කොළඹ නගරයේ ඉපැරැණි ගොඩනැගිලි වල පෞරාණික අගයට හානි වන අයුරින් වෙනස්කම් කළහොත් ඊට එරෙහිව හෙට (31) සිට වහා නීතිමය පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) කොළඹ කොටුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට ඒ මොහොතේම උපදෙස් දෙමින් අගමැතිවරයා කීවේ අද සිට අවිධිමත් ලෙස පෞරාණික ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම නතර කරන ලෙසයි. ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, ජනාධිපති මාවත, කොටුව ශාන්ත පීතර දේවස්ථානය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රේගු ගොඩනැගිල්ල, විදේශ අමාත්‍යංශයේ කන්සියුලර් අංශය සහිත ගොඩනැගිල්ල ඇතුළු යටත් විජිත සමයේ මෙරට ඉදිකළ ගොඩනැගිලි රාශියක් අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් පාලිත සේනාරත්න මහත්තයා නොතේරුම් කමට කරන දෙයක් නෑ (බ)
සුමනසිරි , අපේ අවාසනාවට ගොඩක් රාජ්‍ය නායකයෝ හිතනවා බලය තියෙන්නේ මේ පත් වෙලා ඉන්න මන්ත්‍රීලා අතේ කියල. නමුත් ඇත්තටම බලය තියෙන්නේ ජනතාව අතේ. ඒ නිසා ජනතාවගේ කැමැත්තට සියලු රාජ්‍ය නායකයෝ ගරු කළ යුතුයි. (ම)
තැනක්යු සර් . රේස් කොස් එක කෑව එක් කෙනෙක්. අනිත් එව්වත් හරියට ප්‍රතිසංස්කරණය කරන්න (බ)
ඩුබායි තිලක්ගේ ඔළුව නරක් වෙලාද? (නි)
නුවන් නොදන්නා දේ කතා කරන්න එපා. ඕනෑම පැරණි ගොඩනැගිල්ලක් මතුපිටින් විතරයි වෙනස් කරන්න බැරි. ඉතින් රේස් කෝස් එක ගොටාබයට පින්සිද්ද වෙන්න හරියට හේදුවා. මතකනේ තිබුන හැටි (නදී)
දියුණු රටවල තිබෙනවා ලිස්ටඩ් බිල්ඩින් යයි නම් කරන ලද ඉපැරණි ගොඩනැගිලි. අයිතිකරුවන් එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කිසිම ලෙසකින් ඒවායේ බාහිර පෙනුමට හානියක් නොවන අයුරිනි. අගමැතිතුමා ගත් මෙම පියවර පැසසිය යුතුයි. (නදී)
නුවර දැනට තියන බිල්ඩින් ලිස්ටඩ් බිල්ඩින්, ඒවායේ වචන විතරයි වෙනස්. (බ)
නුවන් මොලේ නැතිනම් ගොන්පාට් නොදා ඉන්න. මේ වගේ මී හරක් තමයි රටට හෙනේ. ගෝටා මහත්තයාට පින්සිද්ධ වෙන්න රේස්කොස් පැත්ත සුර පුරක් වෙලා. දේශපාලන කැමැත්ත නොකැමැත්ත පැත්තකට දාලා හොද දේට හොදයි කියන්න පුරුදු වෙන්න. අගමැතිතුමාත් මෙහි අගය වටහාගෙන කොටුව ප්‍රතිසoස්කරනය කිරිමට මැදිහත් වීම ඉතා අගනා කටයුත්තක්. (බ)
මේ රටේ රජ මහා විහර තියනව ඕනෙ තරම් ගරා වැටිල, ඒවා ගැන හොයන්න. ලොකු පිනක්...(බ)
ඇමති මණ්ඩලය පත් කිරීමට වඩා පරණ බිල්ඩින්ග් හැදීම මේ වෙලාවේ වැදගත්ය. (බ)
කොළඹ රැට මීටර් 100 යෙන්100 ට නිමි නිමි පත්තු වෙන සිග්නල් කණු ටික දැකල බයියෝ හිතන්නේ මේක තමයි ලෝකයේ දියුනුම නගරය කියල. (බ)
