IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ අක්මා රෝහල ජනපති අතින් විවෘත වෙයි

(අංජුල මහික වීරරත්න)

ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය”ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 

උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගත්තේ එම රෝහලේ සිදුකළ  සාර්ථක අක්මා ශල්‍යකර්මයකින් සුවය ලැබූ  දැරියකි.

ශ්‍රී ලංකාවේ දරුවන් සහ වැඩිහිටියන් අතර නිදන්ගත අක්මා රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින අතර අක්මාව අකර්මණ්‍ය වීම සඳහා ඇති එකම ඵලදායී ප්‍රතිකාරය වන්නේ අක්මාව බද්ධ කිරීමේ ප්‍රතිකර්මයයි. මෙම සංකීර්ණ අක්මා රෝග වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ දැනුම සහ ඒ සඳහාම විශේෂිත වූ මිලෙන් අධික උපකරණ අවශ්‍ය වේ. 

අක්මා බද්ධ කිරීමේ ප්‍රතිකර්මයක් සාර්ථකව සිදු කිරීමට හැකිවීම රටක සෞඛ්‍ය සේවාවේ වර්ධනයේ දර්ශකයක් ලෙස සැලකේ.

උතුරු කොළඹ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානය, පශ්චාත් උපාධි පුහුණුව ලබාදීම සඳහා ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතර අක්මා රෝග සම්බන්ධයෙන් උසස් තත්ත්වයේ පර්යේෂණ සිදු කරමින් ශ්‍රී ලංකාවේ අක්මා පිළිකා සඳහා පවතින ප්‍රතිකාර පිළිබඳ විශාලතම දත්ත ගබඩාව ද මෙම මධ්‍යස්ථානය භාරයේ පවත්වාගෙන යයි.



අදහස් (4)

කොළඹ අක්මා රෝහල ජනපති අතින් විවෘත වෙයි

පාඨකයෙක් Wednesday, 27 March 2024 02:23 PM

"ශ්‍රී ලංකාවේ දරුවන් සහ වැඩිහිටියන් අතර නිධන්ගත අක්මා රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින..." මීට දශක කිහිපයකට පෙර නම් අක්මාව ආශ්‍රිත රෝගීන් ලෙස මේ රටේ අසන්නට ලැබුණේ සෙංගමාලය සහ සිරෝසිස් රෝගය වැළඳුණු අය පිළිබඳවයි. නමුත් වර්තමානයේ, නිදන්ගත (chronic) අක්මා රෝග තිබෙනා දරු පරපුරක් දක්වා පැතිරී යාමට හේතු සොයා බැලිය යුතුයි. විශේෂයෙන්ම විවිධ මේද වර්ග සහ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අලෙවි කරන අවන්හල් ජාලවල අලවි කරන ආහාර පිළිබඳව විධිමත් රෙගුලාසි පැනවීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

:       1       12

Chandima Wednesday, 27 March 2024 02:39 PM

චන්දෙන් පස්සේ ඔතනින් තමා අක්මාවක් ගන්න වෙන්නේ .කලින් ඇවිත් තැන බලන් යන එක හොඳයි

:       9       9

Lal Wednesday, 27 March 2024 03:58 PM

JVP නායක රෝහණ විජේවීර සහෝදරයාගේ බලාපොරොත්තුව ඉටු කරමින් ... පූර්ණ සමාජවාදය වෙනුවෙන් - JVP අපි...

:       14       4

Nimal Wednesday, 27 March 2024 06:22 PM

අපේ සෞඛ්‍ය සේවයේ අඩුපාඩු ගොඩක් තිබුණත් විවිධ මිනුම් දර්ශකවලින් බැලුවාම ඒ්ක විතරයි දියුණු රටවල් ඒක්ක යම් මට්ටමකට හරි සසඳන්න පුළුවන්. ලංකාවේ ඉංජිනේරු, එකවුන්ටින් වගේ ක්ෂේත්‍රවල ඉන්න අයගෙන් රටේ දියුණුවට ලොකු දෙයක් කරන්න පුළුවන් වුණත් වෙලා නෑ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site