු අපිට එපා’ මීතොටමුල්ල කොළොන්නාව ප්‍රදේශ වලින් ජා ඇල ඒකල මඩම හන්දියේ අක්කර 3 ක ප්‍රමාණයක ඉඩමකට රැගෙන එන බව කියන කට කතා නිසා ප්රදේශවාසිහු අද (12) විරෝධතාවයක නිරත වුහ.
කොළඹින් කුණු ගම්වලට ගෙනාවොත් මුළු පරිසරයම දුෂිත වන බවත් ජා ඇල, ඒකල කාර්මික උප නගර නිසා කම්හල් වලින් සිදුවන පරිසර හානිය මදිවාට තවත් කුණු ගෙනැවිත් දැමුවහොත් පරිසරය දුෂණය වන බව ඔවුහු කියති.
විරෝධතාවය හේතුවෙන් කොළඹ - කුරුණෑගල මාර්ගයේ වාහන ධාවනයටද බාධා ඇතිවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැමිණ මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන බව පැවසීමෙන් පසු ඔවුහු විසිර ගියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කුණු කන්ද දියවන්නාව පැත්තටම දැම්මා නම් ප්රශ්නය අවසන්නේ. (නි)
කුණු දන්නා ඕනෑ කුණු ගොටක් තියෙන තැනකට. හොඳම කුණු ගොඩ තියෙන්නේ කොහේද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් ‘එතනට‘ ගිහින් දාන්නකෝ. (නි)
සම්පුර්ණ ඇත්ත. මේ කුණු ගැන සොයාබලන රාජ්‍ය නිලධාරීන් තම වැඩ කොටස හරියට කිරීමට පුරුදු පුහුණු කරනතුරු මේ කුණු ප්රශ්නය සක්‍රයාටවත් ලෙහෙසියෙන් විසඳිය නොහැකිවනු ඇත. (නි)
මේ කුණු වලින් ප්‍රයෝජනවත් කාර්යයක් කරන්න තරම් තාක්ෂණයක් අපිට නැද්ද? (නි)
කණු කුණු ගගා ඉන්නේ නැතුව ඔය කුණු ටික කුණෙහි උපතවන පාර්ලිමේන්තු පරිශ්‍රයට දැමීම තමයි වඩාත් ඵලදායක ක්‍රමය කියල මම නම් හිතන්නේ. (බ)
ගාමිණී මහත්තයෝ දියවන්නාවේ තියෙන්නේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව. ලංකාවේ උත්තරීතරම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවෙන් තමා නීති සෑදීම, මහජන මුදල් පාලනය වගේම අධිකරණයේ පාලනයත් සිදු වන්නේ. ඉතින් මෙවැනි ගරු කටයුතු ආයතනයකට ඔහොම ගරහන එක වැරදියි. අවාසනාව වෙලා තියෙන්නේ ආසියාවේ ඉහලම සාක්ෂරතාවයක් තියෙන රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට පත් කරන්නේ දූෂිත දේශපාලඥයන් වීමයි. (බ)
දියුණු රටවල කුණු කියන්නේ ධන උල්පතක්. ඇයි අපේ රටේ මිනිස්සු ඒකෙන් වැඩක් ගන්න දන්නෙ නැත්තේ? (නි)
ඔව් ඔව් එ්ක ඇත්ත. එ්කල කොටුගොඩ හිස් ඉඩම් තියෙනවා. එ්ත් කුණු දාන්න නෙමෙයි ඒවා තියෙන්නේ. පරිසර දුෂණය වෙන්න දෙන්න එපා (නි)
එන්න දෙන්න එපා. එක වතාවක් කුණු දැම්මොත්... ඔක්කොම විනාශයි... (ර)
කොළබ කුණු ඇයි ඔච්චර දුර ගෙනියන්නේ. කුරුදු වත්තට. ගෙනියන්න කොහෙත් ජිවත් වෙන්නේ. මිනිස්සු උගත්තු බිහිවෙනවා. කිව්වට මේ කුණු වලින් මුදල් හොයන හැටි කියන්න, කරන්න. කෙනෙක් නැහැ කොළබ නෝනලට කියන්න ගෙවත්තේ කුණු වලක් කපා එයට දමා කොම්පස්ට් පොහොර හදා ගන්න. කියලා නැතිනම් නොනලගෙන් වැඩි මුදලක් අය කරන්න පාරට කුණු දානවට. (ර)
සහතික ඇත්ත... කොළඹ මිනිස්සුන්ගේ කුණු මොකටද ජා ඇලට... අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි. (ර)
කොළඹට කිරි අපිට ටින් කිරි (බ)
කවුරු වුණත් කැමතිවෙන එකක් නැහැ කුණු බාරගන්න (නි)
කුණු කන්දේ තැන මාරුකරන එකට වඩා වෙන විසඳුමක් බලමු. ඒකල අපිත් මිනිස්සු, කොළොන්නාවේ ඉන්නෙත් මිනිස්සු. දේශපාලනයෙන් එහා ගිය මානුෂිය විසඳුමක් ඕනෑ අපි හැමෝටම. (නි)
ඔය කුණු දැමිය යුත්තේ පාර්ලිමේන්තුවටයි....(හේ)