අද සවස කොළොන්නාවේ දේශපාලන ලැව් ගින්නක් පැතිර ගියේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක විමල් වීරවංශට සහාය දීමේ රැස්වීමකදී මොකක්දෝ හඬක් ඇසුණු බව එහිදී කියවිණි.
රැස්වීමේ ප්‍රධාන කතිකයා විමල් වීරවංශ මහතාලු. ඒත් ඔහු මේ රැස්වීම වන විට සිටියේ අනුරාධපුරයේලු. එහි රැස්වීමක්ද තිබුණේ නැතිලු. එහෙත් නොතිබූ රැස්වීමේ මහ හඬක් ඇසුණු බව හැමතැනම පැතිරී ගියාලු. පොලිස්පතිටත් ආරංචි වුණාලු. ‘එය හොයා බැලුවා. එහෙම තොරතුරක් නැහැ‘යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
අපේ වාර්තාකරු ශාන්ත සෙනෙවිරත්න කලින් කීවේ වෙඩි පත්තුවීමක් ගැන ආරංචි වූ බවයි. එතැනට යන බවද ඔහු කීවේය. මිනිත්තු 5කට 10කට පමණ පසු ඔහු කීවේ රැස්වීමක් ඒ පළාතේවත් නැති බවයි. විමල් වීරවංශද එහි නොපැමිණි බවයි. මේක හරියට කාක් පිහාට්ටක් දුටු මිනිසාගේ කතාව වගේලු. අන්තිමට කතාව ගියේ එතැන කාක්කන් 7 දෙනකු මැරී සිටි විදියටලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම එහෙම සද්දයක් තියෙන්න ඇති. ඇයි ඉතින් අරකට අනුරාධපුර ඉඳලා කොළඹට ඇහෙන්නේ නැති එකක්යැ. (ස)
වීර වංශය ලියනවා ඇති (නදී)
මොහුගෙන් යම් අයෙකුට අසාදාරනයක් වී ඇත්නම් කරුණාකර ලඟම තිබෙන පොලිසියට පැමිණිලි කරන්න. (නදී)
බොරුව ඇත්ත කරලා නැති ප්‍රතිරුප දීල ජනතාව මුලා කිරීම විතරයි දැන් පවුල් දේශපාලනයට ඉතිරිවෙලා තියෙන්නේ. දේශපාලන බංකොලොත් බාවය වෙන හංගන්නේ කොහොමද? (නදී)