IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළොන්නාවේ දේශපාලන ලැව් ගින්නක්

අද සවස කොළොන්නාවේ දේශපාලන ලැව් ගින්නක් පැතිර ගියේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක විමල් වීරවංශට සහාය දීමේ රැස්වීමකදී මොකක්දෝ හඬක් ඇසුණු බව එහිදී කියවිණි.

රැස්වීමේ ප්‍රධාන කතිකයා විමල් වීරවංශ මහතාලු. ඒත් ඔහු මේ රැස්වීම වන විට සිටියේ අනුරාධපුරයේලු. එහි රැස්වීමක්ද තිබුණේ නැතිලු. එහෙත් නොතිබූ රැස්වීමේ මහ හඬක් ඇසුණු බව හැමතැනම පැතිරී ගියාලු. පොලිස්පතිටත් ආරංචි වුණාලු. ‘එය හොයා බැලුවා. එහෙම තොරතුරක් නැහැ‘යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අපේ වාර්තාකරු ශාන්ත සෙනෙවිරත්න කලින් කීවේ වෙඩි පත්තුවීමක් ගැන ආරංචි වූ බවයි. එතැනට යන බවද ඔහු කීවේය. මිනිත්තු 5කට 10කට පමණ පසු ඔහු කීවේ රැස්වීමක් ඒ පළාතේවත් නැති බවයි. විමල් වීරවංශද එහි නොපැමිණි බවයි. මේක හරියට කාක් පිහාට්ටක් දුටු මිනිසාගේ කතාව වගේලු. අන්තිමට කතාව ගියේ එතැන කාක්කන් 7 දෙනකු මැරී සිටි විදියටලු.

 



අදහස් (0)

කොළොන්නාවේ දේශපාලන ලැව් ගින්නක්

බිමල් Thursday, 16 July 2015 01:58 PM

ඇත්තටම එහෙම සද්දයක් තියෙන්න ඇති. ඇයි ඉතින් අරකට අනුරාධපුර ඉඳලා කොළඹට ඇහෙන්නේ නැති එකක්යැ. (ස)

:       0       0

දුමින්ද Saturday, 18 July 2015 04:56 AM

වීර වංශය ලියනවා ඇති (නදී)

:       0       0

ශිරන්ති Sunday, 19 July 2015 01:24 AM

මොහුගෙන් යම් අයෙකුට අසාදාරනයක් වී ඇත්නම් කරුණාකර ලඟම තිබෙන පොලිසියට පැමිණිලි කරන්න. (නදී)

:       0       0

විදුර - කුවෛට් Friday, 17 July 2015 01:46 AM

බොරුව ඇත්ත කරලා නැති ප්‍රතිරුප දීල ජනතාව මුලා කිරීම විතරයි දැන් පවුල් දේශපාලනයට ඉතිරිවෙලා තියෙන්නේ. දේශපාලන බංකොලොත් බාවය වෙන හංගන්නේ කොහොමද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site