කොළඹ තියෙන වටිනා කියන මර්මස්ථාන සියල්ලම එක පවුලකට විතරයි අයිති. තවත් අවරුදු 2ක් ගියානම් රටට වෙන දේ බලා ගන්න තිබුන. (බ)
රනිල් කියන්නේ සල්ලි නොදැකපු කෙනෙක් නෙමෙයි. එනිසා රනිල් ගැන පුර්ණ විශ්වාසය තියෙනවා. (බ)
අගමැති තුමා කියපු දේ හරි තමයි (ම)
අපේ පාසල් කාලය සාමාන්‍ය ආකාරයෙන් ගෙවුණු පාසල් කාලයක් වුණේ නැහැ. අපේ තරුණ කාලය නිදහසින්, කෙළිදෙලෙන් ගෙවන්න පුළුවන් කාලයක් වුණේ නැහැ. අපේ තරුණ කාලයේ ඉතාමත් භීෂණකාරී වාතාවරණයක් රටේ තිබුණේ. දේශපාලන පක්‍ෂ තහනම් කරලා, ඉන්දියානු හමුදා ශ‍්‍රී ලංකාවට ඇවිල්ලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන මේ වර්තමාන මහත්වරු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ වටරවුම්වල ප‍්‍රදර්ශනයට තබපු යුගයක තමයි අපි අපේ තරුණ වයස ගෙව්වේ. මළ කඳන් ගංගාවල පාවෙලා යන යුගයක, තරුණයකු වීමම මරණ වරෙන්තුවක් ලැබීමේ හේතුවක් බවට පත්වූ යුගයක, ‘ගම්පෙරළිය’ පොත ළග තිබූ නිසා තරුණයන් පොලිස් අත්අඩංගුවට පත් වූ යුගයක, ආගමික අර්ථයෙන් හෝ ‘විමුක්තිය’ කියන වචනය තිබූ පොතක් ළග තබා ගත්තත් තරුණයන් අතුරුදහන් කළ යුගයක, ‘රතුපාට පොත් ළග තියා ගන්න එපා පුතේ’ කියලා දෙමව්පියන් බියෙන් ඉල්ලා සිටි යුගයක, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක අකුරක්වත් ජීවමානව නොතිබුණු යුගයක තමයි අපේ තරුණ වයස ගෙවිලා ගියේ. (බ)
ලෝකේ කොහෙද මේ වගේ...(බ)
මෙහෙම පාරේ ඇවිදින්නේ මහින්ද මහත්තයට පින් සිදු වෙන්න.. නැත්නම් මෙයාලා මැරිච්ච තැන්වල ගස් පැල වෙලා මේ වෙනකොට.. මම හරිද ?? (ම)
ඔය යන්නේ ඩබල් දාලා..(ම)
තිලක්-ඩුබායි කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)
අනුරාධපුර පොළොන්නරුව වැනි අපටම උරුමවූ ස්ථාන තිබියදී යටත් විජිත සමයේ ස්ථාන සුරැකීම මටත් ප්‍රශ්නයක් (බ)
සංජීව, ලෝක උරුම නගරයක නම් සිදුවන සෑම ප්‍රතිසංස්කරණ කටයුත්තක්ම විය යුත්තේ පුර විද්‍යා දෙපාර්තමේන්තුවේ පුර්ණ අධීක්ෂණය යටතේ. ඇතුලත හෝ පිටත කිසිම වෙනසක් සිදුකළ නොහැකියි. මම වැරදිනම් නිවැරදි කරන්න. (බ)
කොළඹ පොදු වැසිකිළි 50ක‍් කඩලා දැම්මෙ කවුද? එ්‍ක හැදුවොත‍් නරකද? විජාතිකයො හදපු බිල‍්ඩින‍් පරිස්සම් කොරන‍්න බැරියැ! (බ)
අගමැතිතුමනි, නීතියෙන් ඇමති මණ්ඩලය 30 ට වඩා වැඩි කරන්න පුළුවන් ඇති. නමුත් ජනවාරි 8 පොරොන්දුව , එහෙමත් නැත්තන් ජනතා සම්මුතිය අමතක කරන්න එපා. ඔබ අපිට පොරොන්දු වුනේ 20 ට අඩු ඇමති මණ්ඩලයක්. පක්ෂ 2 එකතු වෙන නිසා මන්ත්‍රීලට ඇමතිකම් ඉල්ලලා කේවල් කරන්න බැහැ නේද?.මොකද ඒගොල්ලන්ට වෙන යන්න තැනක් නැහැනේ. අපි කැමති ඔබතුමාත් මෛත්‍රී මහත්තයත් අපිට පොරොන්දු වෙච්ච විදිහට රාජ්‍ය නොවන, රාජ්‍ය ,සහ කැබිනට් , නියෝජ්‍ය මේ සේරම එකතුව 20 ට අඩු වෙනවනම්. අපි වගේ දුප්පත් රටකට මොන විදිහේ ආණ්ඩුවක් තිබුනත් ජම්බෝ කැබිනෙට් එකක වියදම ජනතාවට දරාගන්න අමාරුයි. ඒ වගේම කිසිම ඇමති කෙනෙකුට වාහන 2 කට වඩා දෙන්න එපා. (බ)
