ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙන ලබන සඳුදා (8) ට පෙර කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර තිබෙන නිතී විරෝධි කටවුට් හා මැතිවරණ ප්‍රචාරක පුවරු ඉවත් නොකළහොත් කොළඹ මහ නගරාධිපතිවරයාට හා මහ නගර සභා කොමසාරිස්වරියට එරෙහි අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගම් විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසුරිය මහතා අද (5) කොළඹදී පැවසීය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා නිසි උපදෙස් ලබා දී තිබියදී එසේ නොකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපයෙන් ඡන්දේ ඉල්ලපු කෙනෙක් (නදී)
වැඩක් නැහැ මහත්තයෝ (දී)
නිමල ලතා ,නියම අදහස ඔයාගෙනුයි එලියට ආවේ ,මේ පාර ප්ලෑන් කරන්නේ එතනදී ගේම දෙන්න .(ස)
කළහැකි නම් එය තමා ආශ්චර්යය!! (දී)
ඉතාමත් හොඳ අදහසක්.එමෙන්ම ප්‍රකාශ කල චන්ද සහිත පෙට්ටි සමග පක්ෂ විපක්ෂ නියෝජිතයනටද යාමට හැකිවන ලෙසට ක්‍රම සලස් වන ලෙසට ඉල්ලා සිටින්න.(දී)
මම මොකුත් කියන්නේ නැහැ (දී)
මේවා කරන්න කලින් දැන ගන්න ඕනේ (දී)
මේවා තිබුණත් නැතත් ඡන්දෙ දෙන මිනිස්සු ඡන්දෙ දෙනවා (දිල්)
ඔහොම යමුකෝ (නි)
එහෙම නඩු දැම්මොත් මට හිතාගන්න පුළුවන් තීන්දුව කොහොම වෙයිද කියලා!!!!.(හේ)
නාම යෝජනා දෙන්න පෙර කටවුට් නීතිවිරෝදී වෙන්නේ කොහොමද.? (ර)
වැඩක් නැහැ මහත්තයෝ. (නි)
ගමගේ, කටවුට් වලට අදාළ ප්‍රාදේශීය පරිපාලනයෙන් මුදල් ගෙවා අනුමැතිය ගතයුතුයි. (ර)
මට බලයක් තිබුණා නම්, නඩුවක් අහන්නෙම නැතුව අස්කරගන්නවා.නැත්නම් සමථ මණ්ඩලයට දානවා. නිකන් කරදර වෙන්නේ මොකටද? (නි)
ඔහෙත් ගිලෙන නැවට කඩේ යන කෙනෙක්ද ? තව ටික දවසනේ මල්ල පුරවා ගන්නවා කඩේ ගිහිල්ලා.(නදී)
එහෙම වුණොත් නම් හොඳයි. අපි බලමුකෝ (නි)
බලමුද මහත්තයෝ (දී)
යම් යම් බලවේග එදා ආණ්ඩුව යුද්ධය කරනකොටත් කකුලෙන් ඇද්දා අපිට මතකයි. කටවුට් නම් ඉවත් කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද පරිසර දුෂණය ඉතාම නරක දෙයක් නිසා. පොලිතින් වලින් තොර ඡන්ද ව්‍යාපාරයක් කරනමෙන් සියළු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. (නි)
මෙවන් අදහසක් පලකරන්න අදහසක් පහලවූ ඔබට තුති (දී)
ආයිත් සැරයක් කියයිද දන්නේ නැහැ මගේ පස්සෙන් නොදන්නා කට්ටියක් එලවන ව කියල. (දී)
මෙහෙම කියන්න තිබ්බේ 8 වැනිදායින් පස්සේ නේ. (දී)
ඔන්‍න කොන්ද පන තියෙන මිනිස්සු. ඔහොම යමු මහත්තයෝ (දී)
නාම යෝජනා දෙන්න පෙර කටවුට් නීති විරෝදී වෙන්නේ කොහොමද ? (නදී)
ඔබ කව්දැයි අපි හොඳින් හදුනන්නෙමු.(නදී)
කියන එක ලේසියි.කරන එක අමාරු බව තේරෙයි. (දී)
අදහස නම් හොඳයි. නමුත් රේල් පාරේ යකඩ කන්න යන්නේ පරිස්සමින් (නදී)
තාම නාමයෝජනා දීලත් නැත්නම් කටවුට් නීතිවිරෝධී වෙන්නේ කොහොමද එහෙනම්? (නි)