රේස් කොස් එකේ අධ්‍යක්ෂ කව්ද කියා දන්නවනේ? (නදී)
ඇති යන්තම් කඹුරුපිටියේ ගුරයි ගෝලයයි ඡන්ද කාලේ කරපු ජරා වැඩ පෙනුනා නම්. ගොලයෝ නම් වෑන් වලට ගහපු ඩීසල් ඇතුළු කෑම බීම වලින් හොඳ ගානක් හොයාගත්තා. අනේ සර් අපිට තවම අපේ කඩවල් වලින් ගත්ත බඩුවලට ගෙව්වේ නැහැ. ගෝලයෝ දෙන්නා මාතර ඔෆිස් එකේ ඉන්න අයට බැන බැන ඉන්නවා. (නදී)
නුවන් අනුවන්. (නදී)
රන්දිතගේ අදහස හරියටම හරි. සුද්දෝ හදපු ගොඩනැගිලි ටික විතරක් ආරක්ෂා කරලා මදි. අපේ සිංහල පෞරාණික රාජමහා විහාර ප්‍රතිසංස්කරණය කරලා ආරක්ෂා කිරීම අපේ වගකීමක්. (අ)
ඒ කියන්නේ ගෝඨාභය කරපු වැඩ ටික හරි කියන එකනේ .හැබැයි උද්‍යාන ටික පෞද්ගලික අංශයට දෙන එක වැරදියි. පාටලී මොකද කියන්නේ.මෙක තමා පුද්ගලීකරණය කියන්නේ. පෝට් සිටි එකට කරන්න යන්නේ මොකක්ද? අපි අවදානයෙන්! (අ)
නුවන් මෝඩ කතා නොකිය අගමැතිතුමා කියන දේ හරියට තේරුම් ගන්න බලන්න. එතුමා කියන්නේ පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කරන්න එපා කියල නෙවේ. අලුත්වැඩියා කිරීමේදී ඒවගේ පෞරාණික බව ආරක්ෂා කලයුතු බවයි. (අ)
ඔය මහත්තුරු දන්නවද රේස් කොස් එකේ ඉතිහාසය . විකි කියවල බලන්න . දැන් එක හාත් පසින්ම වෙනස් වෙලා (අ)
නුවන් ඔබ නැවත හිතන්න වෙනවා කෙනෙක් කළ හැමදේම වැරදියට බලන්න එපා. (ම)
සියලු දේ විය යුත්තේ ඒවාට තියෙන පෞරාණීක වැදගත්කමට හානියක් නොවන විදිහටයි.එවිට තමයි එහි වටිනාකමක් තියෙන්නේ.(ම)
අපේ සිය කෙනකේ වන ඩෝසන් ගේ ඩෝසන් කුලුනත් පිළිසකර කරන්න(ම)
සුමනසිරි.ඔබේ අදහසට අපි වැනි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හදවතින්ම එකගයි .ඇමති මණ්ඩලය 20 ට වඩා ඕනෙම නැහැ.ඇමති මණ්ඩලය වැඩි කරනවා කියන්නේ නැවත ජනතාවට බදු පිට බදු ගහල අන්ත අසරණ කරනවා කියන එකයි.රටේ දනස්කන්දය තමුන්ට ඕනේ එපා කම් වලට වියදම් කරනවා කියන එකයි.මේ ටික තේරුම් ගන්න මහා ලොකු දේශපාලන දැනීමක් අවශ්‍ය වන්නේ නැහැ. (බ)
පාර්ලිමේන්තුවේ කිසිම අනුමැතියක් නැතිවම රුපියල් කෝටි ලක්ෂ දෙකක් ලංකාවේ පුද්ගලික සහ රාජ්‍ය බැංකු වලට පොලු තියල/නය කරලා කරපු සංවර්ධනය ගැන දන්නා කියන කෙනෙක් ගෝඨාභය කරපු වැඩ ටික හරි කියන්නේ නැහැ. (බ)
ඒකාධිපතිය තමන්ගේ හිතුමතේට මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් කරලා අනාගත දරු පරම්පරාවම ණය කරලා කුරුළු විමානෙක /පට්ට කැලයක ගුවන් තොටුපොළවල් ගහල දැන් වී වේලනවා.කාට කියන්නද?මේවා ජාතික අපරාධ. (බ)